ආසියානු ත්‍රෝබෝල් සම්මේලනය සංවිධානය කළ සිවුවැනි ආසියානු ත්‍රෝබෝල් තරගාවලියේ කාන්තා ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ සමත්වුහ. මෙම තරගාවලියේ පිරිමි අනුශූරතාව ද ශ්‍රී ලංකාවට හිමි විය.
ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් හතරක සහභාගීත්වයෙන් මෙම තරගාවලිය ඩුබායි’හිදී පැවැත්විණ. කාන්තා තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දියාව තරග වට 2-1 කින් පරදවා ශ්‍රී ලංකාව ශූරතාව දිනා ගත්තේය.
පිරිමි තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දිය පිල හමුවේ ශ්‍රී ලංකාව පරාජය ලැබීය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිරිමි හා කාන්තා දෙඅංශයේම තුන්වැනි ස්ථානය හිමිවිය. ජයග‍්‍රාහී කණ්ඩායම් සඳහා පදක්කම් පිරිනැමුණ අතර ත්‍රෝබෝල් ක‍්‍රීඩාවෙන් නැගී එන දකුණු ආසියානු රටක් වන පාකිස්තානයට ද එහිදී පදක්කම් පිරිනැමිණ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ආසියානු ත්‍රෝබෝල් කාන්තා ශූරතාව ශ්‍රී ලංකාවට