IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ආවේ නාට්‍ය ලියන්න, ඒත් දැන් රඟපානවා

   SAN_9394  

 

‘‘අපි අහලා නැති වුණත්, උන් හොඳ මාබල් ලෝඞ් එකක් හොයාගෙන තියෙනවා. ඒකට අද රාජ්‍ය නායකයන් පුද්ගලිකව සපෝට් කරනවා’’
මේ විදියට කියන්නෙ කවුද දන්නවද? තිලක්‍ෂිනී රත්නායකයි. 

 

2015-12-021  
මේ තිලක්‍ෂිනී හෙවත් යාළුවෝ ආදරයට අමතන ‘තිලා’ කවුද?


මේ දිනවල මෙයාට හැමෝම කියන්නෙ ‘‘දුටු තැන අල්ලනු’ කියලයි.


ප‍්‍රවීන රංගන හා නාට්‍යවේදීනි කෞෂල්‍යා ප‍්‍රනාන්දුගේ අලූත්ම වේදිකා නාට්‍ය වන ‘දුටුතැන අල්ලනු’ එහි ප‍්‍රධාන භූමිකාවකට ‘තිලක්‍ෂිනී’’ එක්ව සිටීම ඊට හේතුවයි.


2011 දී යෞවන නාට්‍ය සම්මාන උළෙලේදී කෙටි නාට්‍ය අංශයේ හොඳම නිළිය වූ ඇය එවර රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම ඇඳුම් නිර්මාණය සඳහා සම්මාන ලබා ගත්තා. 2013 දීත් එලෙසින් ඇය සම්මාන ලබා තිබෙනවා.2014 දීත් රාජ්‍ය නාට්‍ය උළෙලේදී කෙටි නාට්‍ය අංශයේ හොඳම නිළිය වූවේත් ඇයයි. මේ විදියට කෙටි නාට්‍ය හරහා රංගනයෙන් දීර්ඝ ගමනක් යන්න හදන මේ තිලක්‍ෂිනී එක්ක අපි කතා බහකට එක්වෙමු.

 

 

  •  තිලක්‍ෂිණී ඒ නාමයෙහි තේරුම දන්නවද?

අනිත්‍යයි දුකයි, අනාත්මයි තමයි.

 

 

  •  ගම කොහෙද?

වැඩි ඈතක නැහැ. කොළඹ කොටහේන.

 

 

  •  ඉගෙන ගත්තෙ?

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන්.

 

SAN_9367

 

 

 

  •  වයසත් කියමු නේද?

අවුරුදු 25 යි.

 

 

  •  තිලක්‍ෂිනී ඇයි ඔබ කෙටිනාට්‍යවල විතරක්ම රඟපාන්නෙ?

කෙටි නාට්‍ය කියාම විශේෂත්වයක් නැහැ. වේදිකාවේ රංගනයට අමතරව ඇඳුම් නිර්මාණ අංශයෙනුත් දායක වෙනවා.

 

 

  •   වෘත්තියෙන්?

රංගනයම තමයි. රංගනයට එක්වූ පසුව සෞන්දර්යය සරසවියෙන් නාට්‍ය හා රංග කලාව ගැන ඩිප්ලෝමා කළා. පසුව කෞෂල්‍යා ප‍්‍රනාන්දු මහත්මිය යටතේ ‘ගමරාල දිව්‍යලෝකෙට ගිහින්’, හිමකුමරිය, රන්මලී ඇතුළු සෝමලතා සුබසිංහ මහත්මියගේ නාට්‍ය නිර්මාණයන්හි රඟපෑමට එක් වුණා.

 

SAN_9431

 

 

 

  •  දැන් ‘‘දුටු තැන අල්ලනු’ එහෙම නේද?

‘‘බර්ටෝල් බ්‍රෙෂ්ට්’’ගෙ පෙති ඔපෙරා නාට්‍යයට අදාළව නයිජීරියානු පිටපතකට අනුව නිර්මාණය වුවත් මේ නාට්‍යය ශ්‍රී ලාංකීය නාට්‍ය රසිකයින්ට මෙය අපූරු අත්දැකීමක් ගෙන දේවි.

 

 

  •  වේදිකා නාට්‍ය නිර්මාණවල විතරද රඟපාන්නෙ?

ප‍්‍රසන්න ජයකොඩිගෙ ‘‘අර්ධ වෘතාන්ත චිත‍්‍රපටයක රඟපෑවා ‘‘උසාවිය නිහඬයි’’ කියලා. ඉන්පසු අශෝක හඳගමගෙ අලූත්ම සිනමා නිර්මාණය වන ‘‘ඇයට හඬන්න දෙන්න’’ (Luts her cry) චිත‍්‍රපටයේත් රඟපෑවා.

 

 

  •  ඇයි මේ රඟපෑම් අංශයම තෝරා ගත්තෙ?

