IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


'ආසියාවේ දිලෙන පහන ලංකාව'

නවසීලන්තයේ අග‍්‍රාමාත්‍ය ජෝන් කී පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී අද පෙරවරුවේ පැවැත්විණි.

ආචාර පෙළපාළියකින් නවසීලන්ත අගමැතිවරයාව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කැඳවාගෙන එනු ලැබූ අතර හමුදා උත්තමාචාර, නාවික හමුදා ආචාර වෙඩි මුර ද පැවැත් විය.

දෙරට අතර මිත‍්‍රත්වය තහවුරු කරමින් ශ්‍රී ලංකා රජයෙන් නවසීලන්ත රජයට ‘නන්දි’ අලි පැටවා බාර දීමේ සන්නස් පත‍්‍රය ජනාධිපති නවසීලන්ත පිරිනැමීය.

මීට අමතරව දෙරට අතර ද්වීපාර්ශවීය ගිවිසුම් දෙකකට ද අත්සන් තැබිණි.

ජනාධිපති  සිරිසේන මහතා පැවසුවේ පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඇති දිගුකාලීන මිත‍්‍රත්වය අගමැතිවරයාගේ මෙම සංචාරය සමග තවත් ශක්තිමත් වනු ඇති බවයි.

දෙරට අතර තාක්‍ෂණික හා කෘෂිකාර්මික දැනුම හුවමාරු කරගැනීමට සහ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට පියවර ගන්නා බවද ජනාධිපති කීවේය.

නවසීලන්ත අගමැති කී මහතා පැවසුවේ ශ්‍රී ලංකාව ආසියාවේ දිලෙන පහනක් බවට පත්වෙමින් තිබෙන බවයි.

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සංවර්ධනය හා සංහිඳියාව ආදී සෑම අංශයකින්ම දියුණුවක් ලබා ඇතැයි කී නවසීලන්ත අගමැතිවරයා ශ්‍රී ලංකාවේ කටයුතු වෙනුවෙන් නවසීලන්තයේ සහයෝගය ලබාදෙන බවද කියා සිටියේය.

නවසීලන්තයේ සංචාරයකට පැමිණෙන ලෙස ශ්‍රී ලංකාවේ ජනාධිපතිට සහ අගමැතිට ඔහු ඇරයුම් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන මලික් සමරවික‍්‍රම, ගාමිණි ජයවික‍්‍රම පෙරේරා, දුමින්ද දිසානායක, දයා ගමගේ, පී. හැරිසන්, සාගල රත්නායක, හරීන් ප‍්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් සහ නවසීලන්ත නියෝජිතයෝද එහි වූහ.

_DSC0020 _DSC0032 _DSC0151 01



අදහස් (0)

'ආසියාවේ දිලෙන පහන ලංකාව'

චතුරි Wednesday, 24 February 2016 12:57 PM

සුබ පැතුම්! (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 24 February 2016 09:31 AM

හිතමිතුරු රාජ්‍යයන් එක්ක සුහදව ගනුදෙනු කරන එක අපි වගේ කුඩා රටවලට ආශිර්වාදයක් (නි)

:       0       0

නිමල් ලලිත Wednesday, 24 February 2016 09:37 AM

අවසානයේ සිංහලයා තම මවුබිමේම අසරණ වූ පිරිසක් බවට පත්වේවිද? (නි)

:       0       0

නිම්මි Wednesday, 24 February 2016 03:18 PM

කොටන් ඇද්දේ කව්රුත් පෙරහැර යන්නේ කව්රුත්. (කෞ)

:       0       0

කලණි විතානගේ Thursday, 25 February 2016 06:07 AM

යහපත් සිතින් දැල්වූ පහන් සමස්ත ලෝකය පුරාම පැතිරෙනවා .යහපාලනධිපතිතුමනි ඔබගේ නිදහස් නිහඬ සේවය අපි අගය කරමු. (ර)

:       0       0

ජයන්ත Wednesday, 24 February 2016 10:43 AM

හිතාගන්න අමාරුයි අදහස් හුවමාරු කරගන්නේ කොහොමද කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site