රාජ්‍ය සේවා ඉන්ජිනේරු සංගමයේ වාර්ෂික සමුළුවට තමා පැමිණියේ වෘත්තිය සමිති ප්‍රශ්න විසඳිමට නොව ඉන්ජිනේරුවන් රට වෙනුවෙන් කළ හා කරන විවිධ දෑ පිළිබඳව ඔවුන්ට සිය ප්‍රසාදය පිළිගැන්වීමට යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
කොළඹ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සංගමයේ 39 වැනි සංවත්සරය පැවැත්විණි.
‘සංගමයේ ලේකම්තුමාගේ කතාව අහගෙන ඉන්න කොට හිතුණා ආවේ වෘත්තිය සමිති සමුළුවකට ද කියලා. ඉන්ජිනේරු සේවාවේ තිබිය යුතු ගුණාත්මකභාවය, වාර්ෂික සමුළුවේ දී පිළිබිඹූ විය යුතු රටේ ජනාධීපතිවරයා ආවම අමාත්‍යාංශ ලේකම්වරුත් හතර පස් දෙනෙක් ඉන්න වේලාවේ තමුන්වහන්සේලා කළ වැඩ කරන්නට ඇති වැඩ ඉදිරිපත් කිරිමක් කළා නම් අගෙයි’ ජනාධිපතිවරයා පැවසුවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජකීය විදුහලේ ආදී සිසුවෙකු ඉදලා මට ළමයාව පාසලට දමා ගන්න බැරි වුණා. දේශපලුවන්ගෙයි ටෙලි නිලියන්ගෙයි ළමයින් ඇතුලත් කරන කොට අපේ ළමයාව ලැයිස්තුවන් කැපුනා. . දැන් අපේ ළමයා බොහොම සතුටෙන් පිටරට අධයාපනය ලබනවා. කීයටවත් අපි ආවත් ළමයා නම් එන එකක් නැහැ .(ම)
ජනාධිපතිතුමනි, ඔබ තුමා මොන සද්භාවයෙන් ඔහොම කිවුවත් පේනවනේ අගමැතිතුමාගේ ඉඳල අනිත් අය උගතුන්ට මේ දවස්වල කතා කරන විදිහ. කලකිරෙනවා ඒවා දැක්කම. (ම)
නූගත් පිරිසක් අසීමිත සැප විඳිමින් රට පාලන කරනවා කියල පිස්සු නටන කොට උගත් බුද්ධිමත් මිනිස්සු මෙිවා ඉවසගෙන දෙකයි පනහට කඹුරයිද මහත්තයෝ (ම)
උගතුන්ට සලකපු අාකාරය නම් අපි දැක්කා. (ම)
රටක් අදායම් උපයන විධි කිහිපයක් තිබෙනවා. එකක් භාණ්ඩ නිපදවල අපනයනය කරලා , අනික වෙනත් සේවාවන් සපයලා, තවත් ක්‍රමයක් තමයි ශ්‍රමය පිටරට යවලා, එකේදී සපයන්නේ, ගෘහ සේවිකාවන්ද, වෛද්‍ය වරුන්ද නැතිනම් ඉන්ජිනේරුවන්ද කියලා සීමාවක් නැහැ. ඉන්දියාවේ දියුණුවට මුල උනේ කාර්මික ශ්‍රේණි වල සහ උගත් බුද්ධිමත් පුහුණු ශ්රනි වල ශ්‍රමිකයන් විදේශ රටවලට යැවීමයි. ඔවුන් ඒසඳහා පෞද්ගලික විශ්ව විද්‍යාල පවා විවෘර්ත කරන්නට අවසර දී තිබෙනවා. (ර)
අනේ රටේ ඉන්න රැකියා නැති අයට රැකියා දෙන්න ක්‍රමයක් හොයන්න. (ර)
ලංකාවට ඇවිත් එම කට්ටිය ට වාහනයක් වත් ගන්න හැකියාවක් තිබේද? ඔවුන්ට කට ඇරලා රජය විවේචනය කරන්න පුලුවන්ද බය නැතුව? (ර)
මේ වගේ කතා අහලා පිටරට ගිය මිනිස්සු එයි කියලා මම නම් හිතන්නේ නැහැ (නි)
දේශපාලකයන්ට නම් ලංකාවේ ඉඳගෙන හොඳට හම්බකරගෙන ජිවත් වෙන්න පුළුවන් , රස්සා නැහැ කියකිය කට්ටියක් උද්ගෝෂණ කරනවා , පුළුවන් කෙනෙක් කොහේ හරි ගිහින් කියක් හරි හම්බකරගෙන එන්න. (ර)
