පාර්ලිමේන්තුවේදී හැමෝටම වාගේ චෝදනා මුඛයෙන් කතා කළ කෙනෙකු ගුවන් තොටුපොළෙන් යන්න ගියාම නොයෙකුත් හේතූ නිසා ගමන අවහිර තියෙනවා. හැබැයි අපේ ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් කාරුණික වෙලා ඒ අයට යන්න ඉඩ තියෙනවා. විශේෂයෙන් අගමැතිතුමාගේ මැදිහත්වීමෙන්. අපි අපිම ඇන කොටාගෙන, අපිම නැතිවෙන යුගය අපි නවත්තන්න ඕනෑ යනුවෙන් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය. අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ නිවිතිගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට සහභාගි වෙමිනි.
අද අධිකරණයේ ස්වාධීනත්වය ඇති කර තියෙනවා. රජයේ දින 100 වැඩපිළිවෙළ යටතේ තමයි ඉස්සෙල්ලාම රජයේ අගමැතිවරයෙකුට විරුද්ධව තහනම් නියෝගයක් නිකුත් කළ ආණ්ඩුවක් මේ රටේ ඇති වුණේ. ඒ රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමාට විරුද්ධවයි.
( විඩියෝ ළහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකාර - පත්වෙලා අවුරුද්දක් වෙන්නත් ආවා, විදෙස් ගත අපේ දුක් කරදර වලට මෙතුමිය යාන්තමට වත් කිසිවක් කරලා නැහැ, ඒ වුනාට රටේ තියෙන ඔක්කොම ප්‍රශ්න ගැන කතා කරනවා. (බ)
අපෙත් බලාපොරොත්තුව ඒක තමයි (නි)
මේ වෙලාවේ කළ හැකි වැදගත්ම දේ නම් ජම්බෝ කැබිනට්ටුවත් සමඟින් නැති වූ ජනතා විශ්වාසය යළි අත්පත් කරගැනීමයි. කැබිනට් සංශෝධනයකින් හෝ ඇමති මණ්ඩලය 20 ට අඩු කරන්න. මේක මෛත්‍රී පාලනයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන ප්‍රධාන පොරොන්දුවක්නේ.ජාතික ආණ්ඩුවක් හින්දා කාටවත් පනින්න තැනකුත් නැහැ. රනිල් මෛත්‍රී දෙපළ දැඩි ස්ථාවරයක සිටියොත් මේක පහසුවෙන් කරන්න පුළුවන්. අනික මෛත්‍රී මහත්තයා ජනතා විශ්වාසය දිනාගත්තොත් ඔය කව්රු නැතිවුණත් ප්‍රශ්නයක් නැහැ. ජනතා විශ්වාසය දරුණු ලෙස පලුදුවීමට ප්‍රථම කැබිනට් සංශෝධනයක් ගෙනෙන්න.ජනතාව කැමති දේ කළොත් කවුරු අකමැති වුණත් කැමති වුණත් කමක් නැහැ (නි)
වැරදි දෙයක් කළවිට එයට නිසි දඩුවම් තරාතිරම නොබලා ලබාදිය යුතුයි (නි)
දැන් ඉන්න ඇමතිවරු ඔක්කොම කෛවාරු කාරයෝ .තවම වැඩ නැහැ.රට ඉන්න අපි වෙනුවෙන් කිසිම වැඩ පිළිවෙලක් තවම යෝජනා කරලා නැහැ.වැඩ කරන්න පුළුවන් මිනිස්සුන්ට ඕන ඇමතිකම් දෙන්න.රට පුදුම විදියට අගාධයට ගිහිල්ල. අද රුපියලේ වටිනාකම කීයද. නිකම් රටට ඇහෙන්න කෑ ගහල විතරක් වැඩක් නැහැ. වැඩ ඕන .කිසිම සංවර්ධනයක් තවම නැහැ රටේ.බොරුවට පරණ වැරදි හොයා හොයා පලිගන්න එක තමයි කරන්නේ.(රේ)
වැරැද්දට දඬුවම් තවම අපි දැක්කේ නෑ. පොරොන්දු ඉටුකළොත් ගොඩ.(අ)
දිනපතා පුවත් වාර්තා කියවද්දී එකම රටාවේ පිරිසකට පමණක් අඩම් තේට්ටම්, නීති රීති ක්‍රියාත්මක වෙනවා පේනවා. හෙළයා මේ තරම් අධම වීම සුළුපටු පරිහානියක් නොවේ. (අ)
හේමන්ත අඩු කරන්න කතා කරනවා. ඔන්න අදත් අලුත් පත්වීමක් දුන්න. මටත් දෙනවා නම් මාත් ගන්නවා. කොහොමද මාසෙක පඩිය. බිරිද එතකොට නිකම්ම මගේ පෞගලික ලේකම් එයත් වැටුප් . නිකන් දෙන නිවාස. වාහන 10 ක් විතර ඒ මදිවට ඉන්ධන රියදුරෝ දුරකථන බිල අනික නිකන් හරි දියවන්නාවට යන ගානේ ලැබෙන ගතමනාව. කන්තෝරුවක් නැති වුණාට කමක් නැහැ. මොකද දැනටත් බර ගාණක් කන්තෝරු නැතුව ඉන්නේ කරන වැඩකුත් නැහැ කරන්න වැඩකුත් නැහැ. පසවන්දහසක් බුදුවෙන්න අනේ යහපාලන අධිපතිතුමෝ මට කාර්යභාරයක් නැති ඇමති කමක් වත් අර ඉස්සර වගේ ලබා දෙනු මැනවි. ඔබතුම සදාකල් අපේ අධිපති වේවා. ආයේ නම් ආප්ප වලදන්න එපා. (අ)
