දඹුල්ල කැකිරාව මාර්ගයේ තිබ්බටුවැව ප‍්‍රදේශයට කඩා වැදුණු ඇතෙක් අද උදේ පාරේ ගමන් ගත් වාහන 50කට සහ නිවාස දෙකකට පහරදුන් බව ප‍්‍රදේශවාසීහු කියති. කිලෝ මීටර් අටක් දුර පාරේ දුවමින් හමුවූ වාහන සියල්ලට පහරදී ඇත. මේ ප‍්‍රහාරයෙන් කිසිවකුත් තුවාල ලබා නැත.