ඉදිරියේදී රූපගත කිරීමට නියමිත කරන් ජෝහර්ගේ ‘Shiddat’ චිත්‍රපටය සඳහා ජාන්වි කපූර් තෝරාගත් බව ‘ලයිෆ් ඔෆ් බොලිවුඩ්’ වෙබ් අඩවිය සඳහන් කරනවා. මෙම චිත්‍රපටය සඳහා කලින් සුරූපි නිළි ආලියා භාට් තෝරා ගෙන තිබුණ අතර, ඇගේ කාර්ය බහුලත්වය හේතුවෙන් පසුව එම චිත්‍රපටයට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කර තිබෙන බව සඳහන් වෙනවා.
ඒ අනුව ආලියාගේ චරිතය, ජාන්වීට ලැබී තිබේ. ජාන්වි ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි ශ්‍රී දේවී හා චිත්‍රපට නිෂ්පාදක බොනි කපුර්ගේ වැඩිමහල් දියණියයි. ‘Shiddat’ චිත්‍රපටයේ ජාන්වි රංගනයෙන් දායක වන්නේ ජනප්‍රිය යොවුන් බොලිවුඩ් සිනමා නළු වරූන් ධාවන් සමගිනි. එමෙන්ම ජාන්විගේ පළමු බොලිවුඩ් චිත්‍රපට රංගනයද මෙය වීම විශේෂත්වයක්. මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් එළැඹෙන දෙසැම්බර් මාසයේදී සිදුකිරීමට නියමිතයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ආලියා වෙනුවට ජාන්වි