බංගලිදේශයේ පැවැති ආසියා කුසලාන තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු පහක ජයක් හිමිකර ගත්තේය. පාකිස්තානය ශ්‍රී ලංකාව අතින් පරාජයට පත්විය. මෙම තරගාවලියේ සියලුම තරග ශ්‍රී ලංකාව ජයගත්තේය. ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට නායකත්වය දුන්නේය. ශ්‍රී ලංකාව ආසිය කුසලනාය දිනූ පස්වන අවස්ථාව මෙයයි. තරගය ජයගැනීමත් සමග ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීහු රතිඤ්ඤා පත්තු කරමින් සිය සතුට පළ කළහ.
(ඡායාරූප ඒ එෆ් පී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ උණුසුම් සුබ පැතුම් අපේ වීරෝධාර කොල්ලන්ට. මේ කුසලානය අපිට කියලා පටන් ගැන්මේදීම හිතුවා. ඉතින් ඔබලාට ඉදිරි 20 20 කුසලානය අපිට අරන් දෙන්න ශක්තිය ලැබේව තෙරුවන් සරණයි(දිල්)
උණුසුම් සුබ පැතුම් ..!!!(දිල්)
ජයවේවා.! (දිල්)
මෙතන ලියල තියෙන අයට පිස්සු. , අරහේ ලංකාවේ මිනිස්සු කන්න නැතිව මැරෙනවා (අ)
සුභ පැතුම් (දිල්)
දිසා, මමත් ඔයා සමග එක්වෙනවා එක කරුණක් පිළිබඳව. රටේ බොහෝ දෙනෙකුට හරි හැටි කන්න නැති බව ඇත්ත. ඒ ප්‍රශ්නය අපි දේශපාලන වශයෙන් විසඳා ගත යුතු ප්‍රශ්නයක්. නමුත් අතීතයෙන් අපට උරුම වූ ජාන ශක්තියක් ක්‍රීඩාවක් ඔස්සේ හෝ ප්‍රකට කරන්න අපේ කොල්ලන්ට අවස්තාවක් ලැබෙනවා නම්, එය නොතකා හැරීම තවත් පාපයක්. කුඩු ගහල නැහෙන්න හදන තරුණ පරපුරක් ඉන්න රටේ මෙහෙව් කොල්ලෝ ටිකක් හරි රටේ කැතවූ නම රකින්න ඉදිරිපත්වීම ගැන මොහොතක් සිතා බලා සන්සුන් වන්න. (අ)
උණුසුම් පුභ පැතුම් (දිල්)
සුභ පැතුම් ජය වේවා (දිල්)
සිංහ පැටවුන්ට උණුසුම් සුභ පැතුම් (දිල්)
නිහතමානීව ජයග්‍රාහණය කරා තරගාවලියම මෙහෙයවු විශිෂ්ට නායකත්වයට සුභපතමි.සියළු දෙනාට සුභ පතමි (දිල්)
දිසානායක මහතා , ඔබත් කන්න නැතුව මැරිලා ගිහිල්ලා. බුත ලෝකයේ ඉදන්ද දන්නේ නැහැ මේ වගේ පිස්සු කොමෙන්ට් ඉදිරිපත් කරන්නේ. මමනම් අහල නැහැ කන්න නැතුව ලංකාවේ මිනිස්සු මැරිලද කියලා. එහෙම වෙච්ච එකම මිනිහ ඔයා විතරයි. (නදී)
ලාංකිකයින් තරම් දක්ෂ ජාතියකේ මුළු ලෝකෙම නෑ අපේ සිංහයන්ට සුබ පැතුම් !!(දිල්)
