ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන වලදී ඇඟිල්ලේ තීන්ත ගෑව ද තීන්ත ආලේප කළ බවක් පෙනෙන්නට නොමැති වීමේ ගැටළුව ගැන ගාල්ල සහකාර මැතිවරණ කොමසාරිස්වරයාගෙන් විමසූ විට එය ඡන්දයට බාධාවක් නොවන බව කීවේය. ඔහු පවසන්නේ සුළැඟිල්ලේ තීන්ත ආලේප කරන්නේ හොර ඡන්ද දැමීම වැළැක්වීමට බවයි. දැන් ජාතික හැඳුනුම්පත හෝ පිළිගත හැකි වෙනත් හැඳුනුම්පතක් අනිවාර්ය කර ඇති බැවින් තීන්ත නොපෙනීම ගැටළුවක් නොවන බව ද සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා කීවේය. ශ්‍රී ලංකාවේ මැතිවරණ පනත අනුව එවැනි අවස්ථාවක දි ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සඳහන්ව ඇති බැවින් ඒ අනුව ක්‍රියාකිරීමට අදාල ඡන්ද මධ්‍යස්ථානවල නිලධාරීන්ට උපදෙස් දුන් බව ද හෙතෙම කොමසාරිස්වරයා කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
265
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
"ඇඟිල්ලේ පාට නොගෑවුනාට ගැටළුවක් නැහැ"
විධුෂක Saturday, 29 March 2014 07:36 PM
මොකද මේ (අ)
සිරි Saturday, 29 March 2014 04:35 PM
සහකාර මැතිවරණ කොමසාරිස්ට අපේක්ෂකයෝ කනේ පහර ගහන රටේ ඇඟිලි ලකුණු කිරීමෙන් පලක් තියෙනවද? ප්‍රසිද්ධ වේදිකාවකදී ඡන්ද ප්‍රතිඵල ඊයෙ නිකුත්කරලා තිබුනේ. (අ)
සචිත් Saturday, 29 March 2014 04:51 PM
එහෙනම් මොන එකකටද ඇගිල්ල පාට කරන්නේ කොමසාරිස්තුමනි. තීන්ත වලට යන වියදමෙන් මැතිවරණ නිලධාරින්ට බනිස් ගෙඩියක් කහට කෝප්පයක් දෙන්නකෝ.(නදී)
ෆාතිමා Saturday, 29 March 2014 05:33 PM
සචිත් කියන විදිහට කලොත් ඒ තීන්ත වල ලාබේ.(නදී)