
(අංජුල මහික වීරරත්න)
2026 ආසියා කලාපීය රාජ්‍ය ණය කළමනාකරණ සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම් සඳහා සම සත්කාරකත්වය සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආසියා සංවර්ධන බැංකුව විසින් වාර්ෂිකව පවත්වනු ලබන ආසියා කලාපීය රාජ්‍ය ණය කළමනාකරණ සමුළුව මඟින් එම බැංකුවේ සාමාජික රටවල ණය කළමනාකරුවන්ට රාජ්‍ය ණය කළමනාකරණ ක්ෂේත්‍රයේ අත්දැකීම් බෙදා ගැනීමට, අභියෝග සාකච්ඡා කිරීමට සහ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට අවස්ථාව සැලසේ.
2026 ආසියානු කලාපීය රාජ්‍ය ණය කළමනාකරණ සමුළුව, ණය කළමනාකරණ මෙහෙයුම්, අභියෝග හා නව ප්‍රවේශයන් කෙරෙහි අවධානය යොමු කරන සමීක්ෂණ වලින් හා තාක්ෂණික වැඩමුළු වලින් සමන්විතව දින 4-5 ක කාල සීමාවක් තුළ පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඒ සඳහා සාමාජික රටවල මුදල් අමාත්‍යාංශ, මහ බැංකු, ණය කළමනාකරණ කාර්යාල සහ අනෙකුත් අදාළ ආයතන නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගි වීමට නියමිත ය. රාජ්‍ය ණය කළමනාකරණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර කීර්තිය වැඩි දියුණු වීම, ආසියානු සාමාජික රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ ද්වීපාර්ශ්වික හා කලාපීය සබඳතා ශක්තිමත් වීම, ණය කළමනාකරණ මෙහෙයුම් සඳහා දැනුම හුවමාරුව සහ ධාරිතා වර්ධනය ප්‍රවර්ධනය ආදී ප්‍රතිලාභ මෙම සමුළුවේ සක්කාරකත්වය දැරීම හරහා අත්කර ගැනීමට හැකි වනු ඇත.
ඒ අනුව, 2026 වර්ෂය සඳහා වන ආසියානු කලාපීය රාජ්‍ය ණය කළමනාකරණ සමුළුව 2026 මැයි මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා සම - සත්කාරකත්වය දැරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථීක සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආසියා රාජ්‍ය ණය සමුළුවේ සත්කාරකත්වය ලංකාවට