IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඇප දෙන්න ඇවිත් ඉල්ලන් කයි

සැකකරුවකුට ඇප දීමේ බලාපොරොත්තුවෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියට ආ පුද්ගලයකු උසාවියට බාධා වන අයුරින් රිමාන්ඩ් සිරකරුවකු සමග මහ හඬින් කතා කිරීමේ වරදට බරපතල වැඩ සහිතව දින 14ක් සිර ගෙට නියම කරන ලෙස මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

කොළඹ කොම්පඤ්ඤවීදියේ මොහොමඩ් නූර්දීන් නම් වූ ඔහුට රුපියල් 3000ක දඩයක් ද නියම විය.

ඔහු අත්අඩංගුවට ගන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළ පසු ඔහු ටික දුරක් දිවූ නමුත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

 



අදහස් (0)

ඇප දෙන්න ඇවිත් ඉල්ලන් කයි

ලලිත් පෙරේරා Friday, 21 March 2014 04:15 AM

සමහර මිනිස්සු ටිකක් සද්ද කරලා කතා කරනවා. ඒකේ කාටවත් අපහාසයක් වුනේ කොහොමද? අපේ රටට උගත් පරිනත පුද්ගලයන් උසස් තනතුරු වලට පත් වෙනවා නම්? (නදී)

:       0       0

මනෝ Friday, 21 March 2014 05:09 AM

නොදැනුවත් කම නිසා කරපු වැරැද්දක් වගෙයි පෙනෙන්නේ. අවවාද කරලා නිදහස් කලානම් ඒ පුද්ගලයා අයෙත් වැරැද්ද කරන එකක් නෑ. කොහොම වුනත් අධිකරණයේ තීන්දුවට සියලුදෙනා හිස නැමිය යුතුයි. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 21 March 2014 07:24 AM

මට මතක් වෙන්නේ පොන්සේකා මහත්තයාගේ සුදුකොඩි නඩුවේ තීන්දුව දීපු දවසේ කළු කෝට් කාරයෝ උසාවියේ යකා නටපු හැට්. පුටු පොළොවේ ගහලා මේස උඩ නැගලා. එතකොට උසාවියට අපහාස වුනේ නැද්ද? (නධී)

:       0       0

රොහාන් Friday, 21 March 2014 09:09 AM

මේ අයගේ ඔය ජම්මේ හැටි. ගිය තැන ගා ගන්නවා.(නදී)

:       0       0

ලහිරු Friday, 21 March 2014 10:41 AM

සිසිර හරි වගේ.(නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 20 March 2014 09:37 PM

හොඳ වැඩේ...මාස හයකට විතර යවන්නයි තිබුණේ. (ත)

:       0       0

නන්දනී Thursday, 20 March 2014 10:23 PM

වදින්න ගිය දේවාලේ හිසේ කඩා වැටිලා (දී)

:       0       0

නුරාන් Thursday, 20 March 2014 10:23 PM

අයියෝ දෙයියනේ මෙහෙමත් දේවල් (දී)

:       0       0

සිසිර Thursday, 20 March 2014 10:33 PM

උසාවියට ගල් ගහපු ඇමති එළියේ ටිකක් හයියෙන් කතා කරපු කෙනා ඇතුලේ අනේ මෙහෙම ලෝකයක්..................(දී)

:       0       0

සඳුන් Tuesday, 25 March 2014 03:01 AM

බන්දුල පෙරේරා, සරත් ෆොන්සේකා හිරේ දාපු එක පෙනුනා. ඇයි මේ ලඟදි උසාවියට ගල් ගැහුවේ. ඒක පෙනුනේ නෑ. පොඩි හරි මොලයක් නැද්ද ඔය තරමට කඩේ යන්නේ.(නදී)

:       0       0

ජනිත Thursday, 20 March 2014 10:59 PM

සිසිරගේ කතාව හරියටම හරි. නීතියේ කියවෙන සමානාත්මක බව අද විහිළුවක් වෙලා. (දී)

:       0       0

ගාබ්රියෙල් Friday, 21 March 2014 12:24 AM

සති දෙකක් ඇතුලේ ඉඳලා හොඳ හොඳ පාතාල කාරයෝ ආශ්‍රය කරලා රටටම පිළිලයක් වෙලා එළියට එයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site