(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ පළමු මාස 6 තුළ ආසියාවේ හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත් වූ ශ්‍රී ලංකා රුපියල මසක් තුළදී ආසියාවේ දුර්වලම ක්‍රියාකාරීත්වයක් ඇති මුදල් ඒකකය බවට පත්ව ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පෙන්වා දී ඇත.
පොලී අනුපාත අඩු කිරීම සහ ආනයන සීමා ලිහිල් කිරීම හේතුවෙන් ඉදිරියේදී රුපියල තවත් දුර්වල විය හැකි බව එම නාලිකාව වාර්තා කර තිබේ.ජූලි මාසයේදී ශ්‍රී ලංකා රුපියල සියයට 6 කටත් වඩා වැඩි ප්‍රමාණයකින් දුර්වල වී ඇති බවත් මෙම මාසයේදී පිට පිට දින 14 ක් රුපියලේ අගය පහත වැටී තිබෙන බවත් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකා රුපියලේ අගය දින 14 කාලයක් පහත වැටීම අවුරුදු 5 ක තුළ රුපියලේ අගය පහත වැටුණු දීර්ඝතම දින ගණන බවද බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර ඇත.පළමු මාස 6 තුළදී ශ්‍රී ලංකා රුපියල සියයට 19 කින් ශක්තිමත් වෙමින් ආසියාවේ හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත් වූ බවත් ජූලි මාසය තුළදී සියයට 6 කටත් වඩා වැඩි ප්‍රමාණයකින් දුර්වල වී ආසියාවේ දුර්වලම ක්‍රියාකාරිත්වයක් ඇති මුදල් ඒකකය බවට පත් වී ඇති බවත් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකා රුපියල වසර අවසාන වන විට තවත් සියයට 8 කින් අවප්‍රමාණය වී ඇමෙරිකානු ඩොලරයක වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 355 පසු කර යනු ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පුරෝකථනය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට මාස 6 කට පෙර මංජු නිස්සංක පැවසුවා මේක වෙනවා කියල , අවුරුද්ද අන්තිම වෙනකොට ඩොලර් එක 370-390 අතර අගයක් ගන්නවා , රුපියල ආරක්ෂා කරගන්න අවශ්‍යනම් දැන් කරගත්ත යුත්තේ නිෂ්පාදනය වැඩිකර අපනයනය දිරිමත් කිරීම ,
ලංකාවේ ආර්ථික ඔස්තාර්ලා සහ වීරසිංහ, සිරිවර්ධන දෙපළ වෙන වෙනම මයික් කටාලා වෙන්නේ නැතිව, කියන්න එකම වේදිකාවකට ගෙනැල්ලා ජනතාව දැනුවත් කරන්න කියලා රුපියලකට ගන්න පුළුවන් දේකුත් අරන් ඇවිත්...