වනජීවී දෙපාර්තුමේන්තුවේ සමහර නිලධාරින්ගේ අක්‍රමිකතාවයන් පිළිබඳ යම් කරුණක් සනාථ වුවහොත් තරාතිරම නොබලා නිසි ක්‍රියා මාර්ග ගන්නා බව තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ලංකාදීපයට පැවැසිය.
පසුගිය දා වනජීවී දෙපාර්තුමේන්තුවේ වෘත්තීය සමිති කිහිපයක් තමා හමුවේ පැවසුයේ වනජීවී දෙපාර්තුමේන්තුවේ සමහර නිලධාරීන් වනජීවිය සුරක්ෂිතකිරීම වෙනුවට යම් යම් අක්‍රමිකතාවයන් කර ඇති බවත් තවමත් ඔවුන් එම නිලයන් වල කටයුතු කිරිම හා ඉහළ නිලධාරින් වනජීවි සම්පත් ආරක්ෂා කරනවා වෙනුවටඇතැම් දූෂණ වංචාවන්ට සහයෝගය දී ඇති බවත්ය.
අමාත්‍ය වරයා පැවැසුයේ එසේ යම් අකටයුත්තක් කිසි නිලධාරියෙකු කල ඇත්නම තරතිරම නොබලා කටයුතු කරන බවත් ඒ සම්බන්ධව සියලු තොරතුරු අමාත්‍ය වරයාට ලබා දෙන ලෙසත්ය.මේ සම්බන්ධව පරික්ෂණ කටයුතු කිරිමට කමිටුවක් පත් කරන බවත් අමාත්‍ය වරයා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගයාන් ..! ඒවා ඇහෙන්නේ ,පෙනෙන්නේ නැහැ මුන්නැහෙලාට..!. මන්ද ,බයයි,අමාරුවෙන් හදාගත්තු පැල නැතිවෙයි කියලා...! (බ)
වැඩේ නම් හොඳයි කරන්න පුලුවන් නම්. නමුත් ඉතින් අනේ මන්දා, ප්‍රායෝගිකද කියලා (නි)
මෙතෙක්කල් හැමෝම නීති රෙගුලාසි ක්‍රියාත්මක කර තිබෙන්නෙ තරාතිරම බලලා වගෙයි පෙනෙන්නේ. මම එදා සිට කිවුවේ මෙයයි. ජයවික්‍රම ඇමතිතුමනි, ඔබ වැදගත් ඉහළ පසුබිමක් ඇති ජ්‍යෙෂ්ඨ දේශපාලකයෙක්. ඔබට මෙම කාර්යය කළහැකියි (නි)
කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි (නි)
තරාතිරම නොබලා කටයුතු කරන්න පුලුවන් නම් බොහොම හොඳයි (නි)
නිවැරදි දැක්මක්! (නි)
ඇයි ඔබතුමන්ලා මුලින්ම අර විල්පත්තු කැලෑ පාලුවාව අල්ලල වනජීවී නිළධාරීන්ටත් උඩින් එන නියෝග වලට යටත් නොවී බෑනේ....(රේ)
බොහොම හොඳ අදහසක් (නි)