පසුගියදා ඔහු යුග දිවියට එළැඹි පුවත සුවහසක් ක‍්‍රිකට් ලෝලීන් හට අලූත් ආරංචියක් නොවෙයි. මේ පවසන්නට සූදානම් වන්නේ මේ තරුවගේ ජීවන සහකාරියවූ ඒ වාසනාවන්තිය ගැන විස්තරයි.
|
|
|
|
ඇය හේෂානි ද සිල්වාය.
කවුද මේ සොඳුරු මනාලිය?
ඊට පෙර ඇන්ජලෝ මැතිව්ස් හෙවත් ඇන්ජි හෙවත්, ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ බොහෝ දෙනා ආදරයට අමතන ”කලූවා” වන ඇන්ජලෝ මැතිව්ස් ගැන විස්තර ටිකක් දැන ගනිමු.
1987 ජුනි 2 වැනිදා කොළඹදී උපත ලද ඇන්ජලෝ අඩි 6 ක් උසැතිය. බර්ගර් ජාතික පියාගේ නම ටිරෝන් මැතිව්ස්ය. ඔහුද ක‍්‍රිකට් පුහුණුකරුවෙකි. සිංහල ජාතික මව මොනිකා මැතිව්ස්ය. එක් වැඩිමල් සොහොයුරකු සහ නැගණියක ඇන්ජලෝ ට සිටී. 2006 දී වයස 19 න් පහළ ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ඇන්ජලෝ හෙවත් ආදරණීය ”කල්ලා” පසුගිය ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේදී පුනේ වොරියර්ස් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ඉහල මිලක කොන්ත‍්‍රාත්තුවකට එළැඹි බව වාර්තා වේ. ඒ වෙන කිසිවක් නිසා නොව ඔහුගේ දක්‍ෂතා නිසාමය. 2009 වසරේදී ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අවතීර්ණවූ ”කල්ලා” එක්දින පිටියට තම හැඩකාර කාල වර්ණය එක් කළේ 2008 නොවැම්බරයේදී සිම්බාබ්වේට එරෙහිවය. එතැන් සිට ශ්‍රී ලාංකීය ක‍්‍රිකට් ලෝලීන් අතර ජනප‍්‍රිය තරුවක් වුවද ඔහුට මේ හැඩකාර පෙම්වතිය මුණ ගැසුණේ 19 න් පහළ කණ්ඩායමේ ක‍්‍රීඩා කරන අවදියේදීය. එකල මේ දෙදෙනා අතර තිබී ඇත්තේ මිතුරුකමක් පමණි. ඒ යාළු මිත‍්‍රකම ආදරණීය හැඟීමකට පෙරළුන කල තම ඇරදණීය හැඟීම් ඇන්ජලෝ හේෂා ට පවසා තිබේ.
”අම්මෙ එයා මගෙන් අහුවා. හැබැයි තවම මම කැමැත්තක් නම් දුන්නේ නැහැ.”
හේෂා ගෙදර ඇවිත් අම්මා ශ්‍යාමා හට එහෙම කිව්වාලූ. ඒ අතීතය ගැනත් තම පවුලේ විස්තර ගැනත් හේෂාගේ මව පැවසුවේ මෙලෙසිනි.
හේෂානි දුව පවුලේ දෙවැනියා. එයාගේ අක්කගේ නම ප‍්‍රශානි ද සිල්වා. ඇය විවාහකයි. සැමියා සහ දරුවා සමග ඇය පදිංචිවෙලා ඉන්නේ ඇමරිකාවේ. පවුලේ බාලයා ෂෙනාලි දුව තොරතුරු තාක්‍ෂණ අංශයේ උපාධිය හදාරනවා. හේෂානි දුව ඉගෙන ගත්තේ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයෙන්. එයා කළමනාකරණ අංශයේ MBA උපාධිය හමාර කළා. කාලයක් MAS ආයතනයේ සේවය කළා.
ඇත්තටම ”හේෂා” දුව හරි කීකරු ළමයෙක්. එයා එයාගේ සියලූ කටයුතු තනියම කර ගන්න තරමේ ධෛර්යසම්පන්න චරිතයක්. දෙන්නා අතර සම්බන්ධය ගැන කීවාම ඒ දෙන්නාට දෙන්නා තේරුම් ගන්න අපි කාලයට ඉඩ දුන්නා. දෙන්නම හරි විවෘතයි. ඒ වගේම සරලයි. හේෂා දුව කිසිම දෙයක් තෝරා බේරා ගෙන ජීවිතය සංකීර්ණ කරගෙන නැහැ. හරිම සරලයි. වයසක අයට, රෝගීන්ට හරියට උදව් කරන්න කැමැතියි. ඒ කටයුතු ඇය කරන්නේ හරිම කරුණාවෙන්. මේ ඔක්කෝම දේවල් අතරේ හොඳ රසට උයන්නxපිහන්න පවා ඇයට පුළුවනි. හේෂා ඇත්තටම හොඳ ගුණ යහපත් දරවෙක්. අපි ගැන හිතන, අපි ගැන හොයන අපිට ආදරය කරන දරුවෙක්. කවදාවත් අපි එක්ක එකට එක කියන්නෙ නැහැ. හරි හැදිච්ච දරුවෙක්. මොනවාට හරි අපි බැන්නා නම් චුට්ටක් විතර අඬලා එයා පැත්තකට වෙලා හිටියා. ඇත්තටම හේෂාට ආදරේ මායි - සැමියායි විතරක් නෙවෙයි. එයාගෙ අක්කයිxනංගියි එයාට හරි ආදරෙයි.
