ආසියානු ත්‍රෝබෝල් සම්මේලනය සංවිධානය කළ සිවුවැනි ආසියානු ත්‍රෝබෝල් තරගාවලියේ කාන්තා ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ සමත්වුහ. මෙම තරගාවලියේ පිරිමි අනුශූරතාව ද ශ්‍රී ලංකාවට හිමි විය.
ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් හතරක සහභාගීත්වයෙන් මෙම තරගාවලිය ඩුබායි’හිදී පැවැත්විණ. කාන්තා තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දියාව තරග වට 2-1 කින් පරදවා ශ්‍රී ලංකාව ශූරතාව දිනා ගත්තේය.
පිරිමි තරගාවලියේ අවසන් මහා තරගයේදී ඉන්දිය පිල හමුවේ ශ්‍රී ලංකාව පරාජය ලැබීය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිරිමි හා කාන්තා දෙඅංශයේම තුන්වැනි ස්ථානය හිමිවිය. ජයග‍්‍රාහී කණ්ඩායම් සඳහා පදක්කම් පිරිනැමුණ අතර ත්‍රෝබෝල් ක‍්‍රීඩාවෙන් නැගී එන දකුණු ආසියානු රටක් වන පාකිස්තානයට ද එහිදී පදක්කම් පිරිනැමිණ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd