යුද සමයේ ආවා කල්ලිය බිහි වූයේ ආරක්ෂක අමාත්‍යංශ ප්‍රභලයකුගේ ඕනෑ කමට බවත්, ඊට හමුදා ප්‍රධානියකු සහාය දැක්වූ බවත් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කීවේය.
එකළ එම කල්ලිය දෙමළ පක්ෂ මෙල්ල කිරීමට යොදා ගෙන තිබුණු බවත්, දැන් එම එල්ලිය උතුර අවුල් කිරීමට යොදා ගන්නා බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැබිනට් තීරණ දැනුම් දෙන්න, වගකීමකින් කතා කරන කෙනෙක් නැද්ද? (ම).
අනේ මන්දා මෙහෙමත් කතා! (නි)
කැබිනට් ප්‍රකාශක වගේ වැදගත් කාර්යයකට මීටවැඩිය වැදගත් වගකීමක් තියෙන කෙනෙක් පත්කළොත් නරකද. රජයේ නිවේදන මහජනතාවට සත්‍ය කියලා අවබෝධ කරගන්න පුළුවන් විදිහේ ප්‍රකාශකයෙකු පත්කිරීම යෙහෙකි. (නි)
අපිට නම් මේවා අහලා ඇතිවෙලා (නි)
ආවා කෙසේවෙතත් අර තවත් අහවල් කල්ලියක් හදලා අපේ කොල්ලෝ බුරුතු පිටින් ටයර් සෑ වල යවන්න මුල් වුණේ කවුද කියලා නම් රටම දන්නවා. (නි)
ඇට නැති දිව ඕනෑ පැත්තකට හරවන්න පුලුවන්නේ (නි)
ඔව් ඔව් මෙයාගේ කටේ හැටි අපි දන්නවනේ (නි)
ඔක්කොම දන්නවා නම් ඉතින් නීති මඟින් කටයුතු කරනවකෝ. අනික හැදුවේ මොකා වුණත් දැන් ආණ්ඩුව ඔහෙලගේනේ. ඉතින් නැති කරන්නකෝ ඔය ආවා. විග්නේශ්වරන් කියනවා ආවා හමුදාවේ කල්ලියක් කියලා. මෙයා කියනවා ගෝඨගේ කල්ලියක් කියලා. හෙට අනිද්දට සම්බන්දන් උතුර වෙනම රටක් කියලා ප්‍රකාශයට පත් කළොත් මෙයා කියාවි ඒක රාජපක්ෂගේ ප්ලෑන් එකක් කියලා (නි)
එයාට මට පෙනෙන විදිහට පොඩ්ඩක් පැටළිලා වගෙයි (නි)
කැබිනට් තීරණ දැනුම් දෙන්න වගකීමකින් කතා කරන කෙනෙක් නැද්ද? කැබිනට් තීරණ කියලා හිතට එන එන හිතළු කියන කෙනෙක්ගෙන් ඇති වැඩේ මොකක්ද? (නි)
මට හිතෙන්නෙ අර 89 කාලෙ "ප්‍රා" කල්ලියත් එක්ක පටළැවිලා වගේ (නි)
ඔබ ආවා ගැන හොඳට දන්නා හැඩයි. (නි)
අනේ මන්දා මහත්තයෝ, මේවට මොනවා කියන්නද කියලා (නි)
අර අනිත් කල්ලිය ගැන කියන්න දෙයක් නැද්ද දන්නේ නැහැ නේද? (නි)
අාවා නොවේ, මේගොල්ලන්ට යන්න කාලය හරි (නි)
එහෙනම් ඔබතුමා ගිය ආණ්ඩුවේදී කට වහගෙන හිටියේ ඇයි? (නි)
යුද හමුදා ව්‍යවහාරයේ පැරා මිලිටරි කියන්නේ මේවට. ජේවීපී කාලේ කලු බළල්ලු, ප්‍රා එහෙම මතකද. සිරියාවේ ඇමරිකන් අාධාර ලබන්නේත් මෙන්න මේ වගේ මිලිටරි ගෘප්. මොකක් වුණත් මේක දැන් නැවැත්තුවොත් නරකද. (නි)
එකත් එකටම ගිය ආණ්ඩුවේ ඉඳන් ඕක හැදුවේ කවුද දන්නේ නැහැ....? (නි)
මේක නිකන් උඩ බලාගෙන කෙළ ගහනවා වගේ වැඩක්. එක අතකින් මොහු අපේම හමුදාව හෑල්ලුවට ලක්කරනවා. සරත් ෆොන්සේකා මහතාට මොනවාද දන්නේ නැහැ කියන්න තියෙන්නේ මේ ගැන. (නි)
රාජිත කියන දේවල් අහලා අපට ඇතිවෙලා. ඔක්කොම කතාත් හරි ප්රභාකරන් මැතිතුමා කී කතාවත් හරි. එතැනින්ම එපාවුණා එයාගේ කතා (නි)
