
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)
කහතුඩුව ඇඟලූම් කර්මාන්තශාලා භූමියකදී එහි සේවකයෙකු සේවිකාවකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි කහතුඩුව පොලිසිය සඳහන් කරයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බුලත්සිංහල ගෝවින්න නාරාගල වෙදගෙ වත්ත පදිංචිව සිටි එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කණ්ඩායම් නායිකාවක ලෙස රැකියාව කළ එල් ආර් ගිම්හානි පෙරේරා (25) නැමැති අවිවාහක තරුණියකි.
ඝාතනය සිදුකළ බව කියන එම ඇඟලුම් ආයතනයේ සහායකයකු ලෙස රැකියාව කළ විවාහක සේවකයා ඝාතනයෙන් අනතුරුව පලා ගොස් ඇත.
ඝාතනයට යොදා ගත් බවට සැක කරන සුදු පාටට හුරු ලේ තැවරුණු උල් පිහියක් පොලිසිය මගින් සොයාගෙන ඇත.

ඝාතනයට ලක් වූ තරුණිය ඉකුත් වසරේ පෙබරවාරි මස 18 වෙනිදින ඇඟලුම් ආයතනයේ රැකියාවට පැමිණ ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් සැක කරන පුද්ගලයා රැකියාවට පැමිණ ඇත්තේ 2024 වසරේ අගෝස්තු මස 06 වෙනිදින බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
බදුල්ල කැප්පෙටිපොළ පදිංචි කරුවෙකු වන එම පුද්ගලයා විවාහක පුද්ගලයෙකු වන අතර කහතුඩුව ප්‍රගතිමාවත උක්කොටුව පාර තාවකාලිකව පදිංචිව සිට රැකියාව කරා පැමිණ ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනපතා ගැහැණු පිරිමින් අතින් මිය යයි. ලංකාවෙ වගේ වෙනත් රටවලත් එසේමයි. මා ඉන්නා රටේ රජය මේ සියලු මරණ ඉතා බැරෑරුම් ලෙස සලකන අතර සියලු මරණ ගණන වසරකට වරක් රටේ සියලු දෙනාට දැනගැනීමට සලස්වනු ලැබේ. මෙලෙස අවුරුදු ගණනාවක් පුරා එම මරණ පිළිබඳ ගැඹුරින් සොයා බලා සෑම වසරකම මරණ අනුපාතයක් අනුව අවාසනාවන්ත සිදුවීම් අඩු කරගැනීමට උපරිම උත්සාහ කරයි.