ඉන්දියා ව්‍යාපාරිකයකුගේ රුපියල් කෝටි 9 කට ආසන්න මුදලක් වංචා කළැයි කියන ආක්ෂා සුදාරි නිළිය සිය ඇප කොන්දේසි ලිහිල් කරන්නැයි උසාවියේ අවසර ඉල්ලුවාය.
දැනට ඇප මත සිටින ඇය සෑම ඉරිදාවකම රහස් පොලිසියේ පෙනී සිටිය යුතු යැයි අධිකරණය නියෝග කර ඇත.
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයක ආයෝජනය කිරීම සඳහා ඉන්දියා ව්‍යාපාරිකයකු වන ගෝපිරාජ් කාවලන්ගිල් 2015 මැයි මාසයේදී දුන් මුදල් එසේ වංචා කර ඇතැයි කියති.
ඩුබායි එම්.බී පැට්‍රෝලියම් ආයතනයේ ගණකාධිකාරිවරයකු වන පැමිණිලිකරු වසර ගණනක් තිස්සේ සුදාරි සමඟ සමීප සබඳතා පැවැත්වූ බව කියති.
ඉන්දියා ජාතිකයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කියා සිටියේ ඇප කෝන්දේසි ලිහිල් කිරිමට තමා විරුද්ධ බවයි. එමගින් ඇයට රට යාමට පවා ඉඩ ඇතැයි ඔහු කීවේය.
පැමිණිල්ල නීතිපතිට වාර්තාවක් යැවීමට බලාපොරොත්තු වන හෙයින් විභාගය කල් තබන්නැයි රහස් පොලිසිය ඉල්ලා සිටියේය.
වැඩිදුර විභාගය දෙසැම්බර් 17 ට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුගේගොඩදී "ගුවන් පාලම යට" චිත්තර පටයේ සටන් ජවනිකා තවත් කාන්තාවන් දෙදෙනෙකු සමග නිරුපනය කළේ මෙයාද ? (අ)
ඇපය ඉවත්කර , නඩුව ඉවර වෙනතුරු මෙයාව රිමාන්ඩ් කරන්න තියෙන්නේ , එවිට අර වංචා කර ගත් මුදල් නීති වේදීන් වෙනුවෙන් වැය කරමින් , කරපු වංචාවේ තරම වැටහෙන්න ඉඩ තියෙනවා , ඕක තමා නියම දඬුවම (බ)
මෙහෙම විදේශ විනිමය ඉපයීම හරිනම් අපි වැඩිපුර ව්‍යාප්ත කරන්න ඕන. අසරණ මිනිස්සු 1000 ගානක් පිටරටවල වහල් කම් කරලා ගෙන විනිමය මේ නංගි තනියම බොහොම ලේසියෙන් ගෙනල්ලනේ....(රේ)
ලස්සන කාන්තාවක් දැක්කම දපනේ වැටිලා අතේ තියන මුදල් ටික නැතිකර ගන්න අයට හොඳ පාඩමක්. පිරිමියෙකුට උදව්වක් අවශ්‍ය උනාම හැරිලාවත් බලන්නේ නැති පිරිමි ගැහැනුන්ට අතේ තියන දේත් වියදම් කරගෙන මොනතරම් නම් උදව් කරනවාද? එහෙම කරලා යටි අරමුණු ඉෂ්ඨ කර ගන්න බැරුව ගියාම කාන්තාවන්ටම දොස් කියනවා. අපි දන්නවනේ කට්ටියගේ තරම....(රේ)
හොඳ රඟපෑමක්..(රේ)
මෙයාට රැවටුන විදේශිකයාට මේක හොඳ පාඩමක්. (නි)
සල්ලි තිබෙන පිරිමි අල්ලගෙන බැඳගෙන, දික්කසාද කරලා කෝටි ගණන් ඉල්ලීම සහ සල්ලි තිබෙන ව්‍යාපාරිකයො අල්ලාගෙන සූරාකෑම අද වසංගතයක් වෙලා. ඉක්මනින්ම කෝටිපතියෙක් වෙන්න පහසුම වැඩේ තමයි මේක (නි)
