නවසීලන්තයේ අග‍්‍රාමාත්‍ය ජෝන් කී පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී අද පෙරවරුවේ පැවැත්විණි.
ආචාර පෙළපාළියකින් නවසීලන්ත අගමැතිවරයාව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කැඳවාගෙන එනු ලැබූ අතර හමුදා උත්තමාචාර, නාවික හමුදා ආචාර වෙඩි මුර ද පැවැත් විය.
දෙරට අතර මිත‍්‍රත්වය තහවුරු කරමින් ශ්‍රී ලංකා රජයෙන් නවසීලන්ත රජයට ‘නන්දි’ අලි පැටවා බාර දීමේ සන්නස් පත‍්‍රය ජනාධිපති නවසීලන්ත පිරිනැමීය.
මීට අමතරව දෙරට අතර ද්වීපාර්ශවීය ගිවිසුම් දෙකකට ද අත්සන් තැබිණි.
ජනාධිපති සිරිසේන මහතා පැවසුවේ පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඇති දිගුකාලීන මිත‍්‍රත්වය අගමැතිවරයාගේ මෙම සංචාරය සමග තවත් ශක්තිමත් වනු ඇති බවයි.
දෙරට අතර තාක්‍ෂණික හා කෘෂිකාර්මික දැනුම හුවමාරු කරගැනීමට සහ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට පියවර ගන්නා බවද ජනාධිපති කීවේය.
නවසීලන්ත අගමැති කී මහතා පැවසුවේ ශ්‍රී ලංකාව ආසියාවේ දිලෙන පහනක් බවට පත්වෙමින් තිබෙන බවයි.
වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සංවර්ධනය හා සංහිඳියාව ආදී සෑම අංශයකින්ම දියුණුවක් ලබා ඇතැයි කී නවසීලන්ත අගමැතිවරයා ශ්‍රී ලංකාවේ කටයුතු වෙනුවෙන් නවසීලන්තයේ සහයෝගය ලබාදෙන බවද කියා සිටියේය.
නවසීලන්තයේ සංචාරයකට පැමිණෙන ලෙස ශ්‍රී ලංකාවේ ජනාධිපතිට සහ අගමැතිට ඔහු ඇරයුම් කළේය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන මලික් සමරවික‍්‍රම, ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, දුමින්ද දිසානායක, දයා ගමගේ, පී. හැරිසන්, සාගල රත්නායක, හරීන් ප‍්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් සහ නවසීලන්ත නියෝජිතයෝද එහි වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්! (නි)
හිතමිතුරු රාජ්‍යයන් එක්ක සුහදව ගනුදෙනු කරන එක අපි වගේ කුඩා රටවලට ආශිර්වාදයක් (නි)
අවසානයේ සිංහලයා තම මවුබිමේම අසරණ වූ පිරිසක් බවට පත්වේවිද? (නි)
කොටන් ඇද්දේ කව්රුත් පෙරහැර යන්නේ කව්රුත්. (කෞ)
යහපත් සිතින් දැල්වූ පහන් සමස්ත ලෝකය පුරාම පැතිරෙනවා .යහපාලනධිපතිතුමනි ඔබගේ නිදහස් නිහඬ සේවය අපි අගය කරමු. (ර)
හිතාගන්න අමාරුයි අදහස් හුවමාරු කරගන්නේ කොහොමද කියලා (නි)