ටෙලිකොම් එකේ සභාපතිකම දෙනවනම් අපිත් මේ රටේ ජොබ් කරන්න කැමතියි. (ර)
හැබැයි ජී එම් ඕ ඒ එකේ නිලධාරි දොස්තරලා නම් යන එකමයි හොඳ!(හේ)
අනේ අපිට ලංකාවට එන්න කියලා අමාරුවේ දාන්න නම් එපා. අපි වැඩ කරලා සල්ලි හොයාගෙන එන්නේ ලංකාවට. ඒකත් නැතිවෙන වැඩක් ඕක. (නි)
බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට ගියවිට ඔය ප්‍රශ්නයට පිළිතුරු ලැබේවි (හේ)
ජයවේවා! (නි)
බොහොම හරි මහත්තයෝ (නි)
නියමයි. නියම කතාව! (නි)
හැම කෙනෙක්ම බලන්නේ තමන්ගේ බලය පෙන්නලා වෘත්තීය අයිතිවාසිකම් ලබා ගන්න. ඒ කියන්නේ තමන්ගේ බඩ ගැන මිසක් ජනතාවට විය යුතු සේවය ගැන නෙවෙයි හිතන්නේ. සෞඛ්‍ය ක්ෂේත්‍රය රෝගීන්ට බලය පෙන්වනවා. ප්‍රවාහන ක්ෂේත්‍රය මගීන්ට බලය පෙන්වනවා. කරුණාකර වැඩ වර්ජන දඩමීමා කරගෙන වෘත්තීය අයිතිවාසිම් දිනා ගැනීම නවතා දැමීමට හැකි සෑම දෙයක්ම කරන්න.(හේ)
රටේ උගතුන් සිටිය යුතු ස්ථානයක් තමයි කෝට්ටේ දියවන්නාවේ. අද එකේ ඉන්න අය දිහා බැලුවම ඒ කට්ටියට ලැබෙන වරප්‍රසාද පිටරට සවාරි ඉතින් දියවන්නාවෙන් පිටත ඉන්න රටේ වැදගත් නියම උගතුන් රටහැර යැම හැර වෙන විකල්පයක් තිබේද.? (ර)
ලංකාවේ ඉතිහාසයටම මේ වගේ ජනාදිපති කෙනෙක් බිහිවෙලා නැතුව ඇති. (ර)
හොඳ වැඩපිළිවෙලක්. (ර)
අනේ මන්දා?(හේ)
දැන් මොනවද මේ කියන කතා? (නි)
තැනේ හැටියට වෙලාවට ඇණේ ගහපු නිසා තමයි හරිගියේ. ඒක ජනතාව දැනගත යුතුයි.. (නි)
මම අවුරුදු 20 කට ආසන්න පුද්ගලික අංශයේ වරලත් ඉංජිනේරුවරයෙක්. රටේ ඉදිකෙරුණු විශාල ඉදිකිරීම් වලට දායකත්වය දුන්නෙක්. ආදි ශිෂ්‍යයෙක් වෙලත් මගේම පාසලටවත් මගේ දරුවන් ඇතුළත් කරගත්තේ නැහැ, අවුරුදු ගණන අඩුයි කිලො. මේ රට ගැන අවංක වෘත්තියවේදීන් කළකිරෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. රටේ දකින්න පුළුවන් ඉතා උස් ගොඩනැගිලි, පාලම් පාරවල් සියල්ල ඉදිකරලා තියෙන්නේ පෞද්ගලික අංශයේ ඉංජිනේරුවරු. අපි දරන වෙහෙස, මුහුණදෙන අභියෝග, කරන කැපකිරීම් කිසිම ඇගයීමකට ලක්වෙන්නේ නැහැ. දේශපාලඥයෝ නම් ඇති හැටියට බෙදා ගන්නවා. එහෙම කරලා වෘත්තියවේදීගෙන් ඉල්ලා සිටිනවා රට වෙනුවෙන් කැපවෙන්න කියලා. (නි)
මේ රටේ දේශපාලඥයොත් එක්ක එකතුවෙලා කරන්න පුළුවන් දෙයක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. ස්වාධීන වෘත්තියවේදීන්ගෙන් සැදුම්ලත් සැළසුම් මණ්ඩලයක් හරහා සැළසුම් කරලා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ඒ අනුව රට ගොඩනගන්න නම් මව්බිමට ආදරය කරන ඉංජිනේරුවෝ, වෘත්තියවේදීන් එයි. (නි)
