(අංජුල මහික වීරරත්න)
දැනට පවතින නියඟ තත්ත්වය ඉදිරියේ දී තවත් දරුණු විය හැකි බැවින් ඉදිරි මහ කන්නය අසාර්ථක වුවහොත් රටට ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුවිය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
දැවැන්ත නියඟයක් හා ආහාර හිඟයක් සම්බන්ධව මුලු ලෝකයම අනතුරු අඟවා තිබෙන බවද ඊට මුහුණ දීම සඳහා ඉන්දීය රජය පසුගිය සතියේ සිට සහල් අපනයනය නවතා දැමු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ලංකාවට සහල් අවශ්‍ය වුවහොත් මිල දී ගත්තේ ඉන්දියාවෙන් බව කී අමාත්‍යවරයා නමුත් දැන් ඉන්දියාව සහල් අපනයනය නවතා ඇති නිසා සහල් ලබා ගැනීමේ හැකියාවක් ද නැති බව පැවසීය.ඉන්දියාවෙන් ගෙන්වා ගන්නට හැකියාව තිබුනත් සහල් ආනයනය කරන්නට මේ අවස්ථාවේ මුදල් නැතැයි අමාත්‍යවරයා කීය. රටේ මේ වන විට ආහාර සංචිතයක් නැතැයි ද වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී නොගත් නිසා හදිසි අවශ්‍යතාවයකට යොදා ගැනීමට වී තොග රජය සතුව නැතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ නිසා ඉදිරි කාලයේ රටේ මිනිස්සුන් ආහාර හිඟයට කොහොම මුහුණ දේවිදැයි හිතාගන්නටවත් බැරි බව අමාත්‍යවරයා කීය.
තවමත් දිස්ත්‍රික්ක දෙක තුනක හැර අනෙක් ප්‍රදේශවලට ජලය ගැටලුවක් නැති නිසා වගා කළ හැකි හැම බිම් අඟලක්ම වගා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයිද අමාත්‍යවරයා පැවසීය.
අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 10ක ගෙවතු වගා වැඩ සටහන යටතේ ප්‍රතිලාභීන් 250කට අවශ්‍ය පැළ කට්ටල ලබා දීමේ වැඩ සටහනට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම කියන්න ඇමැතිවරයකුට පුළුවන්ද? අනික වෙලා ඇමති ඉන්දියාවෙන් බිත්තර මිලියනය ගණනේ දවස් ගානේ ගේනවා කියනවා. ඒ සල්ලි එයාගේ පෞද්ගලික මුදල්ද? කෘෂිකර්ම ඇමති දිගු සහ මධ්‍ය කාලීන සැලසුමට වැඩ කරන්න ඕන. මේ තත්ත්වය මත ඔහු ඉල්ලා අස්වීම සිදුවිය යුතුය.
දැන්ද ඕවා මතක්වෙන්නේ... ලැජ්ජයි...!
පළමුව අනතුරු ඇඟවීම... දෙවනුව ආහාර හිඟය. තෙවනුව හාමත...