කොළඹ වොක්සෝල් වීදියේ වෙළෙඳසලකට පැන රුපියල් එක් ලක්ෂ විසි දහසක්, සිගරට් බණ්ඩල් දෙකක් සහ දුරකතන පෙර ගෙවුම් කාඩ්පත් සොරා ගත්තැයි සැකපිට අවුරුදු 15ක සහ 17ක ළමයින් දෙදෙනකු ජුනි දෙවැනි දා තෙක් පරිවාස භාරයේ තබන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
අත්අඩංගුවට ගන්නා විටත් ළමයින් දෙදෙනා සිගරට් පැකට් දෙකක් සම්පූර්ණයෙන්ම බී තිබූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හපොයි මාළු කිව්වලු..(නදී)
හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියන්නේ ඕකටනේ. (නි)
කවිඳු, ලලින්ද්‍ර, මම එකඟයි. නියම අදහස්... (නි)
මේ සිදුවීම ගැන අපහාසයෙන් සහ උපහාසයෙන් බලනවාට වඩා මෙවැනි දේවල් තවත් දරුවන් අතින්ද සිදුවීම වළක්වන්නට යමක් යෝජනා කරන්නේ නම් එය රටටම ප්‍රයෝජනවත්ය. මෙවැනි වරදක් ගැන කල්පනා කිරීමේදී නිශ්චිත විසඳුමකින් මේ තත්ත්වය පිටු දැකීමට අපහසු බව පෙනෙනවා. සොර බඩු ළඟ තබාගැනීම වරදක් බව සමාජයට මතක් කර දෙමින් සොර බඩු ළඟ තබා ගත් අයට බරපතල වැඩ සහිතව සිර දඬුවම් ලබා දිය යුතුය. (නි)
කියලා වැඩක් නැහැ දැන් වෙන දේවල් නම්... (නි)
අහෝ අපේ රටේ අනාගතේ ! (ස)
මේ යන විදිහට අපේ රටේ හොද දෙයක්නම් අහන්න ලැබෙන්නේ නැහැ .අ (දී)
පුතාලට හොඳ අනාගතයක් තියනවා. ඉස්සෙල්ලම නගර සභාවට ඉල්ලන්න. එතැනින් හොරකම් කරලා පලාත් සභාවට ඉල්ලන්න. හොරකම හොඳ නම් පාර්ලිමේන්තුවටත් ගියහැකි. (ස)
අපේ ලංකාවේ මෙතරම් හොරු ඉන්නවා කියල හිතන්නත් අපහසුයි.(දිල්)
කුඩු කන්ටේනර් ගේන එකේ මේවා සුලු දේවල්.(නදී)
ඔබලාට ලංකාවේ හොද අනාගතයක් තියෙනවා ඇයි ඔහොම කරන්නේ? (නදී)
කෙලින්ම පාර්ලිමේන්තුවට යන්න පුළුවන්. (ස)
අපුරුයි. රට යන අතට බැලුවම ඔබලාට හොඳ අනාගතයක් තියෙන බවනම් පෙනෙනවා.(නදී)
අපේ ස්වර්ණ භුමියේ අනාගත සුභ ලකුණුයි මේ පෙනෙන්නේ. පුතේ, ඔබට ලංකාව ආසියාවේ පමණක් නොව විශ්වයේම ආශ්චර්ය කරා ඉක්මනින්ම රැගෙන යන්න හැකිවේවා! (නි)
ආගමක් දහමක් නැති උනාම ඔහොම තමා. ස්වාමීන් වහන්සේලාත් එයාලගේ අයිතිය වෙනුවෙන් පාරේ වාඩිවෙලා ඉන්නවා. මේ දරුවන්ගේ දෙමාපියෝ පිටරට ගිහින්.දරුවෝ අයාලේ යනවා.(නදී)
මටත් හිතුනෙම කවිදුගේ අදහසමයි. සුදුසුකම් සම්පුර්ණ කර තිබෙන නිසා, ඔබට සුබ අනාගතයක්!! (නි)
අනාගතය ඉතාම පැහැදිලියි. කිසිම අපහසුතාවයක් නැතුව රටේ ඉහළම තැනකට එනවා. පුළුවන් නම් දැන්මම අලි පැටියෙක් දෙන්නෙක් උස්සගෙන ඇවිල්ලා තියාගන්න. අනාගතයේ ලොකු තැනකට ගියාම හාමු පට්ටමක් හරි දැන් යන ක්‍රමයට අවශ්‍ය වෙනවා. (නි)
ජිනාලි ඔයා නම් මේ කාලෙට ගැලපෙන්නේ නෑ වගේ, යතාර්ථය අවබෝධ කරගන්න කාලයක් යාවි නේද? (ස)