ආසියානු සමුළු යොවුන් පාපන්දු ශූරතා සුදුසුකම් ලැබීමේ තරග වටයේ දී අන්ත පරාජයක් ලැබූ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ (5) පෙරළා දිවයිනට පැමිණියේය. එහි දී ශ්‍රී ලංකාව මුහුණදුන් අවසන් තරගයේ දී කිරිකිස්තානය හමුවේ ගෝල 5-0ක පරාජයක් ලැබීය. එම තරගයේ දී ගෝල 3-0 ක් ලෙස පළමු භාගයේදී කිරිකිස්තානය පෙරමුණ ගත්තේය. තරගාවලියේ මීට පෙරදී ගෝල 7-0ක දැවැන්ත පරාජයක් සෞදි අරාබියාව හමුවේ ලද ශ්‍රී ලංකාව සිරියාවට එරෙහිව ගෝල 4-0ක තවත් පරාජයක් ලැබීය. පුහුණුකරුවන් තිදෙනකුගේ මෙහෙයවීමෙන් මෙම තරගාවලියට සහභාගිවූ ශ්‍රී ලංකා වයස 22න් පහළ පාපන්දු කණ්ඩායම පාකිස්තානයට හා පලස්තීනයට එරෙහිව පැවැති තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් විය. එසේ වුවත් මෙම මුළු තරගාවලියේ දී ශ්‍රී ලංකාව එක් ගෝලයක් පමණක් වාර්තා කළත් ප‍්‍රතිවාදීන් ඔවුන්ට එරෙහිව ගෝල 17ක් වාර්තා කිරීමට සමත්ව තිබේ. සෞදියට එරෙහිව ශ්‍රී ලංකාව අන්ත පරාජයක් ලබද්දී ලකුණු සටහනේ අවසන් ස්ථානයට පැමිණි සිටින පාකිස්තානය ඔවුන්ට එරහිව ගෝල 1-0ක් ලෙස ගෞරවනීය පරාජයක් ලැබීම කැපී පෙනේ. මෙම තරගාවලියේ දී ලකුණු 13 බැගින් සම ලකු-ණු ලබමින් සෞදි අරාබිය හා සිරියාව ලබන වසරේ දී පැවැත්වෙන තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගත්හ. ශ්‍රී ලංකාව ලකුණු දෙකක්ද ඔවුන්ට පසු පසින් සිටින පාකිස්ථානය එක් ප‍්‍රසාද ලකුණක්ද ලබා තිබේ. ලබන පෙබරවාරි මාසයේ දී ”නවදිල්ලි” නුවර දී පැවැත්වෙන සාෆ් කී‍්‍රඩා උළෙලට සුදානම් වන ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ වත්මන් පසුබෑම දැඩි අවධානයට යොමුවිය යුත්තක් බව පාපන්දු විචාරකයන්ගේ අදහසයි. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව තමන්ට වඩා පහළ සිටින රටවල් කීපයකට ද ශ්‍රී ලංකාව සෞදියේදි පරාජයට පත්විය. මෙම තරග සංචාරයේදී ප‍්‍රධාන පුහුණුකරු සම්පත් පෙරේරා, සහය පුහුණුකරු ඩඞ්ලි ස්ටෙන්වෝල් හා ගෝල් රකින්නන්ගේ පුහුණුකරු ලලිත් වීරසිංහ යන මහත්වරු කටයුතු කළහ. කෙසේ වුවත් ශ්‍රී ලංකා පාපන්දු පිලේ මෑතක දී සිදුකළ වෙනස්කම් සාර්ථකවී නැතැයි මෙම පරාජයෙන් තහවුරු වන බව පාපන්දු විචාරකයන්ගේ අදහසයි. ශ්‍රී ලංකා පාපන්දු පිලේ නායකයා ලෙස නිපුන බණ්ඩාර කටයුතු කළේය. ශ්‍රී ලංකා පාපන්දු පිලේ මෑතක දී සිදුකළ ප‍්‍රතිසංවිධාන කටයුතුවලට මුල්වු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රියර් අද්මිරාල් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සරත් වීරසේකර මහතා මෙම පරාජය සම්බන්ධයෙන් දැඩි අවධානය කර ඇතැයි ද වාර්තාවේ. කළමනාකරුගේ වාර්තාව ලැබීමෙන් පසු ඔහු ඒ සම්බන්ධයෙන් සුදුසු පියවර ගනු ඇතැයිද වාර්තාවේ. ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසු වුවත් පාකිස්තානය පහෙන් තුනක් පරාජය වී තිබෙන අතර කිසිදු තරගයක් ජයගෙන නැත. එහෙත් ඔවුන් ප‍්‍රතිවාදීන්ට ලබාදී ඇත්තේ ගෝල අටක් පමණි. එහෙත් ප‍්‍රතිවාදීන්ට එරෙහිව කිසිදු ගෝලයන් ලබාගැනීමට ද සමත්ව නොමැත.
2025 දෙසැම්බර් මස 18
68
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
935
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආසියානු සමුළු පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාවට ප‍්‍රතිවාදීන්ගෙන් ගෝල 17 ක්
සම්පත් කල්පගේ Friday, 06 July 2012 05:21 PM
සම්පත් කරුණාකරලා ඔබ ඉක්මනටම අස්වීමේ ලිපිය භාර දෙන්න