විධායක ජනපති ක්‍රමය හා සමානුපාතික ඡන්ද ක්‍රමය අහෝසි කිරිම , රාජ්‍ය සේවයේ අවම වැටුප රුපියල් 30,00 දක්වා වැඩි කිරීම පෞද්ගලික අංශයේ හා වතුකරයේ වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 28 ක් දිනා ගැනීමට සියළු වෘත්තිය සමිති හා සමාජවාදී ජනතා පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් එක් වී මහා වැඩ වර්ජනයක් කැඳවීමට සුදානම් බවජාතික භාෂා හා ජාතික ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානයක්කාර මහතා පවසයි.
මෙවර මැයි දිනය දේශපාලන පක්ෂ පහක් එක් වී නුගේගොඩ පැවැත්වීමට හේතු දක්වමින් බොරැල්ල ආචාර්ය එන් එම් පෙරේරා මධ්‍යස්ථානයේ පැවැතිපුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.
ජාතීවාදී ආගම්වාදී ජනවාර්ගික ගැටුම් ඇති කරවන සුළු ජාතිවාදී සංවිධාන වලට දඩුවම් පමුණුවන ලෙස නීතී සංශෝධනය කරන ලෙස තමා ඇමැති මණ්ඩලයටත් සන්දේශයක් ඉදිරිපත් කළ බව ද ඇමැතිවරයා පැවසීය.
රාජ්‍ය සේවක දෙවසරේ විශ්‍රාම පාරිතෝෂිකය බැංකුවේ ණයක් හැටියට ලබා දීමට තමා තරයේ විරුද්ධ වන බව ද ඒ මහතා කීවේය.
ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් වන තිස්ස විතාරණ , ඩීව් ගුණසේකර ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ජාතික සංවිධායක අසංක නවරත්න,ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ එස් සුදුසිංහ හා වෘත්තිය සමිති නායක ඩී එම් ඩී අබේරත්න යන මහත්වරු මේ අවස්ථාවට එක් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සාදුකීන් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියව්" කිව්වට හොඳට අත පය ගහල නැගිටලා ඉන්නේ වාසු, ඩියු, තිස්ස විතාරණ වගේ "සහෝදරයෝ" විතරයි. ඇත්තෙන්ම බඩගින්නේ හිටපු අය නැගිටින්න බැරුවම වලපල්ලට ම ගියා.(දී)
සියලු අනවශ්‍ය වියදම් කපාහැරීමෙන් බොහෝ ගැටළු වලට පිළිතුරු ලැබෙනු ඇත (නි)
අනේ මන්දා, ඒ ගමන මොනවා කරන්න හදනවද කියලා (නි)
එදා සිට අද දක්වා කළ දේවල් දිහා බලනකොට සහ අද ඉන්න තැන බලනකොට තව අපි මොනවා කියන්නද? (නි)
මතක තියෙන්න යමක් කරන්න වාසු. ඉස්සර ඔයා කම්කරු පන්තියත් එක්කම නේ හිටියේ. (නදී)
ලංකාවේ හැමෝගෙම පඩි 40%කින් වැඩි කළ යුතුයි.(නදී)
1970 පමන කාලයේදී මට දේශපාලනවිද්‍යාව උගැන්වූ ගුරුතුමා කොමියුනිස්ට්වාදී හරවත් අදහස් ඇතිවූවෙකි. මේ ලිපිය නිසා ඇන්.ඇම්. පෙරේරා මහතා සිහියට නැගුනි. හම්බන්තොට හා මත්තල ව්‍යාපාර ගැන අද යු.එන්.පී. එක කියන කතා හා මගේ ගුරුතුමා එදා ඇන්.ඇම්. පෙරේරා මහතා ගල් ඔය ව්‍යාපාරය ගැන ගැන කියූ කතාවද මතක් වෙමි. එදා පෙරෙරා මහතා ජනතාවට කිව්වලු අම්පාර පැත්තට යන්නවත් එපා එහෙ කපුටො තරම් මැලෙරියා මදුරුවො ඉන්නවා කියා. ඕක දේශපලනයෙ හැටියක්මද?. (දී)
දම්මික - ගල්ඔය ගැන නම් දන්නේ නෑ. එන්.එම්. තරම් තදින් ජේ.ආර්. ව විවේචනය කල කෙනෙක් එදා හිටියේ නෑ. එත්, එන් එම්ලා මහවැලියට නම් උත්සවවලට පවා සහභාගී වී ජේ.ආර්. ට සහයෝගය දැක්වූ බව සිහිපත් කලයුතුයි. සම සමාජ කාරයින් වූ අමරදේවයන් මහවැලිය ගැන සින්දු කිව්වා; තිස්ස අබේසේකරයන් ටෙලිනාට්‍ය නිර්මාණ කරා. (දී)