ආසියානු චෙස් සම්මේලනයේ සහයෝගයෙන් ශ්‍රී ලංකා චෙස් සංගමය මෙහෙයවන ආසියානු යොවුන් චෙස් ශූරතාවලිය අනිද්දා (24) සිට ජුලි මස 1 වැනිදා දක්වා හික්කඩුවේ චායා ට‍්‍රාන්ස් සහ සිට්රස් යන හෝටල්වලදී පැවැත්වේ. ආසියානු යොවුන් චෙස් ශූරතාවලියට සමගාමීව අධිවේගී චෙස් ක‍්‍රීඩා ඉසව් දෙකක් වන ආසියානු යොවුන් රැුෆිඞ් තරගාවලිය මේ මස 25 වැනිදා ද, ආසියානු යොවුන් බ්ලිට්ස් තරගාවලිය ජුලි මස 1 වැනිදා ද පැවැත්වීමට නියමිතය. වයස 6 න් පහළ, 6, 8, 10, 12, 14, 16 සහ 18 යන වයස් කාණ්ඩ යටතේ බාලක හා බාලිකා දෙ අංශයෙන්ම තරග පැවැත්වේ. තරගාවලියට ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, කසකස්තානය, උස්බකිස්තානය, මැලේසියාව, පිලිපීනය, මැකාවෝ, චීනය, මොංගෝලියාව, වියට්නාමය, හොංකොං, ඉරානය, ඉරාකය, ජෝර්දානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, යේමනය සහ සත්කාරක ශ්‍රී ලංකාව යන රටවල්වලින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 350 කට ආසන්න පිරිසක් සහභාගිවෙති. තරගාවලියට ඉදිරිපත්වන ශ‍්‍රී ලංකා පිලට 60 දෙනෙක් ඇතුළත්ව සිටිති. ජාතික චෙස් ශූරී මියුසියස් විදුහලේ ක‍්‍රීඩිකා සචිනි රණසිංහ 18 න් පහළ (බාලිකා) වයස් කාණ්ඩයෙන් තරග වදියි. හිටපු ජාතික චෙස් ශූරයකු වන මහනුවර ධර්මරාජ විදුහලේ චාමික පෙරේරා 18 න් පහළ (බාලක) වයස් කණ්ඩයෙන් තරග වදියි.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ආසියානු යොවුන් චෙස් තරගාවලිය අනිද්දා සිට හික්කඩුවේදී