රාජිතත් විග්නේශ්වරනුත් දෙන්නම කියන්නේ එකම දෙය. දෙන්නටම ඕනෑ අපේ හමුදාවන් නැති කරන්නද. (නි)
මෙහෙම කටක් නම් ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති (නි)
හොඳ කතා මුත්තෙක් වගෙයි (නි)
ඔයාගේ කතා තවත් අපි අහන්නේ නැහැ (නි)
මෙතුමා නේද කිව්වේ තාජුදීන්ගේ මරණය කළේ කවුද කියලා සීසීටීවී එකේ හොඳට පේනවා කියලා. එතකොට මෙතුමාගේ පුත්‍ර රත්නය මට මතකයි කියනවා, රාජපක්ෂලගේ බිලියන ගණනක බැංකු එකවුන්ට් ඇහෙන් දැක්කා කියලා. අනේ වාසනාවන් මේ වගේ දේශපලන නායකයින්! (නි)
හරියටම හරි සෙනෙවි (නි)
ඇත්තටම මේ වගේ අය මොකට ආණ්ඩුවේ තියාගෙන ඉන්නවද මන්දා? (නි)
දේශපාලකයා යනු බලය රැකගන්න පුලුවන්නම් තමන්ගේ ඕනෑම දෙයක් පාවාදෙන කෙනෙකි (නි)
මේ අපේ රටේ මිනිසුන්ගේ ඔළුවල තියෙන්නේ මොනවද කියලා පුදුම හිතෙනවා. බලන්න මේ වගකීමෙන් කියලා තියෙන කතාව මොනතරම් විනයවිරෝධිද කියලා
මෙයා කියන විදිහට බලය නැති වුණාට පස්සෙත් මහින්දට මෙච්චර වැඩක් කරන්න පුළුවන් කියන්නේ එයා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි! (නි)
ජනතාවනි, බොරු කියන දේශපාලකයන් දේශපාලනයෙන් ඉවත් කළයුතුය (නි)
ධම්ම හරි. උඩිනුත් ඇවිත් බෝම්බ දැම්මා. බස් බෝම්බ තිබුනා. දස දහස් ගණන් මැරුනා (නි)
මේවට ශරියා නීතිය යටතේ දඬුවම් දියයුතුයි (නි)
කට ඇරියොත් බොරුනෙ කියන්නෙ (නි)
මට මතකයි ඒ කාලේත් මිනීමරු කල්ලියක් තිබුනා (නි)
මෙයා ඒ බව හොඳට දන්නවා වගෙයි (නි)
මිටවඩා වගකීමෙන් කතාකළ යුතුයි (නි)
මෙයත් යුද සමයේ පැවති රජයේ ඇමතිවරයෙකු වශයෙන් සිටියා නොවේද? මේතරම් යුද්ධය මෙහෙයවුවන්ට, රටට ද්‍රෝහී වන්නේ ඇයි (නි)
එයාලා දන්නවා කොහොමත් කල්ලි හදන හැටි හොඳට. (නි)
යුද්ධය කාලේ ඔය කියන කෙනා කොහෙද හිටියේ. ඒ කාලේ කවුද යුද්ධය මෙහෙයවුයේ කියලා එයාටත් මතක නැහැ, මටත් මතක නැහැ කියලා කියන්න නම් බැහැ. මොකද ඔය කතාව කියන පුද්ගලයා නම් මැරිලා ඉපදිලා වගේනේ කතා කියන්නේ. (නි)
අනේ මන්දා මෙහෙමත් කතා! (නි)
ඔව් එ්ක නම් ඇත්ත. මොකද මේ වගේ කල්ලි පිටුපස හිටියේ කවුද කියලා හැමෝම දන්නවා. (නි)
ඔබ දැනගෙන හිටියා නම් රටේ නායකයෙක් හැටියට එයට නිසි පියවර නොගෙන වසං කරගෙන සිටීමටම නීතිය අනුව දඬුවම් හිමිවිය යුතුයි. (නි)
ඔය කියන කල්ලිය රටට විනයක් නම්, වගකිවයුතු ආණ්ඩුවක් හැටියට නීතිමය පියවර නේද ගතයුත්තේ...? (ම)
දැන්ද මෙයාලා මේවා කියන්නේ. (නි)
රටට වෙලා තියන දේ සහ රටට වෙන්න යන දේ ගැන ගොඩක් කණගාටුයි ... මේ වගේ අය රටේ නීති සකසන ආයතනය නියෝජනය කරනකොට (ම)
මේ වගේ මිනිසුන්නේ රට පාලනය කරන්නේ හැමදේම තමන්ගේ වාසියට හරවාගන්න මිනිස්සු (ම)
තව ටික දවසකින් කියයි එල්ටීටීඊ එක හැදුවේ කවුද කියලත්. (නි)