ශ්‍රී ලාංකිකයෙකු ඩුබායි සිට මෙරටට ගෙනා කිලෝ 10 යක රන් තොගයක් රාජසන්තක කල රේගුව ඔහුට දඩ නොපනවා ඔහු මුදා හැරියේය.
පසුගිය 23 වෙනිදා මොහු ඩුබායි බලා ගොස් ඇති අතර එම අවස්ථාවේ සහකාර රේගු අධිකාරී නුවන් බංඩාර මහතාට මොහු ගැන සැකයක් ඇති වී ප්‍රශ්න කර යළි මෙරටට පැමිණෙන දිනය පිළිබඳ අවදානයෙන් සිට මෙම වැටලීම සිදුකොට ඇත.
මෙම පුද්ගලයා ඊයේ යළි ඩුබායි සිට මෙරටට පැමිණි බව දැනගත් සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් බංඩාර සහ ඒ.කේ.ආර් සමන්ජිත් යන මහත්වරුන් එක්ව මොහු ගුවන් යානයෙන් බැස ගත් මොහොතේ සිට අවධානයෙන් සිට පසු පසින් හඹාවිත් අත්අඩංගුවට ගෙන ඇත.
මේ වන විට සැකකරු ගුවන්තොටුපොළෙන් පිටවීමට විවිධ උපක්‍රම භාවිතා කර ඇතත් රේගු නිලධාරීන්ට අසුවු පසු ඔහු අත තිබු අත් බෑගයේ ඇත්තේ මොනවා දැයි විමසු විට කිසිවක් කරකියා ගත නොහැකි වු තත්වයට පත් වු මෙම පුද්ගලයා රේගුවෙන් මිදීමේ අරමුණින් තමාට සෞදි ජාතිකයෙකු දුන් බව කියමින් බෑගයේ තිබු රන් තොගය රේගුවට ප්‍රකාශ කිරීමට උත්සහ දරා ඇත.
කෙසේ වෙතත් මොහු ලඟ කිසිඳු ලියවිල්ලක් නොතිබු බවත් රේගුව කියයි. මොහු කුලියට රන් ප්‍රවාහනය කරන්නෙකු බවටද කරුණු අනාවරණය වී ඇත.
නිල් පැහැති ටේප් වලින් එතූ කිලෝග්‍රෑමයක් බැගින් බර වූ රන් කුටිටි දහයක් ඔහු ලඟ තිබූ බව රේගුව කියයි.
රන්කුට්ටි වල වටිනාකම රුපියල් කෝටි පහකි.
රේගු මාධ්‍ය ප්‍රකාශක සහ රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසූවේ සාමාන්‍ය පුද්ගලයෙකුට තමන් පාවිච්චි කරණ රන් භාණ්ඩ මෙරටට ගෙන ඒමට රේගුව ඉඩ දෙන නමුත් වානිජමය ස්වරූපයෙන් රන් ගෙන ඒමට ඉඩ නොදෙන බැවින් මොහු අත්අඩංගුවට ගත් බවයි.
කෙසේ වෙතත් ඔහු රන් රේගුවට පෙන්වීමට උත්සහ කර තිබු නිසා දඩ නොගැසූ බවද ඔහු කීවේය.
මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජේ.පී චන්ද්‍රරත්න මහතා විසින් සිදු කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධිකාරී ඩී. රත්නකුමාර මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන නුවන් බංඩාර, ඒ.කේ.ආර් සමන්ජිත්, නිශාන්ත ජයසිංහ, හසන්ත ගුරුගේ, සශික කුමාරසිංහ, දුමිඳු සිරිසේන යන නිලධාරීහු සිදු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුලියට ප්‍රවාහනය කරන්නේ කාගේ රත්තරන්ද? (නදී)
වැරදි කරලා ඇත්ත කියලා වැඩක් නැත. මෙවන් මහා පරිමාන ජාවාරම් ලංකාවට විශාල පිළිලයක්. උපරිම දඬුවම් දිය යුතුයි.(නදී)
රාජසන්තක කිරීම වරදක් නොවේ.(නදී)
ලංකාවට ප්‍රශ්නයක් වී ඇත්තේ රත්තරන් රටින් පිට කිරීමයි. හොරෙන් ගෙනාවා වෙන්නේ නොකියාම පන්නන්න හැදුව නම්. වෙන රටක සිට මේ සා ප්‍රමාණයක් රත්තරන් ගෙනාවා කියන්නේ විනිමය ගෙනාවා කියන එකයි. දේශපාලනඥයිනුත් සම්බන්ධව රත්තරන් නීති විරෝධීව පිටකරන යුගයක, ඒවා සම්බන්ධයෙන් නිහඬව සිටින රටක මොහු කර ඇති වරද රටට වස්තුව ගෙන ඒමද? (දී)
ඔය රාජසන්තක කරන ඒවායින් පිටි ගේමුද..... (දී)