ඇත්තම කිව්වොත් පාසලේ දී නාට්‍යවලට එතරම් දායකත්වයක් ලබා දුන්නෙ නැහැ. නමුත් ප‍්‍රසිද්ධ වේදිකාවට එක්වුණේ නාට්‍ය ලියන්න හිතාගෙනයි. මුල්ම කෙටි නාට්‍යයට සම්මානයක් ලැබුණාම දිගටම නාට්‍ය ක්ෂේත‍්‍රයේ වැඩ කරන්න වගේම ඒ අංශයෙන් ඉගෙන ගන්න හිතුවා. ඒ අතරේදී ආරාධනා ලැබෙන විදියට ටෙලිනාට්‍යවල කෙටි චරිතවලට එක්වුණා.

 

SAN_9415

 

 

 

  •  දීර්ඝ ටෙලිනාට්‍ය සඳහා ඇරයුම් ලැබුණොත් බාර ගන්නවද?

ඒ ගැන ප‍්‍රශ්නයක් නැහැ. නාට්‍ය හෝ නිර්මාණ වර්ග කිරීමක් නැහැ. චරිතය හොඳනම් බාරගන්නවා. කෙටි චිත‍්‍රපට කීපයක් රඟපෑවා. මෑතක දී නිමා වූ කොළඹ ජාත්‍යන්තර උළෙලේදී ඒවා ප‍්‍රදර්ශනය වුණා.

 

 

  •  පවුලේ විස්තර කිව්වොත්?

පවුලේ එකම දරුවා මමයි.

 

 

  •  ‘‘දුටුගැන අල්ලනු’’ කවදද මංගල දර්ශනය?

මෙම 12 සහ 13 කොළඹ ලයනල් වෙන්ඞ්ට් රංග ශාලාවේ දී වේදිකාගත වෙනවා. සෝමලතා සුබසිංහ මහත්මියගේ play house පදනම තමයි සංවිධානය කරන්නෙ. ප‍්‍රවීන රංග හා නාට්‍යවේදිනී කෞෂල්‍යා ප‍්‍රනාන්දුගේ අපූරු නිර්මාණයක් ලෙස මෙය නම් කරන්න පුළුවනි.

 

SAN_9356

 

sadun-gamage



අදහස් (0)

ආවේ නාට්‍ය ලියන්න, ඒත් දැන් රඟපානවා

තිනුකි Saturday, 05 December 2015 06:22 PM

ඔබට සුබ අනාගතයක්! (නි)

:       0       0

මැටිපහන Friday, 04 December 2015 09:55 AM

අන්තිම පොටෝ එක අන්තිමයි... (ර)

:       0       0

යාපා Saturday, 05 December 2015 11:29 PM

සුබ පැතුම් ඔබට!

:       0       0

පුෂ්පා කුමාරි Saturday, 05 December 2015 01:41 AM

ඒ ළමයා තරුණ දක්ෂ කෙනෙක් බව පෙනෙනවා . හොඳට ශරීරය වැහෙන්න ඇඳුම් ඇඳලා ඉන්නේ. (නි)

:       0       0

වීරකෝන් Wednesday, 09 December 2015 02:11 PM

සුබ පැතුම්! (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 04 December 2015 10:30 AM

දැක්කෙත් ඇහුවෙත් අද. ඒ උනාට දක්ෂයෙක් බව පේනවා. (ර)

:       0       0

අක්‍රම් සෞදි Friday, 04 December 2015 11:37 AM

මගේ ඔලුවත් මොකක්ද වුණා වගේ(ම)

:       0       0

රොහාන් Sunday, 06 December 2015 05:38 AM

මෙතන ලක්ෂාන් ගේ අදහස විතරයි මට නම් හරි.(හේ)

:       0       0

අමල් Saturday, 05 December 2015 03:54 AM

මාගේ සුබපැතුම්.! (ර)

:       0       0

මධූ Tuesday, 08 December 2015 07:55 AM

මට මේ ඡායාරූප ගන්න වාසනාවක් තිබුණා නම් ... (නි)

:       0       0

ඩිලාන් Saturday, 12 December 2015 03:12 AM

ඔයා ගොඩක් ලස්සනයි. ආසා හිතෙනවා දැක්කහම (නි)

:       0       0

සමන් Sunday, 06 December 2015 10:15 AM

මට නම් කැමැත්තක් ඇතිවෙන්නේ නැහැ (නි)

:       0       0

ලක්ශාන් Friday, 04 December 2015 07:37 AM

මේවා දැක්කට පස්සේ දුටු තැන උස්සන්න තාමා වෙන්නේ (අ)

:       0       0

සේන Saturday, 05 December 2015 03:35 PM

සහජ හැකියාව පෙරටු කරගෙන වේදිකාවට බට ඔබට ඉදිරියට යා හැකි පෙරමඟ ළකුණු පහළව තිබෙන බව පැහැදිලියි. ඔබගේ ගුරුතුමිය ඔබට සුපැහැදිලි ආලෝකයකට මංපෙත් විවර කරදේවි. සිංහල මෙන්ම ව්‍යක්ත ලෙස ඉංග්‍රීසි බස හසුරුවා ගැනීමේ ශක්තිය සහ කැපවීම මත ඔබගේ අනාගතය දීප්තිමත් වේවි. ඔබට සෙනෙහසින් සුභ පැතුම්! (නි)

:       0       0

කුලරත්න Saturday, 05 December 2015 04:00 PM

ඉදිරියට යන්න වාසනා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site