
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව සියඹලාගස්වැව ප්‍රදේශ පදිංචි තිදරු පියෙකු අද(02 ) උදෑසන ඇතේකුගේ ප්‍රහාරයට ලක්ව මියගොස් ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ හෙට්ටිපතිරණලාගේ නයිදෙහාමිලාගේ රංබංඩා නැමති 65 හැවිරිදි ගොවිතැනින්න ජීවත් වු අයකු බව කියයි.
උදෑසන 6.30 ට පමණ නිවසේ සිට තම සොහොයුරාගේ නිවස වෙත ගමන් කරමින් සිටියදී පසුපසින් කඩා වැදුන ඇතා පහර දී එම ස්ථානයෙදීම මරා දමා තිබු බව පොලිසිය කියයි. සියඹලගස්වැව ජනතාව පවසන්නේ මෙම ඇතා මෙයට පෙරද ආණමඩුව තෝනිගල ප්‍රදේශයේ හා කජුවත් ප්‍රදේශයෙදී ද මෙලෙසම දෙදෙනෙකු මරා දමා ඇති බවයි.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇතාගේ පහරින් තිදරු පියා අවසන් ගමන් යයි
Perakum Liyanagama Thursday, 02 October 2025 01:24 PM
මිනිස්සු වගේද අපේ ජාතික වස්තුව. ඇතාට මොකුත් කරනවා එහෙම නොවෙයි. මිනිස්සු අඩුවෙන එක රටට හොඳයි. ඇත්තු වැඩි කර ගන්න ඕනෑ. මේ ගැන මාලිමා රජයේ ආකල්පය ගැන හරි සතුටුයි...
වින්සන්ට් කජ්ජා Thursday, 02 October 2025 03:14 PM
ඇතාගෙ බොස්, ඇතා කරපු දේවල් වහගන්න සාක්කි හංගනවා වගේ.
kamani Thursday, 02 October 2025 03:42 PM
පව් අනේ අලියා.
චානි චමත්කා Thursday, 02 October 2025 07:51 PM
මහ ලොකු දෙවල් ඕනෑ නැහැ. මේ දුප්පත් මිනිසුන් වල් අලින් ගෙන් බේරලා දෙන්න එක රජ්‍යයක් කළ යුතුයි...! අප්‍රිකානු රටවල් ගුවන් හමුදා මගින් සොයා බලනවා... රේඩාර් මගින් අලින් ගැන හොයන්න බෙල්ට් දානවා. ලන්කාවේ වනජීවි එකට අලින් එහා මෙහා යන එන දත්ත බලන්න ඉලොක්ට්‍රෝනික් ක්‍රම හදලා... අහින්සක ජීවිත රකින්න...
PerakumFriday, 03 October 2025 12:10 PM
එච්චර මහන්සි වෙන්න ඕන නෑ. අලි කානුව කැපුව නම් ප්‍රශ්නය සදහටම විසඳෙනවා. වියදමත් අඩුයි. වන ජීවිය මේ ගැන හොඳින් දන්නවා. ඒත් කැමති නෑ. මොකද ඒකෙ අලි වැටේ වගේ කොමිස් නෑ. කැමති කෙනෙකුට බලන්න පුලුවන් මහවැලියෙ වන අලි බහුල මාදුරුඔය ආදර්ශ පොල් වගාව අලිකානුව නිසා සුරැකිව තියන අන්දම. මෙතෙක් හිටපු හැම බලධාරියෙකුටම කිව්ව. කවුරුත් ගණන් ගන්නෙ නෑ. බලමු මාලිමාවෙ ප්‍රතිචාරය කොහොමද කියල.
Bunny Preena Friday, 03 October 2025 09:44 AM
හැම එකාගෙම කයිවාරුව නම් ලොකුවට තියෙනවා. හැබැයි මහ පොලෝවේ මිනිසුන්ට ආරක්ෂාකාරීව ජීවත් වෙන්න කිසිම දෙයක් කෙරෙන්නේ නෑ.