මොනවා දොඩවනවද මන්දා,අපි හම්බ කර ගත්තොත් අපිට කන්න පුළුවනි ඉතින් අපි පිට රට ගිහින් හම්බ කරලා එවන්නේ ලංකාවටම නේ මෝඩ කතා කියල ඒ බව ලෝකයටම පෙන්නන්න එපා අපි දන්නවා එක (කෞ)
මේ කතාව ගැන ආඩම්බරයි (නි)
ඔබලා යන සවාරි වල බිල ගෙවන්නේ ඩොලර්, යුරෝ, රියාල් අනෙකුත් විදේශ මුදල් වලින් කියලා අමතකද? අපි ඒවා ගෙවන්නේ ඔබලා වෙනුවෙන්. (ර)
එතුමා ඇවිත් තියෙන්නේ වාර්ෂික සමුලුවකටලු. එත් ... එතන කතාකරපු කට්ටියගෙන් එතන තිබෙන යම් යම් අඩු පාඩු කියවිලා තිබෙන බවත් ඊට එතුමාගේ කැමැත්තක් නැති බවත් පිලිම්බිබු වෙනවා නේද? ...එත් ඉතින් ආයතන ප්‍රධානීන් හරහාත් අවසානයේ මැති ඇමති තුමන්ලා හරහාත් නොවිසඳුනන ආයතනයේ තිබෙන යම් යම් ගැටලුත් සහනයක් බලාපොරොත්තුවෙන් ඉදිරිපත් කරන්න ඇති. සමාලෝචනයක් වශයෙන් එත් ඉතින් එකට ලැබුන ප්‍රතිචාරයත් මෙහෙම නම් බුද්ධිමතුන් මේ රටේ තවත් ඉඳීවිද? (ර)
සැබෑ ජනතාවාදී පාලනයක් බලයට ආ දාට අපි එන්නම්. ඇවිල්ලා වැඩ කරන්නම් ස්වේච්ඡාවෙන් සතියකට දිනයක් දෙකක් හරි. පලක් නැති දේවල් වලට සැබෑ දක්ෂයෝ බොරුවට කාලය නාස්ති කරන්නේ නැහැ. අවශ්‍ය දේශපාලන දැක්මක් නැති රටකට වෘත්තියවේදියන් මොනවටද (නි)
තැනේ හැටියට ඇණේ ගහන්න ඕනෑ නිසා තමයි තැන හැදෙනතුරු ඇණ නොගහා ඉන්නේ. දේශපාලන නායකත්වයක් හා දැක්මක් නැතුව ගියොත් ඇණ ගහන්න කලින් ඇණ ගන්න වෙනවා. (නි)
දැන් මේ රටේ අර්බුද ඇතිවෙලා තියෙන්නේ උගතුන් හිඟකම නිසාද? ඒකද ප්‍රධාන ගැටලුව. උගත්කමට, අවංකකමට, ශීලාචාරකමට තැන දෙන වටපිටාවක් හදන්න. (නි)
අපිත් කැමතියි වැඩේට (හේ)
කෑවනම් බඩෝ ගොන් ගහ කීවලු වෘත්තිය සමිති සම්මේලනේට දේශපාලකයෝ ගෙන්නගත්තේ ඇයි (බ)
රට ඉන්න අයට ඇවිල්ලා කරන්න තියා ඉන්න ගොඩක් අයට රස්සා නැතුව රට පනින විදිහක් හොයනවා. රට ඉන්න අයට කතා කරලා සල්ලි ටිකක් එවන්න කියනවා. මේ දවස්වල රටේ ආර්ථිකය වැටිලා නිසා ආදායම් අන්තිමයි කියල. පුලුවන් නම් රස්සාවල් නැතුව ඉන්න උගතුන්ට පිටරටට ගිහින් හරි රස්සාවක් කරලා ලංකාවේ ඉන්න අයට කියක්හරි මේ වෙලාවේ එවන්න කියන්න. අඩුගානේ බින්දුවට වැටිලා තියෙන විදේශ මුදල් සංචිතයවත් වැඩිවෙයි. (නි)
ඉන්දියන්කාරයෝ ආවහම ඔවුන් අඩු පඩියට වැඩ කරනවා. එතකොට මෙහෙ අය රට දාලා යන්න එපා. ඒකනේ දැන් වෙන්න ඕනෑ (නි)
උගතුන්ට සළකන්නේ නැහැනේ. දරුවන්ට පාසල්වත් ලබා නොදී කොහොමද මේ රටේ ඉන්නේ? (නි)
නුගතුන් හොරකම් කරමින් ලක්ෂ ගණන් උපයද්දී අපි කොහොමද තුට්ටු දෙකට වැඩ කරන්නේ? (නි)
අනේ ජනාධිපතිතුමනි! (නි)
රට හැරයන්නේ පඩි මදි හින්දම නෙමෙයි. කළකිරීම නිසයි (නි)
