ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන වලදී ඇඟිල්ලේ තීන්ත ගෑව ද තීන්ත ආලේප කළ බවක් පෙනෙන්නට නොමැති වීමේ ගැටළුව ගැන ගාල්ල සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගෙන් විමසූ විට එය ඡන්දයට බාධාවක් නොවන බව කීවේය. ඔහු පවසන්නේ සුළැඟිල්ලේ තීන්ත ආලේප කරන්නේ හොර ඡන්ද දැමීම වැළැක්වීමට බවයි. දැන් ජාතික හැඳුනුම්පත හෝ පිළිගත හැකි වෙනත් හැඳුනුම්පතක් අනිවාර්ය කර ඇති බැවින් තීන්ත නොපෙනීම ගැටළුවක් නොවන බව ද සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා කීවේය. ශ්‍රී ලංකාවේ මැතිවරණ පනත අනුව එවැනි අවස්ථාවක දි ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සඳහන්ව ඇති බැවින් ඒ අනුව ක්‍රියාකිරීමට අදාල ඡන්ද මධ්‍යස්ථානවල නිලධාරීන්ට උපදෙස් දුන් බව ද හෙතෙම කොමසාරිස්වරයා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ (අ)
සහකාර මැතිවරණ කොමසාරිස්ට අපේක්ෂකයෝ කනේ පහර ගහන රටේ ඇඟිලි ලකුණු කිරීමෙන් පලක් තියෙනවද? ප්‍රසිද්ධ වේදිකාවකදී ඡන්ද ප්‍රතිඵල ඊයෙ නිකුත්කරලා තිබුනේ. (අ)
එහෙනම් මොන එකකටද ඇගිල්ල පාට කරන්නේ කොමසාරිස්තුමනි. තීන්ත වලට යන වියදමෙන් මැතිවරණ නිලධාරින්ට බනිස් ගෙඩියක් කහට කෝප්පයක් දෙන්නකෝ.(නදී)
සචිත් කියන විදිහට කලොත් ඒ තීන්ත වල ලාබේ.(නදී)