හේෂානි ද සිල්වාගේ මව තම දියණිය ගැන ඒ අදහස් ප‍්‍රකාශ කළේ පුංචි නොවේ, ලොකු ආඩම්බරකමක් දරාගෙන විය හැකිය. ඒ වෙන කිසිවක් නිසා නොව, තම දියණියගේ ගුණ යහපත්කම නිසාමය. අද ඇයට ”හේෂා” යනුවෙන් අමතන්නේ ගෙදර අය විතරක්ම නොවෙයි. ආදරණීය සැමියා ඇන්ජලෝ මැතිව්ස්ද ඇයව අමතන්නේ ”හේෂා” නමිනි.
හේෂාගේ තාත්තා ප‍්‍රකට වරලත් ගෘහනිර්මාණ ශිල්පී ප‍්‍රසන්න ද සිල්වාය. තම ක‍්‍රිකට් බෑණා වන ඇන්ජලෝගේ නව නිවසේ නිර්මාණ කටයුතු සිදු වන්නේද ඔහුගේ අධීක්‍ෂණයෙන්ය. මෙලෙසින් නව කැදැල්ලක උණුසුම සොයා සෙනෙහසින් අත්වැල් බැඳගත් මේ නව යුවළ ”ඇන්ජලෝ සහ හේෂානි” හෙවත් ආදරණීය ”කලූවා සහ හේෂා”ගේ නව දිවියට අපි සුබ පතමු.
ඡායාරූප - අන්තර්ජාලය
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ දෙපලට මගෙන් සුබ පැතුම්! (නි)
හොඳයි සතුටුයි (අ)
ඔබ දෙපලගේ ජීවිතය වාසනාවෙන් පිරුණු සුන්දර ජීවිතයක්ම වේවා !!!!! (නි)
සුබ පැතුම් ඇන්ජි (ස)
දෙන්නම ගොඩක් ලස්සනයි. මම මුළු හදවතින්ම සුබ පතනවා (නි)
ඹයාලා දෙන්නට මගෙන් සුභ පැතුම් ! (ස)
රත්තරන් දුවේ ,පුතේ ඔබ දෙදෙනා පා තැබූ නව ජිවන මාවතේ කටු පදුරු,කිසිත් හමු ''නොවේවා'' කියා සතුටු සිතින් පතන අතරම වාසනා වන්ත දරු සම්පත් ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි (අ)
රටට කීර්තියක් ගෙනෙන ඇන්ජලෝ, ඔබ දෙපළට සුභ පැතුම්! (නි)
ඇන්ජි, ඔබගේ යුග දිවියට උණුසුම් සුබ පැතුම් ! (නි)
සුබ මංගලම් ජය මංගලම් (දී)
සුබ මංගලම් (දී)
ලක්ෂ ගණනක් වියදම් කරලා ඉගනගත්ත අනිත් ගැහැණු ලමයිනුත් මෙහෙම හිතනවා නම් ඉගනගත්ත පිරිමි ළමයින්ට රැකියා අවස්ථා වැඩිවෙනවා. එවිට වැඩි වැටුපකට රස්සාවක් හොයාගන්න පුළුවන්. ඒ වගේම රජයට උපාධිධාරීන්ට රැකියා දීමේ ප්‍රශ්නය බාගයක්ම අඩු වෙනවා. (නි)
සුභ පැතුම්!.........(දී)
කුමාරිහාමිදන්න දේවල්. හැබැයි ඇත්ත.
ඔබ දෙපලට මගෙන් සුබම සුබ පැතුම්. (නි)
ක‍්‍රිකට් ක්‍රීඩකයෙක් හා විවාහය යනු ඕනෑම යුවතියකගේ සිහිනයක් කියනවා. එසේ වුවත් ජාතික කණ්ඩායමේ වුවත් ක‍්‍රිකට් ක්‍රීඩිකාවක් නම් එම තරුණිය විවාහ කර නොගැනීමට එයම හේතුවක් වේ. තරුණයන් පමණක් නොව දෙමාපිය වැඩිහිටියන්ද ක්‍රීඩකයන්ට දක්වන සැලකිල්ල ක්‍රීඩිකාවන්ට දක්වන්නේ නැත. ඊට හේතුව ක්‍රීඩිකාවන්ගේ ආදායම අඩු වීමද නැත්නම් වෙන එකක්දැයි නොතේරේ. (දී)
ක‍්‍රිකට් ලොවේ තම දස්කම් බල පෙන්වා.. ලංකා පිල රකී දහඩිය කඳු සොලවා.. ඇරඹූ නව දිවියෙ කිරි පැණි ඉතිරේවා.. දේවාසිරින් ඔබ සැමදා ඔබ රැක දේවා (නි)
මගේ සුබ පැතුම් (දී)
සුභ පැතුම්! (නි)
සුභ පැතුම් ! (නි)
සුබ පතමු ඔබ දෙපලට (නි)
සුබ මංගලම්..!! ජය මංගලම්..!! යුග ජීවිතේ වාසනා!! (නි)
පොටෝ එකක් දැම්ම නම් අගෙයි නේද.(නදී)
වාසනාවන්ත යුග දිවියක් වේවා!!! (නි)
මගේ උණුසුම් සුභ පැතුම් ඇන්ජලෝ.. (ස)
කළු කොල්ලගේ හිනාව ලස්සනයි ...ඔබ දෙපලට සුබ මංගලම්! (නි)
අපගේ සුබ පැතුම් පිළිගන්න! (නි)