සැකකරුවකුට ඇප දීමේ බලාපොරොත්තුවෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියට ආ පුද්ගලයකු උසාවියට බාධා වන අයුරින් රිමාන්ඩ් සිරකරුවකු සමග මහ හඬින් කතා කිරීමේ වරදට බරපතල වැඩ සහිතව දින 14ක් සිර ගෙට නියම කරන ලෙස මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
කොළඹ කොම්පඤ්ඤවීදියේ මොහොමඩ් නූර්දීන් නම් වූ ඔහුට රුපියල් 3000ක දඩයක් ද නියම විය.
ඔහු අත්අඩංගුවට ගන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළ පසු ඔහු ටික දුරක් දිවූ නමුත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර මිනිස්සු ටිකක් සද්ද කරලා කතා කරනවා. ඒකේ කාටවත් අපහාසයක් වුනේ කොහොමද? අපේ රටට උගත් පරිනත පුද්ගලයන් උසස් තනතුරු වලට පත් වෙනවා නම්? (නදී)
නොදැනුවත් කම නිසා කරපු වැරැද්දක් වගෙයි පෙනෙන්නේ. අවවාද කරලා නිදහස් කලානම් ඒ පුද්ගලයා අයෙත් වැරැද්ද කරන එකක් නෑ. කොහොම වුනත් අධිකරණයේ තීන්දුවට සියලුදෙනා හිස නැමිය යුතුයි. (නදී)
මට මතක් වෙන්නේ පොන්සේකා මහත්තයාගේ සුදුකොඩි නඩුවේ තීන්දුව දීපු දවසේ කළු කෝට් කාරයෝ උසාවියේ යකා නටපු හැට්. පුටු පොළොවේ ගහලා මේස උඩ නැගලා. එතකොට උසාවියට අපහාස වුනේ නැද්ද? (නධී)
මේ අයගේ ඔය ජම්මේ හැටි. ගිය තැන ගා ගන්නවා.(නදී)
සිසිර හරි වගේ.(නදී)
හොඳ වැඩේ...මාස හයකට විතර යවන්නයි තිබුණේ. (ත)
වදින්න ගිය දේවාලේ හිසේ කඩා වැටිලා (දී)
අයියෝ දෙයියනේ මෙහෙමත් දේවල් (දී)
උසාවියට ගල් ගහපු ඇමති එළියේ ටිකක් හයියෙන් කතා කරපු කෙනා ඇතුලේ අනේ මෙහෙම ලෝකයක්..................(දී)
බන්දුල පෙරේරා, සරත් ෆොන්සේකා හිරේ දාපු එක පෙනුනා. ඇයි මේ ලඟදි උසාවියට ගල් ගැහුවේ. ඒක පෙනුනේ නෑ. පොඩි හරි මොලයක් නැද්ද ඔය තරමට කඩේ යන්නේ.(නදී)
සිසිරගේ කතාව හරියටම හරි. නීතියේ කියවෙන සමානාත්මක බව අද විහිළුවක් වෙලා. (දී)
සති දෙකක් ඇතුලේ ඉඳලා හොඳ හොඳ පාතාල කාරයෝ ආශ්‍රය කරලා රටටම පිළිලයක් වෙලා එළියට එයි. (නදී)