ජනාධිපති තුමනි, පිටකොටුවේ හරස් වීදියක කඩයක් ළඟට ගිහිල්ල ෂෝ කේස් වලින් දේශීය නිෂ්පාදන ඉතුරු වෙද්දී පිටරටින් ආනයනය කළ බඩු මුට්ටු සියල්ල එලියට දාන්න කියල බලන්න ෂෝ කේස් වල මුකුත් ඉතුරු වෙලා තියනවද කියල . මුකුත් නෑ. අන්තිමට කියන්න වෙන්න පිට රට දේ ලංකාවට සිරි සැප දේ කියල තමයි. (බ)
අපිත් හොඳට කාලා ඇඳලා ඉන්න කැමතියි. (නි)
විදේශවල සිට විත් කරන්නට තිබෙන රැකියා මොනවාද? ඒ ඒ රැකියා සඳහා පුරප්පාඩු කීයක් තිබෙනවාද? වැටුප ලොකු නොවුණත් රට වෙනුවෙන් එන්නට සුදානම් අය ඉන්නවා. නමුත් සත්‍ය එය නොවේ. ඉන්න අයටත් රස්සා නැතුව පිස්සු වැටිලා රට පනින්න හොයනවා. (නි)
මෙහේ ඉදලා තේරුමක් නෑ. ඒකයි යන්නේ.(හේ)
තමන්ට සරිලන වැටුපක් ලැබෙන්නේ නැත්තම් මේ රටේ ඉදලා වැඩක් නෑනේ.(හේ)
මේ අර යුද්ධේ ඉවරවෙලා රට ගොඩ එමින් තිබුන කාලේ හිටපු ජනාධිපති තුමා කල කතාවේ පිටපතක් වැරදිලා මෙයාගේ ලිපි අස්සේ තිබුල වැරදීමකින් කියවලා. (ර)
කෝ අර ඩුබායි තිලක් මොකද අද අදහසක් දාලා නැත්තේ? (නි)
මමත් අවරුදු දහසයක් පිටරට රස්සාව කරනවා. ලංකාවේදී කිසිම දවසක පිටරටකදී ගන්න පඩිය ගන්න පුලුවන්ද. මගේ ළමයට හරිහමන් අධ්යාපනයක් දීලා, ගෙවල් දොරවල් හදාගෙන, කීයක් හරි ඉතුරු කරගන්නේ රට රස්සාවට පිංසිද්ධ වෙන්න. (ර)
රටේ හැමතැනම පාතාලයෝ කලඑළි බැහැලා දිගට හරහට මිනි මරනවා ඒවා ගැන සද්ද නැහැ. ගොවියන්ට ආපහු වහ බොන කාලයක් ඇවිත් ඒ ගැන කතා නැහැ. ඉතින් රටට ඇවිත් කොහොමද? පිටරට ඉඳන් සල්ලි එවුවම අඩුගානේ රුපියලවත් තව පාච්චල් නොවී තියේවි. දැන් එකත් එපාද? (ර)
සරසවි සිසුන් හැමදාම රැකියා ඉල්ලා මහපාරේ, පළමුව එයාල ගැන සොයා බලන්න. (ර)
බැරිම තැන තමයි ගියේ කලකිරීමෙන්. අඩු ගානේ ළමයින්ට වත් යහපතක් වේවි කියලා. කොළඹ ප්‍රධාන පෙලේ බාලිකාවක දීප්තිමත් ආදී ශිෂ්‍යාවක වුන මගේ බිරිඳට බැරි වුනා ළමයාව පාසලට දමා ගන්න. ඒ වෙනුවට කලා කාරයෙකුගේ බ්රිද මාතලේ පාසලක ආදී සිසුවියක වෙලා ඒ අයගේ ළමයාව ඒඅවුරුද්දේ ඇතුලත් කර ගත්තා. දැන් මගේ ළමයා ඕස්ට්‍රේලියාවේ පාසලක ශිෂ්‍ය නායිකාවක්. අපිට ඒ හොඳටම ඇති. සුදුස්සාට තැන ලැබුනා නේ. (ර)
ඉස්සෙල්ලාම රටේ හරි වතාවාරණයක් හදලා ඊට පස්සේ ආරාධනා කරන්න රට හැර යන්න එපා කියාලා. රට කවලම් පලා මැල්ලුමක් වගේ යන්නේ ඉතින් කවුද දුක් විදින්න ඉන්න කැමති? (ර)
උදය කියන දෙයම තමයි මටත් කියන්න තියෙන්නේ, වෙනසකට තියෙන්නේ දරුවට හොදට උගන්නලා රැකියාවක් නොමෙතිව ඉන්න උන එක විතරයි. මොනතරම් හොදට ඉගන ගත්තත් කෝ රැකියාවල්. ඒවත් ගන්න දේශපාලකයෝ පස්සෙන් යන්න ඕනි. කරන්නත් බැරි ඒකම තමයි. (ර)
රට ඉදන් ඇවිල්ල අර ඇමැතිතුමාට කියමුද විශ්ව විදයාල ජොබ් එකක් දෙන්න කියලා ලියුමක් දෙන්න කියලා.(ම)