ජය වේවා ශ්‍රී ලංකා කණ්ඩායමට (දිල්)
අපේ රටට ආඩම්බරයක්, ශ්‍රී ලාංකිකයනට ලොකු සතුටක්,ඇත්තටම ඔහුන් සැබෑ වීරයෝ. (දිල්)
ජයවේවා.! උණුසුම් සුබ පැතුම් ..!!! (දිල්)
ජයෙන් ජයම වේවා. නියම වෙලාවටම ජය ලබා ලංකාව ගැන නැවත ලෝකයට මතක් කර දුන් කණ්ඩායමේ සැමට දළඳා සමිඳුගේ ආරක්ෂාව ලැබේවා. (නදී)
වෙනදට අපි පයිනල් එක පරදින්නේ වටිනාම උඩපන්දු අත අරින නිසයි. ලංකා කණ්ඩායමට සුභ පැතුම්! (නදී)
අපේ උණුසුම් සුබ පැතුම්.(දිල්)
සුභපතනවා හද පතුලෙන්ම (දී)
තේරීම් කමිටු සබාපති ඉතා හොද වැඩකොටසක් කරන බව නම් පෙනෙනවා. පසුගිය දිනවල නොයෙකුත් විවේචන එල්ලවුණා. ඒත් නිහඩව හිටියා. අද එහි ප්‍රතිපල දකිමින් එය ඇගයීමට ලක් නොකිරීම නම් හොද මදි. (නදී)
අපේ කොල්ලෝ දක්ෂයි තමයි ටී 20 කප් එකත් ගෙන්න සුබපැතුම් (දී)
දිසානායක,මිනිස්සු කන්න නැතිව මැරෙනවනම් එක කාගේද වරද? මිනිහෙකුට අත පය දීල තියෙන්නේ කුලියක් හරි කරලා ජීවත්වෙන්න. එහෙමත් බැරි මිනිස්සු ඉන්නව නම් ඒ අය නිකම්මු. කවුරුත් කන්න දෙනකම් බලාගෙන ඉන්න නිවටයෝ ඉන්න ජාතියකට නැගීමක් නැත. ලෝකේ දියුණු රටවල ජනයා කාටවත් බැන බැන ඉන්නේ නෑ. තමුන්ගේ මහන්සියෙන් යමක් කරලා ජීවත් වෙනවා. ඒකයි ඒ රටවල් දියුණු.අපේ අය ඉන්නේ කවුරුත් කන්න දෙනකම් බලාගෙන. ක්‍රීඩාව සහ කෑම අතර වෙනස වටහා ගැනීමට නොහැකි අය ගැන මොන කතාද? දැන් මෙතන අදහස් දාපු 90 දෙනාම වැරදියි නමුත් ඔබ හරි කියලද කියන්නේ? පිස්සු කාටද කියල ඒකෙන්ම පේනවා නේද?(නදී)
උදම් අනන්න එපා වැඩිය තව දිගු ගමනක් තියෙනවා ......මගේ ප්‍රණාමය (දී)
වසර ගණනාවක් තිස්සේ ක්‍රිකට් කුසලාන ජයක් බලාපොරුත්තුවෙන් දුකින්, ශෝකයෙන්,කනගාටුවෙන් සහ වික්ෂිප්තබවින් වෙලී, පෙලී,පැටලී සිටි සමස්ත ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන්ට ඒසා කාලයක් පැවැති පරාජිත නියගය හමාර කරමින් ඔවුන්ගේ නෙත්වලට රසඳුනක් බඳු සතුටු කඳුළු හෙලීමට ආස්වාදජනක වසන්තයක් උදාකරදුන් දුටුගැමුණු, ධාතුසේන,මහාපරාක්‍රම, විජයබාහු ආදී වූ නරවිරු පරම්පරාවල ජාන වලින් පැවත එන අපේ අභීත ක්‍රිකට් "සිංහ" රාජයින්ට අපගේ හද පිරි ගෞරවනීය සුභාසිංසන පුද කරන්නෙමු.(නදී).
