බණ්ඩාරගම රඹුක්කන ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඉවතලන අපද්‍රව්‍ය පුළුස්සන කවුළුව ප්‍රමිතියට අනුකූලව ඉදි කරන තෙක් එය පරිහරණය කිරීම අවලංගු කළ බව මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ වැඩ බලන පරිසර නිලධාරිනි එම් අයි පෙරේරා මහත්මිය කීවාය.
මෙම ආයතනයේ ඉවතලන අප ද්‍රව්‍ය පිලිස්සීමෙන් ඇති වන දුම හා අළු නිසා පානීය ජලය අපවිත්‍ර වීම හා ශ්වසන රෝග පැතිර යාමේ අවධානමක් පවතින බවට බණ්ඩාරගම පොලීසීයට පැමිණි කිරීමෙන් පසු පොලීසිය මධ්‍යම පරිසර අධිකාරීයට දන්වා මෙම තීරණය ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නිල දරුවන්ට ඕව මතක් වෙන්නේ.එක්කෙනෙක් දෙන්නෙක් මැරුණම. නමුත් හැම එකක්ම මැක්කගේ කතාවක් කරගන්න එපා. (ස)
මේ යන විදියටගියොත් අනාගතේ ලොකු ප්‍රශ්නයක් වෙනවා නිසි පියවර ගන්න තවම ප්‍රමාද නෑ (අ)
අපිට විතරද දුම් සහතිකේ ගන්න උවමනා පොලිසියට නැද්ද සමහර පොලිස් වාහන දුම් කෝච්චි (අ)
ඔය දුම් කවුළු ගැන කතා කරන කොට කාටවත් මතක් උනේ නැද්ද බොරැල්ලේ කනත්තේ පරණ ආදාහනාගාරයේ දුම් කවුළුව. ඒක එච්චර උස නැහැ. සමහර දවස්වල මෙහි උදේ වරුවෙත් දවල් 1.00 - 2.00 ටත් ආදාහන කටයුතු කරනවා. එයින් හමා එන දුම ළඟම තියෙන දේවි බාලිකා විද්‍යාලයේ පන්ති කාමර පුරා පැතිරෙනවා. හුළං හමන විට දුම පහතට ගලා එනවා. බලධාරීන් දේවි දරුවන්ගේ සෞඛ්‍යය පිලිබඳ සිතා මේ ගැන සොයනවා නම් කොච්චර අගේද? (නදී)
හොඳ ආරම්භයක්. නාගරිකව පවත්වාගෙන යන දර පෝරණු බේකරි වලටත් ප්‍රමිතියකින්යුත් චිමිනියක් අනිවාර්ය කිරීම අවශ්‍යයයි. (අ)
හොඳ ආරම්භයක්. නාගරිකව පවත්වාගෙන යන දර පෝරණු බේකරි වලටත් ප්‍රමිතියකින්යුත් චිමිනියක් අනිවාර්ය කිරීම අත්‍යවශ්‍යයි (අ)
බොහොම හොඳ දෙයක්,මහා ජන සෞඛය අනාගතය ගැන සිතීම.
අප ද්‍රව්‍ය පුළුස්සන කවුළුව ප්‍රමිතියෙන් තොරයි කියලා තහනම් කළා කියමුකෝ.ඒක හදනකල් අපද්‍රව්‍ය ගඟට දමයිද කියලත් සොයා බැලුවොත් හොඳයි මගේ හිතේ. (නි)
නීල් රණා කියන්නේ තනිකරම අන්තර්ජාල රස්තියාදුකාරයෙක්. රස්සාවක් කරලා පනම් හතරක් හොයා ගන්න උගත්කම තියෙන්න එපැයි. මේ වගේ අය මාන බලන්නේම කොහොමද අනුන් ගේ පානෙන් එළිය බලන්නේ කියලා..(අ)
මදුශ,හා හා නීල් රනාට එරෙහිව ඔයා අදහස් ලියන්න එපා.(නදී)
නීල් රණා, පළමුවැනි වතාවට මට ඔබ සමග එකඟවෙන්න ලැබුණ එක ගැන සතුටුයි. නාගරික දරපෝරනුවලින් බොහෝ විට දුම් පිටකරන්නේ නිසි උසකින් නෙමෙයි. අවට ජීවත්වන අයට පමණක් නොව මහ මග යන එන අයටත් ඒ දුම් වදින හැටි මං දැකල තියෙනවා. ඇත්තම කියනවනම් දර පෝරණු නෙමෙයි, පරිසරයට බලපාන ඕනෑම දෙකට ප්‍රමිතියක් තිබිය යුතුමයි. දර පෝරණු චිමිනියකට අවශ්‍ය තව ගඩොල් ටිකක් තියල දුම් කුලුන ඉස්සීම පමණයි. ඒකවත් කරන්නේ නැහැ හරියට. නගර සභාත් වගකියන්න ඕන මේවට. (නදී)
භූගත ජල දුෂණය ගැන කතා කරනවා නම් ලංකාවේ වාහන සර්විස් කරන ස්ථාන වලින් 99% වාහන එන්ජින් වලින් ඉවත දමන ලිහිසි තෙල් කෙලින්ම එකතු වෙන්නේ පස්වලට සහ භූගත ජලයට, ජර්මනියේ නම් ඒවා කොහොමටවත් පසට එකතුවෙන්න දෙන්නේ නැහැ, කරුණාකර මේවා ප්‍රමිතියකට ප්‍රතිචක්‍රී කරණය කිරීමට සළස්වන්න. මේවට අවශ උපදෙස් සහ තාක්ෂණය ජර්මනිය , ප්‍රංශය වැනි රටවල පරිසර සංවිධාන වලින් නොමිලයේ ලබාගන්න පුළුවන්. අවශ්‍ය වන්නේ පරිසර අමාත්‍යයංශය ඉල්ලීමක් කරන එක පමණි (නි)
ප්‍රශ්න ඇති වෙන්න කලින් මෙහෙම දෙයක් කල එක හොදයි (දී)
ඉතාමත් හොඳ ආරම්භයක්..බොහොමයක් කර්මාන්ත ශාලාවල නියමිත ක්‍රමයට අවශ්‍යය පහසුකම් නැහැ.මෙම නිලධාරිනිය අවශ්‍යය පියවරගත්තට මෙයට ඉහලින් බලපෑම් ඇතිවිය හැකියි.මෙම තහනම ඉවත් කරවීමට. වැඩිම ප්‍රමාණයක් කම්හල්වල තත්වය මේකයි.ප්‍රථමයෙන්ම කල යුත්තේ ජනතාව නිරෝගිව ජිවත් කරවීම.(ස)
එවැනි තීරණයක් ගත්ත එක බොහොම හොදයි (ස)