ඉරානයේ ටෙහෙරාන් නුවරදී දැන් පැවැත්වෙන ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතාවලියේදී ශ්‍රී ලංකාව, උස්බෙකිස්තානය පරාජය කිරීමට සමත්විය. එම තරගයේදී සංචාරක ශ්‍රී ලංකා පිල ජය ගත්තේ ලකුණු 25/21, 25/13, 25/12 ක් ලෙසටය. ශ්‍රී ලංකාව හෙට (24) ඉන්දුනීසියාවට එරෙහිව තීරණාත්මක තරගයකට සහභාගිවීමට නියමිතය. එම තරගය ජය ගත හොත් පමණක් ශ්‍රී ලංකාවට තරගාවලියේ පළමු කණ්ඩායම් අට අතරට පිවිස ඉදිරියට යා හැකිය.