උද්ඝෝෂණ ව්‍යාපාරවලට සහභාගී විය නොහැකි වන පරිදි සහ කිසිදු විශ්ව විද්‍යාලයකට ඇතුළු විය නොහැකි ලෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාරට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පනවා ඇති ඇප කොන්දේසි ඉවත් කරන ලෙස නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා අද කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කළේය.
එම ඇප කොන්දේසි මගින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව කී නීතීඥ කුමාරප්පෙරුම මහතා මහාධිකරණයේ ගොනු කළ අභියාචන නඩුව අවසන් වන තෙක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ සංජීව බණ්ඩාර සම්බන්ධ නඩු විභාගය අත්හිටුවන ලෙස ද ඉල්ලා සිටියේය.
සංජීව බණ්ඩාර වෙනුවෙන් ඉදිරිපත් කළ අභියාචන පෙත්සමේ නීතිපති වගඋත්තර කරුවකු ලෙස නම් කර නැති හෙයින් එය සංශෝධනය කර නැවත අඟහරුවාදා (21) ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ විනිසුරු නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව හිමිකම් උල්ලංගනය කිරීමක් (දී)
අනේ විනුසුරු තුමනි කියන තැනකට උදේ හවහ වඳින්නම් ඔය කියන කොන්දෙසිනම් ඉවත් කරන්න එපා, අපේ දරුවන්ට නිදහසේ ඉගෙනගන්න පුළුවන් දැන් (දී)
අපටත් හැඟෙන්නේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙසටයි (දිල්)
අනේ කොල්ලෝ නිදහස් අධයාපනය වෙනුවෙන් පෙනී සිටින එක නවත්තල ටිකක් කඩේ ගියානම් සැපට කාල ඇඳලා ඉන්න තිබුනා.(නදී)
වන මෘගයින් පවා මිනිසුන්ට කඩා පනින්නේ ඌට දැනෙන භිය නිසා කියන එක විද්‍යාත්මක මතයක්. ඒ කියන්නේ හැම දෙයින්ම සන්නද්ධව හිටියත් විශ්ව විදයාල කොල්ලෙකුට බයයි.(නදී)
මෙයාගෙ ඇප කොන්දේසි ඉවත් කළොත් අනික් දරුවන්ගේ මූලික අයිතිවාසිකම් කැඩෙනවා(දිල්)
නිදහස් අධාපනය නැතුව ගෙවන අධ්‍යාපනය තිබුණා නම්, කිසි ප්‍රශ්නයක්,උද්ඝෝෂණයක් නැතුව කට්ටිය ගානට අධ්‍යාපන කටයුතු ටික කරගෙන යයි.(දිල්)
ඉගෙනගන්න ළමුන්ට ඉගෙනගන්න ඉඩ දීල තමන්ගේ යහපතට යමක් කර ගත්ත නම් හොඳයි. (දී)