විදෙස් ගත අපට දෙනවා කිව්වා 2.5% පොලිය කෝ (රේ)
දැන් එතකොට අගමැතිද නිදහස් කලේ , උසවියෙන්ද නිදහස් කලේ.විමල් වෙරැද්දක් කලානම් කොහොමද රනිල් උසාවියට බලපෑම් කරන්නේ. මෙතන එතකොට කවුද වැරදී (රේ)
ඇයි මෙතුමිය මේ බොරැ කියන්නේ ? අගමැතිතුමා මැදිහත් උනානම් මොකටද අධිකරණයෙන් ඇපමත එලියට එන්නේ? (රේ)
ජනතාව මෝඩයන් ලෙස සලකීමෙ විපාකය ලගදීම ඔබට ලැබෙනු ඇත.(රේ)
එහෙමනම් ඉතින් පර්ලිමෙන්තුවෙන්ම පටන් ගන්නකො (රේ)
ලංකාව කිසිවෙකුගේ බුදලයක් නොවන බව හොඳින් මතක තබාගෙන වැඩකිරීම සියලුම ලාංකික පුරවැසියෙකුටම යහපතක්ම වන්නේය. (නි)
ජයවේවා! (නි)
හොඳයි. ඔහොම යමු (නි)
හරිම ඇත්ත ..අපි එකතුවෙලා හොඳට රට කමු (රේ)
ගහන්න ගහන්න වඳින කෙනාත් , වඳින්න වඳින්න ගහන කෙනාත් මෝඩයි කියා කියමනක් තිබෙන බව අහලා නැතුවා වගේ අපේ සමහර අය. (නි)
අයියෝ! ඉතින් එහෙම යන්න ඉඩදුන්නා නම් කෝ අධිකරණයේ ස්වාධීනත්වය? ජනතාව රවටනවා තාමත් (නි)
'ඇන කොටා ගන්නා යුගය නැති කරමු'යි කියලා හොර පාස්පොට් වලින්, කල් ඉකුත්වූ පාස්පොර්ට් වලින් පිටරට යනන් දිලා හරියනවද? සාමාන්‍ය ජනතාවටත් එහෙම කරනන දෙනවද? එතකොට කෝ රටේ නිතිය? කෝ යහපාලනය? මේවා සම්පුර්ණයෙන්ම වැරදි ආදර්ශ (බ)
රටේ ඕනෑතරම් වැරදි වෙනවා. එහෙත් මේවා රාජතාන්ත්‍රික වැරදි. රටේ කිසිම කෙනෙකුට ගමන් බලපත්‍ර දෙකක් තියෙන්න බැහැ.එහෙම වැරදිකරුවෙක් නිදහස් කරන්න කියන එකත් වැරැද්දක්. ඉතින් තව කුමන කතාද? මගේ පාස්පෝට් එකට අලුත් එකක් ඉල්ලුම් කරලා දැන් මාස 7 ක් වෙනවා. හැමදාම කතාකළත් තවම නැහැ. අපි අපේ රටට කන්න දෙන මිනිස්සු. (නි)
ඔය ගොල්ලන්ගෙ තරහ මරහ නැති කරගන්න රටේ නිතිය බල්ලට දාන්න එපා. නිතිය කාටත් පොදු වියයුතුයි. එහෙම නැතුව කොහොමද අනාගත පරපුර නිතියට බය නිතිගරුක පිරිසක් කරන්නේ. කකුලුවා ඇදේට ගිහින් පැටවුන්ට කෙලින් යන්න කියලා හරියන්නේ නැහැ. (බ)
මේ ඇමැතිවරිය ගැන තිබුණු පැහැදිම මේ මෝඩ කතාවෙන් පස්සෙ නැතිවුණා (බ)
අගමැතිතුමා වැරද්දක්නේ කරලා තියන්නේ. වර්තමාන රජය තමයි පුන පුනා කියන්නේ අධිකරණයට ඇඟිලි ගහන්නේ කියල, දැන් එයාට එවෙලම ඇපත් දීලත් ඉවරයි. අගමැතිතුමාට කිසිසේම බලයක් නැහැ ආගමන හා විගමන නිලධාරින්ට නීතිවිරෝධී නියෝග දෙන්න. අදාළ නිලධාරීන්ට රටේ සාමාන්‍ය නීතිය ක්‍රයාත්මක කරන ඉඩ දියයුතුයි. නීතිය හදන්නත් සහ කඩන්නත් මේගොල්ල තමයි. මේකද යහ පාලනය? (බ)
මේක මර විහිළුවක්. මේක ඇප දිය හැකි වරදක්ද? නීතිය ගෙන දන්නා කෙනෙක් පැහැදිලි කරවද? (බ)
අපේ පැත්තෙ මහ කකුළුවො පොඩි එවුන්ට කෙළින් යන්න කියලා දෙනවා.... ඒ කියන්නේ??? පොඩි කකුළුවො කෙළින් අතට ගමන් කරනවා???....නෑ නෑ... උන් ඔක්කොම ඇදේට යනවා...(බ)
අනේ ඔව්. ඒක නම් ඇත්ත (නි)
ඇනකොටා ගන්නා ක්‍රමය බිහිකර තිබෙන්නේ දේශපාලකයායි ...රට සම්පුර්ණයෙන් අස්ථාවර වුනේ අවස්ථාවාදී පක්ෂ දේශපාලනය නිසයි (බ)
ඡන්ද වේදිකාවේදී කිවුව දේවල් අපිට තවම මතකයි (නි)