
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
ඉන්දියාවේ සංස්කෘතික අමාත්‍යංශය සහ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය එක්ව ”ආසියාව ශක්තිමත් කිරීමේ බුදු දහමේ කාර්‍යභාරය” නම් තේමාව යටතේ මෙම සමුළුව පැවැත්විය.
මහා සංඝරත්නය, විවිධ සාම්ප්‍රදායික ප්‍රභූන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, මහාචාර්යවරු, විද්වතුන් ඇතුළු 700කට අධික ජනතාවක් මීට සම්බන්ධ වූහ.
ආසියානු රටවල බෞද්ධ සංඝනායක හිමිවරුන් මෙන්ම ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහානායක හිමියන් මෙම වැඩසටහනට එක්වූ අතර ආචාර්ය දමින්ද පෝරගේ, ආචාර්ය ශර්මිලා මිල්රෝයි යන මහත්ම මහත්මීන්ද ශ‍්‍රී ලංකාව වෙනුවෙන් සමුළුවට එක්ව සිටියා.
ගෝලීය අභියෝගයන්ට මුහුණ දීමේදී බුදුදහමේ විස්ථායීභාවය මෙන්ම ජාතීන් එක්සත් කිරීම, අවිහිංසාව, සාමූහික යහපැවැත්ම උදෙසා බුදුදහමේ ඇති වැදගත් භාවය එහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.
විශේෂයෙන්ම මෙහිදී වස්කඩුවේ මහින්දවංශ නාහිමියන් වහන්සේගේ දේශනයයේදී පැවසූයේ පිටස්තර ලෝකය අවි ආයුධවලින් විනාශ වන අවධියක ආසියාවේ විවිධ සම්ප්‍රදායන්වලට අයත් ශාස්තෘවරුන් රැස්ව අවිහිංසාව හා සාමය පිළිබඳව සාකච්ඡාව කිරීමේ වැදගත්කම පිළිබඳවයි.
අවසානයේ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයේ අධ්‍යක්ෂ ජෙනරාල් අභිජිත් හල්දාර් මහතා දිල්ලි ප්‍රකාශනය කියවමින් ඉදිරියේදී වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර පිළිබඳව සිය අදහස් ඉදිරිපත් කරන ලදී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉන්දිය රජය විසින් නිල වශයෙන්ම සංවිධානය කරන ලද සමුළුවක්ද? එසේ නම් මෙම සමුළුවේ ලංකාවේ බෞද්ධයා නියෝජනය කිරීම සඳහා දමෙන්ද පෝරගේ හා ශර්මිලා යුවළ තෝරා පත් කරගෙන ඇත්තේ කවර නිර්ණායකයක් මතද? එය බුද්ධ ශාසන අමාත්‍යංශය හෝ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සිදු කරන ලද්දක්ද? සමස්ත ලාංකීය බෞද්ධයා නියෝජනය කිරීමට ඉහත යුවළ තෝරා පත් කර ගැනීමට හේතුවද ජනතාවට මාධ්‍ය මගින් දැනුවත් කරන්න.