උතුරේ අපරාධවලට සම්බන්ධ බව කියන ‘ආවා‘ කල්ලිය ඇතුළු කණ්ඩායම් කිහිපයක් සොයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් නවයක් උතුරේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි පොලිසිය පවසයි.
යාපනය චුන්නාකම් මනිප්පායි කෝපායි හා යාපනය නගරාසන්න ප‍්‍රදේශවල හිස ඔසවා සිටින බව කියන මෙම කල්ලිවල අපරාධ ක‍්‍රියා වැඩි වී තිබීමත් පසුගියදා චුන්නාකම් නගර මධ්‍යයේදී පොලිස් බුද්ධි අංශයේ දෙදෙනකු කපා දැමීමත් යන සිද්ධීන් මුල්කර ගනිමින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතැයි යාපනයේ උසස් පොලිස් නිලදාරියෙක් කියයි.
ආවා කල්ලි නායකයා ‘සන්නා‘ නැමැත්තකු බවද මෙම කල්ලියේ සාමාජිකයින් සතුව තිබෙන කඩු බ‍්‍රසීලයේ නිෂ්පාදිත බවද කියති.
සන්නා සමග දේවා සහ ප‍්‍රකාශ් යාපනයෙන් පළාගොස් ඇති බවද කියති.
මෙම ආවා කල්ලියට උතුරේ ඇතැම් දේශපාලඥයින්ගේ මෙන්ම හිටපු කොටි සාමාජිකයින්ගේද තවත් අයගේ ද සහාය ඇති බවටද තොරතුරු වාර්තා වී තිබේ.
බවත් මෙම කල්ලියට යුද හමුදාවේද සහාය ද හිමිව තිබෙන බවටත් පවතින චෝදනාවන් සම්බන්ධයෙන්ද විමර්ශනසිදුකෙරෙන බවද කීය
යාපනයේ හා ආසන්න ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වන නිමලන්ගේ කල්ලිය ඩිල්ලූ ගෲප් ජූඞ්ගේ කල්ලිය සන්නාගේ කල්ලිය රොක් ටීම් ඇතුළු සමාජ විරෝධී ක‍්‍රියාවන්හි නිරත අපරාධ කල්ලි සොයා ද පරීක්‍ෂණ ක‍්‍රියාත්මක වේ.
ආවා කල්ලිය ඇතුළු මෙම කල්ලිවලට එරෙහිව මිනීමැරුම්,පුද්ගල පහරදීම් හා කපාකොටා දැමීම්, මංකොල්ලකෑම් සහ කප්පම්, පුද්ගල පැහැරගැනීම්,අපයෝජන වැනි චෝදනාවන් සම්බන්ධයෙන් පැමිණිලි රැසක්ම යාපනය චුන්නාකම් මනිප්පායි කෝපායි තෙල්ලිපලෙයි වැනි පොලිස්වල සටහන්ව තිබේ.
ආවා කල්ලිය 2013 වසරේදී විනෝදන් හෙවත් අවාගේ නායකත්වයෙන් යුතුව පිහිටුවාගෙන ඇති අතර මෙම කල්ලියේ සන්නා දරුණුම අපරාධකරු වශයෙන් සැලකෙන අතර මෙම කල්ලිය ඇතුළු සමාජ විරෝධී අපරාධ කල්ලි දකුණු ඉන්දීය දමිළ සිනමාවේ දුෂ්ට චරිත ආදර්ශයට ගනිමින් අපරාධ සිදුකරන වයස අවුරුදු 17-26 යන වයස්වල පසුවන අපරාධකරුවන් බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd