මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ නගරාන්තර දුම්රියේ ආසන පේළි 8 හෝ 9ක් වත් කඩා ගෙන රඹුක්කන මගී දුම්රියේ ඇන්ජිම ඇතුළට ගිය බවත් එම ආසන වල අඩුම තරමේ 24 දෙනකුවත් සිටින්නට ඇතැයි එම මැදිරියේ ගමන් ගත් පේරාදෙණිය රණවිරු රාජකීය විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනී මුතුසිවා දුෂ්‍යන්ති මහත්මිය කියන්නීය. පිටුපසින් ආ දුමිරිය තමන් ගමන් ගත දුම්රියේ හැපීමට එන බව දුටු සිය සැමියා ද ඇදෙගෙන ඉදිරියට දිව ගිය බවත් දුම්රිය දෙක ගැටෙනවාත් සමග ස්වාමි පුරුෂයා ඇද වැටී ඔහුගේ පාදයක් බිඳුණු බවත් ඇය කියයි. තමා සුළු තුවාල ලබා බේරුණු බව ද පවසයි. එකට ඇමිණී තිබූ දුම්රිය මැදිරි දෙක ඉවත් කිරීමෙන් පසු අඩුම ගණනේ එහි සිරවී සිටි සිවු දෙනකුවත් ගෙන යන්නට ඇතැයි සිද්ධිය ඇසින් දුටුවෝ කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේවා අහන්නත් දුකයි සියළු දෙනාට බුදු සරණයි