කුරුණෑගල රෝහලේ හෙද වැඩ වර්ජනයට සහාය දක්වමින් ගාල්ල කරාපිටිය රෝහලේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෝ අද දහවල් වැඩ වර්ජනයක් ඇරැඹූහ.
හදිසි ප්‍රතිකාර හා ළමා ප්‍රතිකාර හැර රෝහලේ සෙසු කටයුතු අඩාල වී ඇතැයි රෝහල් ආරංචි කියයි.
කරාපිටිය රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පැවසුවේ එක් වෘත්තීය සමිතියක් පමණක් වැඩ වර්ජනය කරන බවයි.
රෝහලේ කටයුතු අඩාළ වී නැතැයි ද සේනානායක මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුල් සේවිකාවන්ටත් හෙදි පුහුනුව ලබාදෙමු. එතකොට වැඩේ ඉවරයි.(නදී)
මෙහෙම වර්ජනය කරන්න ගියාම වැඩ කරන්න දවසක් තියෙනවද? ලෙඩ්ඩුන්ව ප්‍රාණ ඇපයට ගන්න මේ වගේ රටක් තවත් තියෙනවා නම් කියන්න.මිනිස්සු ලෙඩ වෙලා අසරණව ඉන්න වෙලාවට මෙහෙම කරන එක පාපයක්ද? නැත්නම් පිනක්ද?රෝහල් වල අයට විතරද ප්‍රශ්න තියෙන්නේ? අවුරුද්දකට දවස් සීයක් විතර වර්ජන. (නි)
වර්ජන කරනකොට පාඩු වෙනවා. ඒක නැවත ගන්න බැහැ.බලධාරීන් දැනගන්න ඕනෑ ඒවා නැති කරන්න. දොස්තරලා කරන දේවල් කාටත් පෙනෙන්නේ අනිත් අය කළාම තමයි. නරකද දොස්තරලා වරප්‍රසාද සියල්ල අරන් අනිත් සේවකයන්ට මොකුත් නැතිකරන එක? (නි)
රටටම යයිද දන්නෙ නැහැ (නි)
කුමාර හරියට හරි (නි)
රජයේ සේවකයෝ විතරද ජීවත් වෙන්නේ? ඔවුන්ට මහජනයාගේ මුදල් වලින් නේද වැටුප් ගෙවන්නේ? (නි)