පුද්ගලයින් 100කට වඩා වැඩි ප්‍රිය සම්භාෂණ සඳහා ආහාර පිළියෙළ කරන ආයතන ලැයිස්තුවට අනුව සෑම ආහාරයකම ග්‍රෑම් 100ක ප්‍රමාණයකුත් පාන වර්ගවලින් මිලි ලීටර් 200කුත් ශීතාගාරවල තැන්පත් කර තැබීමට නියෝග කර ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.
හදිසි අවස්ථාවකදී ආහාර සම්බන්ධ සංකූලතාවයක් ඇති වුවහොත් ශීතාගාරවල තැන්පත් කර ඇති ආහාරපාන ඉක්මන් පරීක්ෂණ කටයුතු සඳහා යොදා ගත හැකි බවද ඔහු කීවේය.
කොළඹ සියලු තරු පහේ හෝටල් සහ මහා පරිමාණයේ ආහාර ඇනවුම් බාර ගන්නා ආයතනවල ආහාර ලැයිස්තුවල සියලු ආහාර පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගෙන ඇතැයිද පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිදුවූ ආහාර විසවීමෙන් පුද්ගලයන් කිහිපදෙනකු රෝහල්ගත වීම මෙම පියවර ගැනීමට හේතුව බවත් විජයමුණි මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන හොඳ ඒවා සීතකරණයට දාල නරක ඒවා විකුනනවා. එතකොට මොකද කියන්නේ? (ර)
අනික් අයට දෙන්න කලින් කන්න දෙන්න ඕනේ හෝටලේ ලොක්කටම තමයි.(ම)
මම හිතනවා මේක හොඳ විසඳුමක් වේවි කියලා (නි)
හැබැයි ඉතින් ව්‍යාපාරික ආයතන කියන්නේ ඒ ග්‍රෑම් 100 ත් විකුණාගන්න බලන කට්ටියක් (නි)
අනිත් අයට දෙන්න කලින් හැම ජාතියෙන්ම ටික ටික කාට හරි කන්න දුන්න නම් අහාර විෂ ද කියල ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. (අ)