(අංජුල මහික වීරරත්න)
දැනට පවතින නියඟ තත්ත්වය ඉදිරියේ දී තවත් දරුණු විය හැකි බැවින් ඉදිරි මහ කන්නය අසාර්ථක වුවහොත් රටට ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුවිය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
දැවැන්ත නියඟයක් හා ආහාර හිඟයක් සම්බන්ධව මුලු ලෝකයම අනතුරු අඟවා තිබෙන බවද ඊට මුහුණ දීම සඳහා ඉන්දීය රජය පසුගිය සතියේ සිට සහල් අපනයනය නවතා දැමු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ලංකාවට සහල් අවශ්‍ය වුවහොත් මිල දී ගත්තේ ඉන්දියාවෙන් බව කී අමාත්‍යවරයා නමුත් දැන් ඉන්දියාව සහල් අපනයනය නවතා ඇති නිසා සහල් ලබා ගැනීමේ හැකියාවක් ද නැති බව පැවසීය.ඉන්දියාවෙන් ගෙන්වා ගන්නට හැකියාව තිබුනත් සහල් ආනයනය කරන්නට මේ අවස්ථාවේ මුදල් නැතැයි අමාත්‍යවරයා කීය. රටේ මේ වන විට ආහාර සංචිතයක් නැතැයි ද වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී නොගත් නිසා හදිසි අවශ්‍යතාවයකට යොදා ගැනීමට වී තොග රජය සතුව නැතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ නිසා ඉදිරි කාලයේ රටේ මිනිස්සුන් ආහාර හිඟයට කොහොම මුහුණ දේවිදැයි හිතාගන්නටවත් බැරි බව අමාත්‍යවරයා කීය.
තවමත් දිස්ත්‍රික්ක දෙක තුනක හැර අනෙක් ප්‍රදේශවලට ජලය ගැටලුවක් නැති නිසා වගා කළ හැකි හැම බිම් අඟලක්ම වගා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයිද අමාත්‍යවරයා පැවසීය.
අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 10ක ගෙවතු වගා වැඩ සටහන යටතේ ප්‍රතිලාභීන් 250කට අවශ්‍ය පැළ කට්ටල ලබා දීමේ වැඩ සටහනට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ආහාර හිඟයක් ගැන අනතුරු ඇඟවීමක්
Lalla Sunday, 30 July 2023 12:39 PM
මෙහෙම කියන්න ඇමැතිවරයකුට පුළුවන්ද? අනික වෙලා ඇමති ඉන්දියාවෙන් බිත්තර මිලියනය ගණනේ දවස් ගානේ ගේනවා කියනවා. ඒ සල්ලි එයාගේ පෞද්ගලික මුදල්ද? කෘෂිකර්ම ඇමති දිගු සහ මධ්‍ය කාලීන සැලසුමට වැඩ කරන්න ඕන. මේ තත්ත්වය මත ඔහු ඉල්ලා අස්වීම සිදුවිය යුතුය.
Dewa Sunday, 30 July 2023 02:00 PM
දැන්ද ඕවා මතක්වෙන්නේ... ලැජ්ජයි...!
Nimal Monday, 31 July 2023 07:35 AM
පළමුව අනතුරු ඇඟවීම... දෙවනුව ආහාර හිඟය. තෙවනුව හාමත...