රට පාලනය කළ සියලු පක්ෂ එක්ව රටේ නිෂ්පාදන ආර්ථිකය කඩාකප්පල් කළ නිසා අද වනවිට ජනතාවට අවශ්‍ය බොහෝ දේ පිටරටවලින් ගෙන්වීමට සිදුවීම නිසා විශාල මුදල් ප්‍රමාණයක් වසරකට පිටරටට ගලායන බව අනුර කුමාර දිසානායක මහතා අද (27) ගලේවෙල පැවති ජනහමුවකදී පැවසිය .
අප රටේ පාරේ ගමන් කරන කාන්තාවක් දෙස බලා සිටියහොත් හිසේ ගාන තෙල් ටික ,කොණ්ඩ කටුව ,සාරිය ,පාවහන් .අත් ඔරලෝසුව ,මේ සියල්ල පිටරට ඒවා බවත් සිරුර පමණක් ශ්‍රී ලංකා බව කිවේය .
කිරිපිටි ගෙන්න ඩොලර් කොටි 34ක්, සිනි වලට ඩොලර් කොටි 25ක්, මිරිස් වලට ඩොලර් කෝටි 6ක්, ලුණු වලට ඩොලර් කෝටි 4ක්, මුං ඇට ගෙන්න ඩොලර් ලක්ෂ 70ක්, වසරකට ලංකාවේ මුදල් පිටරට වලට දෙන බවද පැවසිය.

COMMENTS
ඔයාලගේ ඉතින් කටවල් විතරනේ මහත්තයෝ (නි)
අතින් බතල හිටවන අයනේ. දැන් තියෙන්නේ ඔබතුමන්ලා පත්කරපු, කඩේ ගිය යහපාලන ආණ්ඩුවක්නේ. ඉතින් කෑමොර දෙන්නේ නැතුව ඒ අයට කියන්නකෝ (නි)
මේ වට අදහස් දාන සමහර කට්ටියට ඇත්ත කියනකොට රිදිලා (නි)
ආ මේ අපේ මහත්තයනේ.... මම ඒත් බැලුවා කවුද කියලා (නි)
ඔය කතාව ගම් වලට ගිහින් කිවුවට කමක් නැහැ. ලෝකේ හැම රටක්ම ඔහොම තමා. ඇමෙරිකාව විශාල රටක් වුණත්, අවශ්‍ය දේ තමන්ට නිෂ්පාදනය කරගන්න පුළුවන් වුණත් විදේශ වලින් භාණ්ඩ ගෙන්වනවා. එහෙම තමයි රටවල ආර්ථිකය හසුරුවන්නේ. අපේ රටෙත් මැතිණියගේ කාලේ බොහෝ දේ නිපදවන්න හැදුවා. එ්ත් විවෘත ආර්ථිකය ආවට පස්සේ ඒක නැතිකරලා දැම්මනේ (නි)
අපේ මෝඩ සිංහලයාට ඔය කැපකිරීම කරන්න බැරි නිසා තමයි 77 දී රටේ ආර්ථිකය වෙනස් කළේ (නි)
මේවා කවදා අපිට වැටහෙයිද? (නි)
බස් පුච්චලා, ට්‍රාන්ස්ෆෝමෙර් පුච්චලා, තැපැල් කන්තෝරු ගිනිතියලා, ඉස්කෝල වහල, කඩ සාප්පු වහල, ඇත පය කපලා, පුපුරවල, ගිනි තියලා, කර්මාන්ත ශාලා වහලාමේ රට ආපස්සට ඇද්දේ ඔබතුමාලමනේ, මට මතක විදිහට (අ)
රටේ නිෂ්පාදන ආර්ථිකයට දායක වූ අහිංසක ගොවි මහතුන් රැසකට හිමිවූ කටුක ඉරණමක් සහිත අතීතයකුත් අපිට මතක් වෙනවා (නි)
සමහර භාණ්ඩ වල මෙරට නිෂ්පාදන පිරිවැය වැඩියි. ආනයනයට පැමිණෙන නැව්, භාණ්ඩ අපනයනයට යොදාගන්නවා. මේ නිසා වෙළදාම දියුණු වී රටේ අාදායම වැඩිවෙනවා. 1970 දී පිටරටින් අහාර ගෙනඒම නැවත්වූ විට මිනිසුන් බඩගින්නේ මියගියේ මේ නිසා (නි)