භද්‍රානි, ඔබේ අදහස අනර්ඝ අදහසක් (නි)
දික්කසාදයේදි කාටහරි වන්දියක් දෙන්න තීරණය කරන්නේ එයාට වුණ අසාධාරණයට නේද? එතකොට අපේ රටේ අසාධාරණකම් වෙලා තියෙන්නේ ගැහැණුන්ට විතරද? පිරිමි රවටලා, බොරු කියලා, ලෙඩ හංගලා බැඳගෙන පිරිමින්ට දසවද දෙන භාර්යාවෝ අද වැහිවැහැලා. ඇයි පිරිමින්ට වන්දි නොදෙන්නේ? අනික කාන්තාවෝ සම තැන ඉල්ලනවා. වන්දි, නඩත්තු වලදි සම තැන ගැන කතා නැහැ. (නි)
භද්‍රානි, දී කිරට බළල්ලුත් සාක්කිලු (නි)
ස්ත්‍රිය සමඟ ආශ්‍රය ප්‍රවේශමෙන්! මම නම් කැමති නැහැ කොහොමත් නැති ප්‍රශ්න ඇතිකර ගන්න (නි)
අද කාලේ ඉන්නේ ඉස්සර හිටපු අහිංසක කාන්තාවෝ නෙමෙයි. (නි)
“කාන්තාවෝ සම තැන ඉල්ලනවා. වන්දි, නඩත්තු වලදි සම තැන ගැන කතා නැහැ. “ මේක නම් සහතික ඇත්ත. නීතිය නම් කාටත් සාධාරණ වියයුතුයි. (නි)
සල්ලි වලට ජාති ,ආගම් භේද නොමැති බව ඇය ඔප්පුකර පෙන්නුවා. (නි)
නීතිපති උපදෙස් බලාපොරොත්තු වෙනවා කියලා නේද තියෙන්නේ? එහෙනම් හරි.(ම)
බාඳුරා මලක්, විදේශීය බඹරෙක් , එකදේශීය මලක් නිසා දුකක් දැනෙනවා. (ම)
සල්ලි නිසා මේවගේ වැඩ කරන ගෑණුන්ට මොකද කරන්න ඕනේ? අද කාලේ හුඟක් පවුලු අවුල් වෙන්නෙත් මේ ටයිප් එකේ බවලතිලා නිසා තමයි. පොඩ්ඩ බැරිවෙනකොට දානව නඩත්තු නඩු. එහෙම නැත්නම් වන්දි නඩු. බැඳගත්තු මිනිහාගෙ අවසානේ තමයි ඉතිං.(බ)
ඉන්දියන් කාරයෝ අපේ රටට කරන දේවල්වල හැටියට මෙහෙම හරි රිටර්න් එකක් දෙන එක වටිනවා ! (බ)
කෝනාර ගේ අදහස සාධාරණය පිරිමින්ට සහ කාන්තාවන්ට සමතැන දෙන සමාජයක දික්කසාද වන්දි වැනි දේ වලදි නිතරම පිරිමියා ගැහැණියට වන්දි ලබාදීම තමා බොහෝවිට සිදු වෙන්නේ , මෙම ක්‍රමය වැරදිය . යුරෝපයේ බොහෝ රටවල ක්‍රියාත්මක වෙන්නේ ගැහැණිය හෝ පිරිමියා කියා බලන්නේ නැතුව පුද්ගලයාගේ ආර්ථික තත්වය සහ විවාහයකදී එක පුද්ගලයෙකු ගෙන් අනෙකට යම්කිසි අසාධාරණයක් සිදුවෙලාද යන කරුණු කාරණා සොයා බලා වන්දිය තීරණය කිරීම සිදු කිරීම (බ)
මුදල් හදල් යහමින් තිබෙන පිරිමින් සමඟ යාළුවෙලා රවට්ටලා සල්ලි කඩාගන්න එක සමහර කාන්තාවෝ කරන දෙයක්. බුරුලක් දෙන්න නරකයි. අනෙක් අයටත් පාඩමක් වෙන්න වැරදිකරු වුණොත් දැඩි දඬුවම් දියයුතුයි. (නි)