ජාත්‍යන්තර ජයග‍්‍රහණ කෙරෙහි විශ්වාසය තැබිය හැකි ක‍්‍රීඩා තෝරා බේරාගෙන එම ක‍්‍රීඩා වලින් ඉදිරියට එන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දියණුවට වැඩි දායකත්වයක් දැරීමට කටයුතු කරන බව ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි. ඉන්දියාවේ ‘පූනේ’ තරගයේදී නිමාව දුටු 20 වැනි ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට හිමිවූ පදක්කම් සහ ශ්‍රී ලංකාවේ දස්කම් ගැන කළ විමසීමකදී ඇමතිවරයා මෙසේ පැවසීය.
එම තරගාවලියේදී ශ්‍රී ලංකාවේ දස්කම් රිදී පදක්කම් දෙකකට සහ ලෝකඩ පදක්කමකට සීමා විය. ඇමතිවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ දස්කම් ප‍්‍රමාණවත් නොවන බවයි.
”පුම්බපු තරමට ප‍්‍රතිඵල ආවෙ නෑ. රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීම ගැන සෑහීමකට පත් වෙන්න බෑ”
”කළමනාකරු වාර්තාව ලැබුණු පසු රටේ මලල ක‍්‍රීඩාව සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නේ කුමන ක‍්‍රියාමාර්ග වලටද කියලා තීරණයකට එනවා” යයිද ඇමැතිවරයා පැවැසීය.
”ක‍්‍රීඩා අමාත්‍යාංශය මේ රටේ ක‍්‍රීඩාවට අති විශාල මුදලක් වියදම් කරනවා. ප‍්‍රතිඵල නැතිනම් ඒ වියදමෙන් වැඩක් නෑ”
”ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේ ප‍්‍රතිඵල ගැන හිතනකොට අනාගතයේදී ක‍්‍රීඩා අමාත්‍යාංශය වැය කළ යුත්තේ කුමන ක‍්‍රීඩා වලටද කියලා තීරණයක් ගන්න වෙනවා” යයිද ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය.
පූනේ මලල ක‍්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 20 දෙනෙක් සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටියම එකතු වෙලා තව හොදට හොරකම් කරහම තම පදක්කම් හම්බවෙ.(අ)
සුනිල් ගුණවර්දන ලා කයිවාරු ගැහුවට ඉබේ බිහිවෙන ක්‍රීඩකයන්ගෙන් ඔව්න් ලකුණු දා ගත්තට ඔව්න් හදන ක්‍රීඩකයන් නෑ.තිලකරත්න, දර්ශා, සුසන්තික වගේ අයගේ දක්ෂතා වලින් ඔය කට්ටිය බැබලුන විතරයි. (අ)
සෑහීමකට පත්වෙන්නේ කොහොමද අයුබෝවන්ඩ, මේවා පාලනය කරන්නේ ක්‍රීඩාවට ආදරේ කරන ඇත්තෝද?බලන්නකෝ බැට්මින්ටන් දිහා. (නි)
ඇමති තුමෝ, කොහොමත් එස් . බි ඇමතිතුමාගෙන් පස්සේ ඔය ක්‍රීඩාව උඩට ගෙන්න කාටවත් බැරි වුනා. හැමෝගෙම කට විතරයි. ඉබේ බිහිවන ක්‍රීඩකයන්ගෙන් ලකුණු දාගත්ත කතාවත් හරියට හරි. අපි ගමට ගිහින් හොඳ ක්‍රීඩකයෝ හොයන්න තාමත් පටන් අරන් නැහැ. නිලධාරී තාම නිදි. (නි)
සද්දෙ හැටියට අපේ අයගේ වැඩ නැහැ (නි)
අනෙක් ක්‍රීඩාත් ඔහොම තමා අර පහුගිය කලේ හොද බ්රේක් පලු දෙකක් තියෙනවා කියල කුමාරයෙක්ට කෙදිරිගාල බලෙන් එක්කෙනෙක් මලයාසිය ගියා නිකන් අපරාදේ නිකන් සවාරි යනවා විතරයි ක්‍රීඩා කරන්න ඕනේ නැහැ දේසපාලනයයි ක්‍රීඩාවයි පටලව ගත්තම ඔහොම තමයි වියදම් විතරයි අදායම් නෑ. කොම්පැනිය පාඩු පිට දුවනවා (අ)
කතාව ඇත්ත