2009 බම්බලපිටිය මුහුදු වෙරළේ දී මන්ද මානසික පුද්ගලයකු ගිලී මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පතිරාජගේ රාජා ඇප කරුවන් නොමැතිව තවමත් රිමාන්ඩ් බාරයේ පසුවෙයි.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියේ දී මේ බව හෙළි විය.
රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හරින ලෙස මහාධිකරණය නියම කළත් තමාට ඇප දීමට කෙනකු නැතැයි ඔහු කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට දැනුම් දුන්නේය.
බලවර්ණන් ශිවකුමාර් නම් එම පුද්ගලයාගේ මරණයට තමා කිසි ආකාරයකින් සම්බන්ධ නැතැයි ද, තමා වැල්ලට ගියේ ඔහු බේරා ගන්නට යැයි ද, එසේ කළා පොලිසිය තමාට බල කළ නිසා යැයි ද රාජා උසාවියට කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇප දීම කෙසේ වෙතත් මෙපමණ පුද්ගලික සහ කැමරා සාක්ෂි තිබෙද්දිත් මෙම මිනීමැරුම් නඩුව අවරුදු 4 ගතවෙලත් විසදීමට නොහැකි වී ඇත්තේ කගේ දුර්වලකමක් නිසාද යන්න ගැන ඇප අවධානය යොමු කල යුතුය .(දිල්)
මගේ මතකය හරිනම් මේ ඒ පොලිස්කාරයා නොවෙයි. එයා හිරේදීම මැරුණා. මේ තව අහිංසකයෙක්. (අ)
සත්‍යයාට සිද්ධිය මතකයි. අනිත් අයනම් නිකන්ම අදහස් දක්වලා තියෙන්නේ. (දී)
. සමහරවිට මේ මිනිහා අහිංසක මිනිහෙක් වෙන්න ඉඩ තියනවා. (අ)
මෙයා පොලිස් කාරයෙක්ද ? සිවිල් කෙනෙක්ද ? (අ)
නඩුව අවරුදු 4 ගත වෙලත් විසදන්න බැරි මොකද?(නදී)
පොලිසිය අහිංසකයෙක් අමාරුවේ දාලා වගෙයි? (අ)
දැන් තේරෙනවද ඇත්තටම මන්ද මානසිකත්වය තිබුනේ කාටද කියලා? (අ)
දෙනෝ දාහක් බලා සිටියදී ඒ අහිංසකයා දොහොත් ඔසවා මේ පාපතරයාට වඳිද්දීත් ඔහු ලොකු පොල්ලකින් ගසමින් ඒ තරුණයාව ගැඹුරු දියඹට ම යැව්වා. මේ සියලුම සිදුවීම් කැමරා ඇසට හසුවී තිබියදීත් මේ පොලිස්කාරයා තමා කළ වරද පොලිස් දෙපාර්තමේන්තුවට පටවන්න උත්සාහ කරන අන්දම කොතරම් පිළිකුල්ද ?(අ)