හැබැයි අපේ දේශීය සහෝදරයන්ගේ දුරකථන පවා විදේශිකයි. (නි)
මෙයාලගේ වැඩ කොහොම වෙතත් මේ කියන කතාව නම් සහතික ඇත්ත (නි)
ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ හැමදාම කතා කර කර විතරක් ඉන්න පක්ෂයක්. මිනිස්සු එ්ක දන්නවා. එ්ක නිසා තමයි ඡන්දෙ දෙන්නේ නැත්තේ. දැන් ජාතික ආණ්ඩුවක් තියෙන එකේ එකතුවෙලා වැඩක් කරලා පෙන්නන්නකො. එතොකට මිනිස්සු වැඩියෙන් ඕගොල්ලන්ගේ කට්ටිය පාර්ලිමේන්තු යවයි. විවේචන කරනවා වගේම වැඩත් කරලා පෙන්නන්න. (නි)
මේ රට අාගාධයට ඇදදාන්න ඔය කවුරු කවුරුත් හවුල් වුණා (නි)
ඔබට මතක නැතිවුණාට අද වාගේ මතකයි මට (නි)
අනේ හසන්ත, ඔබ කොහෙද ඉන්නේ? මේ පවතින ආණ්ඩු එක්ක එකට වැඩ කරන්න පුලුවන්ද? හොරු සමඟ ගිහින් තමනුත් මඩ ගාගන්නවද? එකම විකල්පය ජනතාව දැනුවත් කිරීම මගින් හොරු ප්‍රසිද්ධ කිරීම නේද? (නි)
මොන දේ නැතත් ඔබලා යථාර්තය පැහැදිලි කිරිමේ දී පෙරමුණ ගන්නවා එය හොඳ ලක්ෂණයක් මේ රටේ අනිත් දේසපාලුවෝ එක්ක සැසදීමේදී එයට අපි ගරුකරනවා (ම)
පහු ගිය කාල වල රටට විනාසයක් කරලා හොද ඉතුරුවක් කරානේ මෙයාලා (ම)
අසු ගණන් වල ජනතාව ණය වී ගෙනාපු සම්පත් විනාශකළේ මොන හිතකින්ද? (ම)
මේ ගොල්ලෝ ඈවිත් මහජනයාට අවශ්‍ය හැම දේම මෙහේ නිෂ්පාදනය කරන්න වෙන්න ඇති යන්නේ (ම)
ලුසේනා සහ විශාකා යන අයගේ කතා සහතික ඇත්ත. මේගොල්ලෝ කරපු දේවල් කියන්න ගියොත් වැඩක් නැහැ. කටින් බතල කොළ හිටවන අය. (නි)
මහින්ද බරපතල යුද්දය ඉවර කරලා රට දියුණු කරන්න පටන් ගත්ත විතරයි ඒ නියම නායකයා එලවල දැන් බොරු කයිය ගහනවා (ම)
නිකන් කැගහ ගහ ඉන්නේ නැතිව පටන්ගන්න සමුහ ගොවිපළවල් පෙළක් උතුරු නැගෙනහිර වැව් ආශ්‍රිතව. (ම)
ඇමෙරිකාව ලංකාවට සමාන කරන්න එපා. දේශීය කර්මාන්ත ගොඩ නගා රට දියුණු කළ යුතු නොවේද? (ම)
අනේ ප්‍රයෝගික දෙයක් කතා කරමුද අනුර මහත්තයෝ. තියන ඡන්ද ටිකත් නැති කරගන්නේ නැතුව (අ)
අතීතය මිනිසුන්ට අමතකවෙලා නැහැ. එදා ඔබ කළ විනාශය මතක නැද්ද? (නි)
අනේ තවත් මොකටද කතා? (නි)