අහුඋන එක හොදයි. හැබැයි ඕවට ටික දවසකින් මොනවා වෙයිද දන්නේ නැහැ.(නදී)
එන පාර මන්ත්‍රීවරු දෙදෙනෙකුට නොමිලේ සැප වාහන දෙකක්ම ගන්න පුළුවන් මේ හම්බ වෙච්ච සල්ලි වලින් ..ජයවේවා.(නදී)
නිරෝෂ් ,මම දන්නා විදියට [රටින් පිටවී යන] පිරිමි ගුවන් මගියෙකුට පැළද ගෙන යා හැකි රත්තරන් ප්‍රමාණයේ බර පවුම් පහයි {ග්‍රෑම් 40 යි].ගැහැණු ගුවන් මගියෙකුට පවුම් දහයයි [ග්‍රෑම් 80 යි](දිල්)
වැඩේ ටිකක් බරපත්ලයි. සමහර විට ඇත්ත තිත වෙන්න පුළුවන් .රන් කිලෝ දහයක් සෞදියෙන් පිට කලේ කොහොමද ? (අ)
නීතියක් නෙති රටක් (අ)
ගේන්නත් තහනම් . ගිනියන්නත් තහනම්. පුදුම නීතියක් නේද? හරිම අසාධාරනයි . හොඳ නීතීඥ සහයක් ගත්තොත් නිදහස් කරගන්න හැකි වේවි . අනෙක ඔහු රන් තොගය රේගුවට ප්‍රකාශ කරලත් රාජසන්තක කිරීම වැරද්දක් නොවේද?වාණිජ ප්‍රමාණයක් ගෙනාවනම් තීරු බදු ය කරන්නනේ තියෙන්නේ. රන් තොගයට ලෝභ වෙලා රේගු නිලධාරීන් කරපු දෙයක් කියලයි මට හැගෙන්නේ .(අ)
තව ඒ වගේ රත්තරන් ගොඩක් ගේන්න පුලුවන් කියල කිවුවා නම් පළාත්පාලන ඡන්දෙට ටිකට් එක ගන්න තිබුණ.(අ)
කොහොමද රාජසන්තක කරන්නේ. රන් බිස්කට් ගැන මේ පුද්ගලයා රේගුවට ප්‍රකාශ කරලා තියෙනවා. රේගුව කලයුත්තේ අදාළ බදු මුදල් අයකරගෙන භාණ්ඩ නිදහස් කරන්න.(අ)
ලංකාවට රත්‍රන් ගෙනඑම තහනම්ද? නැත , එසේනම් ඔහු රේගුවට වරදක් ද කර නොමැත, එසේනම් ඔහු ගෙනා බඩු රාජසන්තක කිරීම වරදකි, ඔහුගේ බඩු ඔහුට බාරදී , ඔහු අපහසුවට පත් කිරීම නිසා රේගුවෙන් වන්දියක්ද ගෙවිය යුතුය, නැතිනම් රේගුවට මගින් බොරුම කියයි,(අ)
මිට පස්සේ ඔය ගොන් වැඩේ නොකර, රන් ගේන අනිත් අය වගේ ප්‍රකාශ නොකර ගෙනියන්න. මේකෙන් ගන්න තියෙන හොඳම ආදර්ශේ එකයි. මේ සිරි ලංකාවනේ. එකේ ඉන්න කස්ටම් අය ඉතා හොඳයි. (අ)
මේ රත්තරන් ගෙන්න කොහෙන්ද සල්ලි? රත්තරන් ජාවාරම මහා පරිමාණයෙන් වෙන හැටි. රේගුවේ මහතුන්ට අපේ ආචාරය (අ) .
කොහොම වුනත් මේ වගේ වංචා නවත්වන එක හොඳයි.(නදී)
පාවිච්චි කරන රත්තරන් කොපමන ප්‍රමානයක් ගෙන යා හැකිද? (නදී)
ශ්‍රී ලංකාව දුෂණයේ කේන්ද්‍රස්ථානයක්, ජාත්‍යන්තර කුඩු ප්‍රවාහනය , කළුසල්ලි නීත්‍යනුකුල කිරීම, උන්ඩියල් ගනුදෙනු සමපාත කිරීම් බොහොම ජයට සිදුවෙනවා. මෙහෙම ගිහිල්ල දවසක අපට කිසිම රටකට විසා නොලැබෙන තත්වයක් උදාවෙනවා නියතයි. බුද්ධිමතුන් පරයා නුගතුන් බලය පැතිරීමත් කිසිදා ගොඩ නොයන අර්බුද රැසකට රට ගමන් කරනවා. මේ යන විදිහට කිසිම කෙනෙක් මතු ආත්මයක මේ රටේ උපදින්න ප්‍රර්ථනා නොකරයි. (නදී)
කවුද මෙච්චර රත්තරන් ගොඩක් ප්‍රකාශ කරලා ගේන්නේ, එතකොට බදු ගාන ගෙවන්න පුලුවන්ද? අහු වුනාම බොරු කරලා, හිරේ දාන්න තිබ්බේ.(නදී)
මෙතන මේ පුද්ගලයට අසාදාරනයක් වෙලා තියනවාද? රේගු මහත්වරුනි, මේ සිද්ධිය අපහැදිලියි. ඇයි දඩ ගත්තේ නැත්තේ? ඇයි රේගුව පරිශ්‍රය පසුකරන කම් හිටියේ නැත්තේ. මොහු රත්තරන් රේගුවට පෙන්නනවාද නැද්ද යන දැන අත්අඩංගුවට ගන්න තිබුනා නේද? එහෙම නම් දඩය ගන්නත් තිබුනා නේද? පැහැදිලි කරන්න.(නදී)