ඇන්ජෙලෝට දිගටම නායකකම දෙන්න ඕනා.(නදී)
වීර කොල්ලන්ට ජයෙන් ජය (දී)
ජය වේවා හුඟ කාලෙකට පස්සේ කප් එකක් ගැහුව (දී)
සිංහයෝ කවදත් පෙරමුණේ, ජයෙන් ජය ශ්‍රී ලංකා කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්.(නදී)
අපට ලොකු ආඩම්බරයක් ශ්‍රී ලාංකිකයන් හැටියට මෙම ලබාපු ජය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මගේ ප්‍රණාමය හිස නමා පුදමි.(නදී)
සත්‍යා මම ඔබ සමග එකගවෙනවා (දිල්)
නියමයි තිරිමාන්න.(නදී)
කාලෙකට පස්සේ හොඳ කණ්ඩායමක් ලැබිල තියෙනවා. දේශපාලන හස්තයන් මේකට ඇඟිලි නොගහාවී කියලා මම එක හිතින් අපේ සියලුම වීරයන්ට සුබ පතනවා.(නදී)
මම ඉන්නේ ගමක. මම නම් කන්න නැති මිනිස්සු දැකල නැහැ. හිඟා කෑම රස්සාවක් කරගත්ත සමහරුන් නම් කන්න නැහැයි කියල කියනවා. ගමේ ඕන තරම් කොස් දෙල් බතල මයියොක්කා තියෙනවා. නැති අය ඉල්ලුවොත් අපි නම් දෙනවා. කුලියට වැඩ කරන්න දැන් මිනිහෙක් හොයාගන්න බැහැ ප්‍රොජෙක්ට් වල වැඩට ගිහින්. එහෙම එකේ කවුරු හරි කන්න නැහැයි කියල කියනවැජනම් ඒ මිනිහැ මහා කම්මැලියෙක්. ක්‍රීඩාව සහ කෑම අතර වෙනස වටහා ගැනීමට නොහැකි මෝඩයෝ ඔය ඉන්නේ.(නදී)
අහවල් කෙනා ෆ්යිනල් බලන්න ගිහින් නැද්ද ? (නදී)
අපේ සිංහයන්ට උණුසුම් සුබ පැතුම්! (නදී)
සතුටු වියයුතු අවස්ථාවකවත් ලාංකිකයන් වන අපට ඇයි හදවතින් එය විදින්න බැරි.ප්‍රශ්න වලින් තෙම්පරාදු වෙලා තමයි ගොඩක් දෙනෙක් අපේ රටේ ජීවත් වන්නේ එත් හැම මොහොතකම ඒ දුකින්ම ඉන්න ඕනේ නැනේ.මේවගේ ජයග්‍රහණ හරියට ඉඩෝරේට වහින වැස්සක් වගේ නිසා ඒ සතුටවත් විදින්න (දිල්)
අනාගතේදී සංගක්කාරගේ තැන ගන්න පුතෙක් බිහි උනා. තිරිමාන්න පුතේ ඔබට ජයෙන් ජය ! (නදී)
අපේ කොල්ලෝ දක්ෂයි තමයි ටී 20 කප් එකත් ගේන්න සුභ පැතුම්! (නදී)
සුභ පැතුම් ඔබ සැමට. ශ්‍රී දළදා හිමි සරණයි සදා!(නදී)
උණුසුම් සුභ පැතුම් අපේ කොල්ලොන්ට. ආඩම්බරයි.(නදී)
උණුසුම් සුබ පැතුම් ! (නදී)
කොතැන ගියත් ජය අපටයි ලංකාවේ සුභ පැතුම් (දිල්)
ආසියානු විරුවෝ එළබෙන මතුදා යලිත් ලොවෙහි වැජබෙන්නට සුබ පැතුම් !(නදී)
අපේ සිංහ පැටවුන්ට සුභ පැතුම් (දිල්)
මුල් තරග වල දස්කම් දැක්වූ සංගා,සහ මෙන්ඩිස්වත් අමතක කරන්න එපා. මුළු කණ්ඩායමේම දක්ෂකම මුළු තරගාවලිය පුරාම තිබුනා.(නදී)
අපේ වීරයින්ට මගේ උණුසුම් සුභ පැතුම්. ඔබලාට සදා ජය. ඔය මොරාල් එක වට්ටගන්න එපා. සදා ජය නියතයි.(නදී)
සමහරු හැමදාම මාලිංගට බනිනවා. නමුත් ජයග්‍රහණයේ නියමුවා ඔහුයි. (නදී)
ජය වේවා අපේ කණ්ඩායමට.(නදී)
සන්තෝෂය කියන්න වචන නැහැ. අනේ දෙවියනේ දේශපාලන ඇඟිලි ගැසීම් නම් සිද්ධ වෙන්න එපා. මැරෙන්න කලින් තව එක පාරක් ලංකාව ලෝක කුසලානය දිනනවා බලන්න ඕන. (නදී)
උනුසුම් පැතුම් අපේ සිංහ කොල්ලන්ට. 20 ය ජයගන්න ශක්තිය ලැබේවා.(නදී)
ඇති යන්තම් අර පයිනල් වලට එනකම් ඇවිත් පරදින ඇලජික් එක ඉවරයි වගේ.(නදී)
දක්ෂකම් පෙන්නුවාට අයි.පී.ඒල් එකට විකුණන්න ඒපා.(නදී)
ජයවේවා ශ්‍රී ලංකා (දී)
ජය ජය ජය වේවා ශ්‍රී ලංකා.(නදී)
නියමයි ඔහොම යමු (දී)
ඔබලා සියලු දෙනාම සදා වාසනාවන්.(නදී)
නියමයි! (නදී)
ලංකා කණ්ඩායමේ සැමට සුබ පැතුම්! (නදී)
අපේ සුබපැතුම් ! විස්සයි විස්සයි ලෝක කුසලානයත් ලංකාවට ජය නියතයි.(නද)ී
ලංකාවට උණුසුම් සුභපැතුම් (දී)
මේ ජයග්‍රහණයත් චන්ද ව්‍යාපාරයට යොදාගත්තේ නැත්තනම් තමා පුදුමේ. (දී)
2014 ආසියානු ශූර ශ්‍රී ලංකා පිලට නිව් යෝර්ක් නගරයේ සිට අපගේ උණුසුම් සුබපෙතුම් ජය වේවා සින්හයෙනි (දී)
ලෝකේ හොදම කණ්ඩායම (දී)
මාලිංග නියමයි පකිස්තාන් කන්දයමා දනගැස්සුවා (දී)
මෙම ජයග්‍රහණයට උරදුන් අයට අපේ උපහාරය... (දී)
ආසියානු ශුරින්ට මගෙන් උණුසුම් සුබපැතුම්. තරඟයේ මුල ඉඳලම හොඳට සෙල්ලම් කල. මතිවුස් දක්ෂ නායකයෙක්. (දී)
20/20 ත් ලෝක කුසලානයත් ඔහොමම දිනමු .නියමයි අපේ කොල්ලෝ හොදට සෙල්ලම් කළා . (දී)
කාලෙකට පස්සේ අවසාන තරග ජයක්.(නදී)
ජය ශ්‍රී ! (නදී)
සිංහයන්ට ජය වේවා! (නදී)
ටී 20 කිරුළ ගමු.(නදී)
මුළු තරගාවලියම අපරාජිතව ඉද අවසාන තරගයේ හොදින් ක්‍රීඩා කර පකිස්ථානය පැරදවූ ශ්‍රී ලංකාවේ අපේ සිංහයින්ට සුබ පැතුම්. අදනම් මලිගාවත්ත පැත්ත මල ගෙදර වගේ ඇති.(නදී)
මෑතකදී දිනපු විශාලතම තරඟාවලිය මෙයයි (දී)
මේ වගේ ජයග්‍රහණ ලෝකෙටම පෙන්නන්න. ජයවේවා කොල්ලනේ! (දිල්)
අපේ කොල්ලන්ට සුභ පැතුම් (දිල්)
නිහතමානිව ජයග්‍රහණය භුක්ති විඳිමු. ඉදිරි තරඟාවලි සැහැල්ලුවෙන් නොසිතා ජයගන්නට සිතට ගමු . සුභ පැතුම් !!!! (දී)
අපේ කොල්ලන්ට ලාංකීය ජනතාවගේ උණුසුම් සුබ පැතුම්. (දී)
නියමයි දිගටම කරන්න (දී)
ලංකාවට සුභපැතුම් .... කුසල් මල්ලි නියමයි ඔයා .... පොඩි සනා අපේ (දී)
මහේල පරිනතබවේ සංකේතය මනාවට පෙන්නුවා .ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනාටම ජයවේව.ටී 20 එකත් උස්සලම යමු කොල්ලනේ.ජය අපටයි ජය අපටයි .අතන මෙතන කොතන ගියත් ලංකාවේ... (දී)
පහුලිය කාලේ පැරදුන හේතුව අපි දක්කවා.9නදී)
සංගා , මහේල, මාලිංග ,අජන්ත ඇතුළු අපේ විරුවන්ට මගේ ප්‍රණාමය . 20,විස්ස කප් එකත් අපිටම තමා .(නදී)
අපේ කොල්ලන්ට අපගේ සුබ පැතුම් ...ජයවේව (දී)
අපේ සිංහ පැටවුන්ට ජයවේවා. හැමදාමත්ම මේ වගේම තරග ජයග්‍රහණය කරන්න ශක්තිය ලැබේවා.(නදී)
වාසනාවන් හරි වාසනාවන්.(නදී)
මේ හැමෝම කියන්නේ අපිට ආයෙත් ක්‍රිකට් ඕනේ කියල නේද? (නදී)
අපේ වීරයන්ට උණුසුම් සුබ පැතුම්. ඒත් තරග තුනකදී කඩුලු නවයක් අරගෙනත් අජන්ත මෙන්ඩිස්ට කණ්ඩායමේ තැනක් අහිමි වීම හිතා ගන්න බෑ. ඒ අහිංසක කොල්ලට හැමදාම කැපිල්ල. ලෝක ශ්‍රේණි ගත කිරීම් වල උඩින්ම හිටියත් කණ්ඩායමේ තැනක් නෑ.(නදී)
සුබ පැතුම් අපේ කණ්ඩායමට (අ)
ශ්රී ලංකාව සම්බන්ධයෙන් ඇත්තෙන්ම අප අහන්න ඉතාමත් කැමැත්තෙන් ඉන්නේ අපේ සැබෑ පුතුන් කොහේ ගියත් ජය කෙහෙළි නංවන අන්දමයි. හැමදෙයක්ම ව්‍යාකුල කරගන්නා බලධරයන් අඩු වශයෙන් මේ ලාබාළ තරුණ කැළ තමන් දන්නා ශාස්ත්‍රය (ක්‍රිකට් ක්‍රීඩාව) ක්‍රමවේදයකට අනුව භාවිතා කොට සාර්ථකත්වය ට පත්ව ඇති ආකාරය වත් ආදර්ශයට ගන්නේ නම් හෙට දිනයේ අපට යහපත් රටක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අලුත් ජයග්‍රහණයෙන් වෙනුවෙන් අපේ සුභාසිංශන! (නධී)
හොදයි තව මාසෙන් ඔය වගේම ටී 20 කප් එකත් ගේමු (දී)
ඇත්තෙන්ම ඔවුන් දක්ෂය එකමුතුකමක අගය එයයි සුබපැතුම් (දී)
සුසන්ත - ඉතාලිය --- ඔබේ කතාව 100% නිවරදියි (දී)
අපේ කොල්ලේ ඉතිං කොහේ ගියත් සිංහයෝ තමා. සුබ පැතුම් කොල්ලනේ ! (සැ.යු - ජයග්‍රහණයේ සතුට සමරන මේ මොහොතේ බඩු මිලද වැඩි විය හැකිය) (දී)
උණුසුම් සුබ පැතුම් සමගින්, ජයවේවා !....... (දී)
ශ්රී ලංකා කොල්ලෝ වසයි (දී)
ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුභ පැතුම්! මාලිංගගේ දක්ෂ පන්දු යැවීම ,තිරිමාන්නගේ වටිනා ශතකය, මහේලගේ පරිනත පිති හරබය ,මැතිවුස්ගේ දක්ෂ නායකත්වය මේ සියලු දේ ජයග්‍රහණය පහසු කළා.(දිල්)
අපේ කොල්ලන්නට උණුසුම් සුභ පැතුම් (දිල්)
සුභ පැතුම් (දිල්)
ශ්රී ලංකාවේ අපේ සිංහයින්ට ජය (දිල්)
ඔය වගේම 20/20 වර්ල්ඩ් කප් එකත් ලංකාවට අරගෙන එන්න.මාගේ උණුසුම් සුබ පැතුම් අපේ කණ්ඩායමට!!!!!!(දිල්)
උණුසුම් සුභ පැතුම් (දිල්)
මේ තරගාවලියේදී කණ්ඩායම් හැගීම මනාව දැකගන්න ලැබුණා.ඔහොමම ගියොත් 1996 ගෙන කිරුළ නැවත අප සතූකරගත හැකි වෙයි සැමට සුබ අනාගතයක් ! (දිල්)
ජයවේවා.! (දිල්)
සුභ පැතුම් (දිල්)
හරිම ආඩම්බරයි ! අධෂඨානය මනසින් ඉවත්කරගන්න එපා , එතකොට ජය නියතයි.(අ)
අපේ කොල්ලන්ට හිස නමා ආචාරය පුද කරනවා. සුශ පැතුම් (දිල්)
තිරිමාන්න,මාලිංග,මහේල ඇතුළු වත්මන් ආසියානු ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් විරුවන්ට උණුසුම් සුබ පැතුම්!(දිල්)
ශ්රී ලංකාවට ජය! (දිල්)
අපේ වීරයන්ට ජය පැතීමට අපි ක්‍රීඩාංගනයට ගියා. සුබපැතුම් අපේ වීරයන්ට! (දිල්)
අපේ ක්‍රිකට් කණ්ඩායමට උණුසුම් සුභ පැතුම් (දිල්)
හැම දෙනෙක්ගෙම වගකීම එකමුතු බව රට ගැන තියෙන ගෞරවය නිසා මේ ජය ලැබුණා සුභ පැතුම් (දිල්)