කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ තිබිය යුතු ඇටකටු 26ක් මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම වාර්තාව ලැබීමෙන් පසු තමන් ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි පෞද්ගලික රෝහලක වසීම් තජුඩීන්ගේ ශරීර කොටස් ඇතුළු මෙම ශරීර කොටස් තබා ගැනීම සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්දැයි ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලය නාස්ති නොකර, ඔය වටිනා නඩු භාණ්ඩ එලෙස යැවූ පුද්ගලයා ලබාගත් අල්ලස් සමඟ එය දුන් පුද්ගලයන් ගැන ඉක්මනින් සොයා බලා, ඔවුන්ට විරුද්ධව නඩු පවරා, දඬුවම් දීමයි කළයුතු වන්නේ (නි)
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැනේ (නි)
මේකේ ඇත්ත නැත්ත තාම හරියට දන්නේ නැතිවුණත් ඒවා ගිහින් තියෙන්නේ කාගෙ කාර් එකේද කියලා යම් සැකයක් අපිට නම් තිබෙනවා (නි)
ප්‍රශ්න කර කර ඉන්නේ මොකද ? මොකද පරක්කුව ? (ර)