මැයි මස 22 වැනිදා ප්‍රංශයේදී නිමාවට පත්වන 'කෑන්ස්' සිනමා සම්මාන උලෙළ සඳහා එක්වීමට බොලිවුඩ් හා කොලිවුඩ් සිනමා නිළි ඇමී ජැක්සන්ටද අවස්ථාව ලැබී තිබේ. බ්‍රිතාන්‍ය මෝස්තර නිරූපිකාවක් වන ඇමී ජැක්සන් පසුගිය කාලයේ ලොවපුරා වඩාත් ජනප්‍රිය වූයේ ආක්ෂේ කුමාර් සමගින් රඟපෑ 'සිං ඊස් බිල්න්ග්' හා වික්‍රම් සමගින් රඟපෑ 'අයි' චිත්‍රපට ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක වීම හේතුවෙනි. මෙවර 'කැන්ස්' සිනමා සම්මාන උලෙළ සඳහා ඇමී සමගින් බොලිවුඩයේ සුපිරි නිළියන් දෙදෙනෙකු වූ අයිශ්වර්යා රායි බච්චන් හා සෝනම් කපූර්ද එක්වීමට නියමිතව තිබේ. සෝනම් හා අයිශ්වර්යා දෙදෙනා මීට පෙර මෙම සම්මාන උලෙළ සඳහා සහභාගී වී ඇතිමුත් ඇමි මෙම සම්මාන උලෙළ සඳහා පළමු වතාවට එක්වීම විශේෂත්වයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd