උතුරේ අධික ලෙස හමුදාව රඳවාගෙන සිටීම තුළින් එම පළාතේ ජනතාවගේ නිදහස අහිමි වන බවත් මෙතුළින් උතුරේ ප්‍රජාතන්ත්‍රවාදී තත්ත්වයක් ඇති කිරීමට අපහසු බවත් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය.
ආවා කල්ලිය හමුදාවේ සහායෙන් සමාජ විරෝධී අපරාධවල නිරත වන බවත් මෙම කල්ලිය පොලිසියට එරෙහි ක්‍රියාවන් සිදුකර නැවතත් උතුරේ කලබලකාරී වාතාවරණයක් ඇතිකිරීමට උත්සහා කරන බවත් හෙතෙම කීය
‘ආවා කල්ලිය පිටුපස හමුදාව සිටින බවට අප පෙරාතුවම සදහන් කළා.එහෙත් එය තේරුම් නොගත් උදවිය දැන් හමුදාවත් එම කල්ලියත් අතර පවතින සම්බන්ධය ගැන කතා කරනවා.හිටපු හමුදා නායකයෙකු විසින් ආවා කල්ලිය පිහිටවූ බවට ඇමති රාජිත සේනාරත්න ද චෝදනා සහගතව ප්‍රකාශ කළා.
මේ අනුව හමුදාවේ සම්බන්ධයක් පවතින මෙම සමාජ විරෝධී කල්ලිය රජය කෙසේ මෙල්ල කරාවිද යන්න පිළිබද ප්‍රශ්නයක් නැගී තිඛෙනවා.එමෙන්ම හමුදාව පොලිසියට එරෙහිව විවිධ ආකාරයේ කටයුතු සිදුකරමින් උතුරේ යළිත් නොසන්සුන් තත්වයක් ඇති කරන්නට වෙර දරන බවට සැක මතුවෙනවා.මෙතුළින් උතුරේ ජනතාවට නිදහස භුක්ති විදිය තත්වයක් ඇතිවී තිඛෙනවා.
මෙනිසා උතුරේ දෙමළ ජනතාවගේ නිදහස් ජීවිතය සහතික කරමින් රජය විසින් ආවා වැනි සමාජ විරෝධී කල්ලිවලට එරෙහිව උපරිම පියවර ගත යුතුයි.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන අදහස් දාන ගොඩක් අය දන්නේ නැතුව ඇති ආවා කල්ලිය බිහිවුණේ ගිය ආණ්ඩු කාලේ බව. කොටින්ව වනසපු ඒ ආණ්ඩුවට ආවා කල්ලිය නැති කරන්න බැරිවුණේ ඇයි කියන එක ප්‍රශ්නයක්. රාජිත කියන කතාවට වලංගුබාවයක් එන්නේ අන්න එතනදියි. (නි)
කොටි ඩයස්පෝරාව සහ රාජිතලට ඕන වෙලා තියෙන්නේ හමුදාව අකුලලා ප්‍රභාකරන්ගෙ අවතාරයට යලි පණ දෙන්නද කියල අපට සැකයක් තියෙනව (අ)
ප්‍රභාකරන්ට මචං කියලා උපන්දිනේට ගිනිඅවිත් දුන් සමහරු අද හොඳ තනතුරු වල ඉන්න එකේ තව මොන කතාද. (නි)
මේ අයගේ කටවල් කපන්න ඕනේ.(අ)
අපි නම් මේවට මොකුත්ම කියන්න යන්නෙ නැහැ ඔන්න (නි)
සිංහලයෙක් ලෙස රාජිත ගැන ලොකු ලැජ්ජාවක් දැනෙනවා (නි)
මේ ප්‍රකාශය කවුරුන් වෙනුවෙන්ද කියා පෙනෙන්නේ දැනුයි (අ)
රාජිත කියන කියන දේවල් මේ රටේ ජනතාව පිළිගන්නේ නැහ, මාළු හොරා ,කොටි ඩයස්පොරාවෙන් සල්ලි වලට කැහැ ගහනවද කොහේද (අ)
සුදු කොඩි කතාවේ දෙවන කොටස (අ)
රාජිතලට මේවා මොනවද? මේ වගේ අය තවත් නැහැ. (නි)
හරි දේ දැනගෙන කතා කරනවා නම් හොඳයි. මුඵ ලෝකයම ඔබ වැනි අයෙක් කියන දේ අහයිද මහත්තයෝ (නි)
රාජිත කියන්නේ ජනතා වීරයෙක්. ඔහු කවදාවත් බොරු කියලා නැහැ (නි)
මේ වගේ අය මේ පොළවේ ඉපදුනේ සිංහලයාගේ අවාසනාවට කියායි අපි නම් සිතන්නේ (නි)
යහපාලනය පිහිටවන්න ඡන්දය දීපු හැමෝම ගැන ඇත්තේ තරහක්. ලෝකෙන් උතුම් රට වූ මගේ රට අපිට, මට, මගේ දරුවන්ට, ඔබගේ දරුවන්ට නැති වෙන්න යන්නේ. සිංහලයනි, නැගිටිවු! (නි)
මේ වගේ අය ගැන අපිට නම් තියෙන්නේ පුදුම කළකිරීමක් (නි)
යහපාලනේ සියලු පක්ෂ වලට ඕනෑ ගිවිසුම්ප්‍රකාරව හමුදාව උතුරෙන් ඉවත්කරලා අාපහු තමන්ට කලින් කරගන්න බැරි වුණ දේ කරගන්න පාර කපලා දෙන්න කියලයි දැන්නම් අපිට හිතෙන්නේ (නි)
එකපාරක් සුදු කොඩි කතාවක් කියලා මුළු හමුදාවම ජාත්‍යන්තරේ ඉස්සරහා අනිවාර්තේ දණගැස්සුවා. දැන් බොරු නඩු වලට පටලවලා හමුදාව හිරේ දමනවා, කොටි නිදහස් කරලා වන්දි පුදනවා. ඒ අස්සේ තව තව සුදු කොඩි වගේ කතා කිය කියා හමුදාවට තව තවත් බොරු නඩු පටළවනවා. තමන්ගේ පටු දේශපාලන අරමුණු වලට රටත් හමුදාවත් පාවාදෙන දේශපාලකයින් ගැන අපේ ඇත්තේ කළකිරීමක් (නි)
මේ කතා වලට ගමේ කතාවක් තියනවා අමු කැවිලා කියන කතා කියල. ආවාට, ඉස්සර තිබුන කල්ලිය ගැන කතා නොකර දැන් කියනවා උතුරේ අරගල තියනවා කියල.. හමුදාවට කිසිම උවමනාවක් නැහැ කල්ලි හදන්න. මොකද අපේ හමුදාව හරිම ශක්තිමත් ඕනෑම කල්ලියක් මඩින්න. කොටි බළල්ලු කරන්ඩ හදන්න එපා. ඔය කවුරුත් හරිම හොද සාධාරණ මිනිස්සු බව රටේ ජනතාව හොදටම දන්නවා. (අ)
රාජිත කියන්නේ කවුද කියලත් අපි දන්නවා. රාජිතලාට පස්ස දොරෙන් පාර්ලිමේන්තු එන්න ඉඩහැරිය එකේ ප්‍රතිඵලය තමා මේ. (නි)
ප්‍රභාකරන්ට මැතිතුමා කීව රාජිත කුලියට කහිනවා. ආවා කල්ලියට ඔ්පමණ ප්‍රසිද්දිය දිය යුතු නැත. කල්ලිය නැති කිරීම හමුදාවට බාර දෙන්න. වැඩේ ලස්සනට කරාවි (අ).
ඔය හිටපු හොරුන්ගේ මිනීමරුවන්ගේ අවතාර කල්ලි වහාම තුරන් කළයුතුයි සාමය දිගටම පවත්වා ගන්න නම් . සුදු වැන් සංස්කෘතිය කාටද අමතක (අ)
හමුදාවට ඕන දෙයක් මේ රටේ කරන්න අයිතිය තියෙනවා. ඒ අයට සිංහලද දෙමළද කියල නෑ. අවශ්‍යනම් මරන්න පුළුවන්. හැබයි සිංහල ප්‍රදේස්වල ඕව කරන්න අවොත් ටිකක් අමරුයි. දෙමල ප්‍රදේශ වලනම් කොච්චර අපරාධ කලත් කමක් නෑ . (අ)
කානු කටවල් හැටි ඔහොම තමා (අ)
රාජිතත් කොටි ඩයස්පොරවේම කෙනෙක්. රට වනසනවා.88-89 කාලේ තිබුණු ප්‍රාකල්ලිය කාගේද? ශිෂ්‍ය සංගම් වල හිටපු ළමයින් මැරුවේ කවුද? වහාම මේගැනත් පරීක්ෂණ කරන්න. (අ)
සුරේෂ් විතරක් නොවෙයි උතුරේ සහ නැගෙනහිර දේශපාලනය කරන හැම ද්‍රවිඩ පුද්ගලයෙක්ම දැනගන්න ඕනේ ලක් මෑණිට ඉන්නේ ද්‍රවිඩ දරුවන් විතරක් නොවන බව. දරිද්‍ර තාවය මුළු රටම වෙලා ගන්නේ වර්ගයක්, ආගමක් හෝ කුලයක් බලා ගෙන නොවෙයි. ඔබ ලා ඔබලාගේ ප්‍රශ්න පමණක් කතා කරන තුරු කිසිම සිංහලයෙක් ඔබලා සමග ඊනියා සංහිඳියාවකට කැමති නැති බවත් දැන ගෙන වැඩක් කළොත් හොඳයි. (අ)
මොකටද එන්න හදන්නේ (අ)
ඔය ලට තියන හොදම දේ තයි යුඑස්ඒ හාරි තමිනාඩුවට හරි යන එක ...(අ)
නියම සංහිඳියාව. උතුරේ විග්නේශ්වරන් සහ ප්‍රේමචන්ද්‍රන් සමග දකුණේ රාජිත එක්වෙලා හමුදාවට වැඩේ දෙනවා. (අ)
රාජිත කියන කියන දේවල් මේ රටේ ජනතාව පිළිගන්නේ නැහැ. ඔහු ජනතාව විසින් බලහත්කාරයෙන් දේශපාලනයෙන් ඉවත් කළයුතු චරිතයක් ලෙසයි මම නම් දකින්නේ. (නි)
කොන්ද පන නැති අය නේ ඒ කාලේ කරපුව දැන් කරන්නේ ඒ ගොල්ලන්ට හමුදාව හෝ පොලිසිය අවනත නැද්ද ? මේ රාජිතගේ කතාවෙන් පෙන්නේ ආණ්ඩුවේ නොහැකියාවයි .(අ)
සත්‍යා කියන කතාව සම්පුර්ණයෙන්ම හරි. (හේ)
මෙහෙම ප්‍රකාශ නිකුත් කරන්න පුළුවන්.(හේ)
කොහොමද ඔප්පු කරන්නේ.(හේ)
සියලු කදවුරු ඉවත් කර බෙදුම්වාදීන්ට පහසු ඉලාකයන් ලබාගත් හැකි වන සේ ආරක්ෂාව අඩපන කර බොරු චෝදනා කර ඉතිරි පිරිසද නිෂ්ක්‍රීය කර බෙදුම්වාදීන්ට ජයග්‍රහණ ලබා දෙන වැඩපිළිවල අධි වේගයෙන් ඉදිරියට යයි . කටින් ජාතික ආරක්ෂාව තර කරමින් ක්‍රියාවෙන් එය අඩපන කරන ඉහල තලයේ දේශපාලන හස්තයන් ක්‍රියා කරන්නේ පැහැදිලිවම බෙදුම්වාදෙන් අපේක්ෂාවන් වෙනුවෙන් බව ළමයෙකුට උවද තේරුම් ගත හැක . (හේ)
ඔය වගේ ප්‍රකාශ නිකුත් කරන කැබිනට් අැමතිලා වහාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්න ඕන.(හේ)
උඩ බලාගෙන කෙල ගහපුවම් ඔහොම තමයි.(ෆහ්)
ඔය ආවා කණ්ඩායම පිහිටවපු කට්ටියම තමයි බොදු බල සේනාව රාවණ බලය වගේ දේවල් හැදුවේ මොකද මේ ගොල්ලොන්ව අවශ්‍ය ආකාරයට හසුරුවන්න ඔය හදපු කට්ටිය තමයි දන්නේ . දේශපාලන වාසි ගන්න මේ ගොල්ලෝ දක්ෂයන්. (අ)
මේ අයට උඩපනින්න, දගලන්න ඉඩදුන්නේ කවද ? අඩුව තියාගෙන අත පුච්ච ගන්නනවද ,?(හේ)