එ්ක සහතික ඇත්ත සහෝදරයා! (නි)
ඉතින් අනේ ඔයාගේ කට්ටියත් එක්ක ගිහින් හදන්නකෝ හමුදාවක්. කියව කියවා ඉන්නේ? (නි)
ඉතින් ඔයගොල්ලොනේ යහපාලානේ නියමුවෝ. කියව කියවා ඉන්නේ නැතුව වැඩ පෙන්නන්නකො. (නි)
එකද 88-89 කාලේ බස් පුච්චලා, ට්‍රාන්ස්ෆෝමෙර් පුච්චලා, තැපැල් කන්තෝරු ගිනිතියලා, කර්මාන්ත ශාලා ගිනිතියලා රටට පෙන්නුවේ (නි)
මෙයාලා හොඳට කඩේ ගිහිල්ලා ගිහිල්ලා දැන් එනවා විරිඳු කියන්න (නි)
මේගොල්ලන්ගේ හැමදාම බොරු කයිවාරු විතරයි. අපි නොදන්නා ජවිපෙ. ලස්සනට වචන කිව්වාට වැඩක් නැහැ මහත්තයෝ වැඩ බැරි නම්. ඔයගොල්ලොත් එකතුවෙලා රට විශාල අර්බුදයකට යවලා ඉවරයි. මහ පක්ෂ දෙක කරපු වැඩ මේ ගොල්ලන්ට බලයට පත්වුණත් කරන්න බැහැ (නි)
පාලන බලයේ ඉන්නත්, නැවත බලය ලබාගන්නත් අවශ්‍ය නිසා අපේ දේශපාලකයන් ලෝකය වටේ ගිහින් හිඟාකාලා හරි අපට ඔය කියන කොටස සපයනවා ඇත. ඔබතුමන්ලාටත් බලයට එන්න අවශ්‍ය නම් ඔය ගැන කතා නොකර සිටීම වැදගත් වෙනවා ඇත. නිවැරදි වුණත් ජනතාවගේ හුරුවීම වෙනස් කිරීමට යාම එකතැන පල්වීමට හේතුවෙනවා ඇත. (නි)
අනේ මොකටද මගේ කට! (නි)
ජයාත්, ලංකාවේ කවදාද හොරු නැති ආණ්ඩු තිබුණේ? මේගොල්ලෝ එකතුවෙන එකෙන් සමහර හොරකම්වත් නතර වෙයි කියලා හිතන්න බැරිද? (නි)
කටින් බතලකොල හිටවන්නේ නැතුව ඔය නිරපරාදේ පෝස්ටර් ගහන කොල්ලො ටිකත් එක්ක ගිහින් හේනක් කොටලා මුං ටිකක් හරි හිටවන්නකෝ. තවත් අපේ සල්ලි වලින් පාර්ලිමේන්තුවේ පඩි අරන් බයිලා ගහන්නේ නැතුව ඉන්න. (නි)
ඔය පක්ෂ වල අයට ඡන්දෙ දීල බලයට පත්කරලා තියෙන බහුතරය හොඳ බුද්ධිමත් අයනේ (නි)
අනේ ඉතින් අපි නොදන්න මෙයාලගේ දේශපාලනේ (නි)
ඇමරිකාවේ නිෂ්පාදන එරට තියෙන්නේ 5%ටත් අඩුවෙන්. ඔක්කොම ගේන්නේ පිටරටින්. නමුත් ඒක තමයි ලෝකේ අංක එකේ රට. හොයලා බලන්න එ්කේ රහස. (නි)
මිනිස්සු තවම හීන ලෝකවල නිදි. රටක් හැටියට නැගිටින්න හිතන්නේ කවදාද? (නි)
තමන්ගේ රටේ බඩු විතරක් පාවිච්චි කරන්න ගිය ඉන්දියාව පවා දැන් පිළිගෙන තියෙනවා විවෘත ආර්ථිකයෙන් ලබාගත හැකි වාසි තියෙනවා කියලා (නි)
පුදුම වැඩේ කියන්න ජනවාරි 8 වෙනිදාට කලින් ඕවා මේ පරිණත දේශපාලකයාට නොතේරුණු එකනේ. (නි)