ශ්‍රී ලංකාවේ  යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ඇමරිකා ඩොලර් බිලියන තුනක් රුපියල් කෝටි 44100 ණයක් ලබා දීමට ආසියා සංවර්ධන බැංකුව පොරොන්දු වී තිබේ.

ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර  පැවති  49 වැනි  ආසියා සංවර්ධන බැංකු මුදල් ඇමැතිවරුන්ගේ සමුළුවේ දී මේ ගිවිසුම් අත්සන් කැරිණි.

මීට අමතරව ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය  පරිමාණ ව්‍යවසාය සංවර්ධනය වෙනුවෙන් වෙනම ආධාර දැක්වීමට ද ආසියා සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇත.

මෙරට දුම්රිය මාර්ග, වරාය සංවර්ධන, විදුලිය බෙදාහැරීම් සහ මහාමාර්ග හා ප්‍රවාහන සේවා වෙනුවෙන් මෙම ණය  ප්‍රදානය කෙරේ.