IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


ආසියානු සුපිරි තරු මලල ක‍්‍රීඩා තරගාවලියට මංජුල - චන්ද්‍රිකා පමණයි

ආසියානු සුපිරි තරු ‘‘ ඕල්ඞ් ස්ටාර්’’ මලල ක‍්‍රීඩා තරගාවලියට සහභාගි වන   ශ්‍රී ලංකා කණ්ඩායම දෙකකට අඩු වී තිබේ. මේ තරගාවලිය ලබන සෙනසුරාදා (30) කසකස්තානයේ දී පැවැත්වේ. ඊට තෝරා ගෙන සිටි ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් පස් දෙනාගෙන් උස පැනීමේ ක‍්‍රීඩක මංජුල කුමාර හා මීටර් 400 ක‍්‍රීඩිකා චන්ද්‍රිකා සුභාෂිනී  රස්නායක පමණක් එම තරග සංචාරයට සහභාගි වෙමින් හෙට (28) දිවයිනෙන් පිටත්ව යයි. ෂෙහාන් අඹේපිටිය (මීටර් 100 - පිරිමි), ප‍්‍රසන්න අමරසේකර (මීටර් 400 - පිරිමි) අසනීප තත්ත්වයන් මැද තරගාවලියට සහභාගි නොවන බව දැනුම් දී තිබෙන අතර දැනට ඇමරිකාවේ වෙසෙන මීටර් 400 කඩුලූ පැනීමේ ක‍්‍රීඩිකා ක‍්‍රිස්ටිනා ෂොනාලි මෙරිල් ද තරග සංචාරයට සහභාගි නොවන බව වාර්තා වේ. මෙම තරග සංචාරයේ දී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බාර නිලධාරියා ලෙස නම් කර සිටි සුනිල් ජයවීර මහතා අසනීප තත්ත්වයන් මැද ඊට සහභාගි නොවන බවට මලල ක‍්‍රීඩා සංගමයට දැනුම් දී තිබේ. ඉතාලියේ සිට ඊයේ ශ්‍රී ලංකාවට පැමිණියත් ෂෙහාන් අඹේපිටිය පාදයේ පවතින ආබාධයක් නිසා ආසියානු සුපිරි තරු තරගාවලියට සහභාගි නොවන බව ඔහුගේ පුහුණුකරු සුනිල් ගුණවර්ධන මහතා ”ලංකාදීප”යට පැවසීය. ක‍්‍රීඩක ප‍්‍රසන්න අමරසේකර උණ රෝගයෙන් පෙළෙන බව වාර්තා වේ. නාගලිංගම් එදිරිවීරසිංහම් මහතා මංජුල කුමාරගේ පෞද්ගලික පුහුණුකරු ලෙස තරග සංචාරයට එක් වන අතර බර්නාඞ් පෙරේරා මහතා මෙම තරගාවලියේ දී තාක්‍ෂණික නිලධාරියකු ලෙස කටයුතු කිරීම සඳහා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.



අදහස් (0)

ආසියානු සුපිරි තරු මලල ක‍්‍රීඩා තරගාවලියට මංජුල - චන්ද්‍රිකා පමණයි

Dr. කුලන් රණසිංහ Thursday, 28 June 2012 04:30 PM

ශ්‍රී ලංකාවට ජය ගෙන එන්න ශක්තිය ලැබේවා..!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 92 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2229 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 691 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site