IMG-LOGO

'ආලියා' චරිතයට හිතුවතටත් වඩා රසික ප්‍රතිචාර ලැබෙනවා

2016-11-02-ent-34

මේ දිනවල විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍යය අතරේ නාලන් මෙන්ඩිස් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන "සල් සපුනා" ටෙලි නාට්‍යයේ %ආලියා^ ලෙස ඔබගේ ආදරය දිනාගත් ෂනාලි වීරසිංහ පසුගිය දිනවල දකුණු කොරියාවේ සංචාරයක නිරතව සිටි බවට තොරතුර වාර්තා විය. ඇය එසේ දකුණු කොරියාවේ සෝල් නගරයේ සංචාරයක නිරතව සිටියේ "මිස් ග්ලෝබල් බියුටි ක්වීන්" තරගය සඳහාය. ඒ පිළිබඳව හා ඇයගේ ඉදිරි කලා කටයුතු පිළිබඳව පැවසීමට ෂනාලි "තරුණයා" හා මෙලෙස එක්විය.

 

අලුත් තොරතුරු මොනවද?

2016-11-02-ent-36පසුගිය දිනවල මම දකුණු කොරියාවේ සංචාරයක නිරත වුණා. දැන්නම් ලංකාවෙ ඉන්නේ. මේ දිනවල යළිත් %සල් සපුනා^ ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් කටයුතු සඳහා දායක වෙලා ඉන්නවා. ඒ වගේම සුපුරුදු පරිදි නිරූපණ කටයුතුවලටත් සම්බන්ධ වෙලා වැඩ කරනවා.

 

කොහොමද ඔබගේ දකුණු කොරියානු ගමන?

මම දකුණු කොරියාවට ගියේ %මිස් ග්ලෝබල් බියුටි ක්වීන්^ කියන තරගයට ඉදිරිපත් වෙන්න. ලංකාව නියෝජනය කරමින් තමයි මම මේ තරගයට ඉදිරිපත් වුණේ. මේ මගේ පළමු ජාත්‍යන්තර රූපරාජිනි තරගය. මීට පෙර මා වතාවන් කිහිපයක් ලංකාවෙ රූපරාජිනි තරග සඳහා ඉදිරිපත් වෙලා තියෙනවා. රටවල් 39ක තරගකාරියන් %මිස් ග්ලෝබල් බියුටි ක්වීන්^ කියන තරගයට ඉදිරිපත් වුණා. එහිදී මට ජාත්‍යන්තර අත්දැකීම් මෙන්ම ජාත්‍යන්තර මිත්‍රත්ව ගොඩනගා ගන්නත් හැකියාව ලැබුණා.

 

පසුගිය වසරේ ඔබ ලංකාවේ ප්‍රධාන රූපරාජිනි තරගයකට ඉදිරිපත් වුණා නේද?

ඔව්, "2015 මිස් ශ්‍රී ලංකා මිස් අර්ත්" තරගයට මම ඉදිරිපත් වුණා. එහි අවසන් තරගකාරියන් 05 දෙනා අතරට මට එන්න හැකියාව ලැබුණා.

 

"ආලියා" කියන චරිතයට කොහොමද ලැබෙන රසික ප්‍රතිචාර?

හිතුවටත් වඩා හොඳ රසික ප්‍රතිචාර දැනටමත් ලැබෙමින් පවතිනවා. මේ මගේ පළමු රංගනය නිසා තරමක් කුතුහලයෙන් හිටියේ. නමුත්, ලැබෙන රසික ප්‍රතිචාරත් එක්ක හිතෙනවා මම "ආලියා" කියන චරිතයට හොඳ සාධාරණයක් ඉටු කරලා තියෙනවා කියලා.

 

"සල් සපුනා" ටෙලි නාට්‍යයෙන් පමණයි අපි තවමත් ඔබව දැක්කේ?

"සල් සපුනා" විකාශය වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා අද දක්වා මට ටෙලි නාට්‍යය 5කට විතර ආරාධනා නම් ලැබුණා. නමුත්, මම හිතාගත්තා "සල් සපුනා" නාට්‍යය අවසන් වනතෙක් තවත් නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් %සල් සපුනා^ නාට්‍යය අවසන් වුණ දවසට තමයි මම මගේ අනිත් නිර්මාණයට දායක වෙන්නේ.

අනිත් කාරණය තමයි මම හැමදෙයක්ම එක පාරටම බදාගෙන කරන කෙනෙක් නෙමෙයි. මම රංගනයට පිවිසි මුල්කාලයේදී මුල්තැන දුන්නේ මගේ පළමු නිර්මාණයට. ඒ නිසා අනෙක් නිර්මාණ පිළිබඳව මම ලොකුවට හොයලා බැලුවෙ නැහැ. සමහරක් විට %ආලියා^ වගේම මට ගැළපෙන චරිත ඒ ප්‍රතික්ෂේප කළ නාට්‍යය අතරේ තිබෙන්නත් ඇති.

 

දැන් නිරූපණයට යොමු වෙනවා අඩුද?

පසුගිය ටිකේ දකුණු කොරියාවේ හිටිය නිසා නිරූපණ කටයුතුවලට යොමු වුණේ අඩුවෙන්. ඒ වගේම තමයි %සල් සපුනා^ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණාමත් මට ටිකක් කාලය අඩු වුණා. තිබුණ කාර්ය බහුලත්වයත් එක්ක මට නිරූපණය ක්ෂේත්‍රය තුළ තිබුණ වැඩ අහිමි වුණා. නමුත්, ඉදිරියේදී මේ හැම වෘත්තියක්ම සමබරව කරගෙන යන්න සැලසුම් කරමින් ඉන්නවා.

 

ෂනාලිට උදව් කළ පිරිසකුත් ඇති?

මගේ අම්මා, තාත්තා දෙන්නා නැත්නම් අද මම මෙතැන නැහැ. ඔවුන්ගේ මඟ පෙන්වීම මත තමයි මම මේතරම් දුරක් ආවේ. ඊට අමතරව මගේ නිරූපණ ක්ෂේත්‍රයේ ගුරුවරිය වුණ රොසෑන් ඩයස් මහත්මියව මේ වෙලාවේදී කෘතවේදීව මතක් කරන්න කැමතියි. ඒ වගේම %සල් සපුනා^ ටෙලි නාට්‍යයේ සියලුම ශිල්පීන්ව සහ තුෂාරි අබේසේකර අක්කා දුන් සහයෝගය ගැන විශේෂයෙන්ම මතක් කරන්න ඕන.

 

2016-11-02-ent-35



අදහස් (0)

'ආලියා' චරිතයට හිතුවතටත් වඩා රසික ප්‍රතිචාර ලැබෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 517 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 325 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 491 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site