IMG-LOGO

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා


ආර්ථිකය ගොඩගන්න කෘෂිකර්මයේ උදව් ගන්නවා

(අංජුල මහික වීරරත්න)

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අතීතයේ මෙරට ප්‍රධාන අපනයන බෝගයක් ලෙස පැවති කුරුඳු වගාව නැවත  ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ කෘෂි නවීකරණ වැඩසටහන සමඟ ක්‍රියාවට නංවා තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “ඩිල්මා සිනමන්”  වෙළෙඳ සන්නාමය එළි දැක්වීම වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර හෝටලයේ  පැවති උත්සවයට එක්වෙමිනි.

“සිලෝන් ටී” නාමය ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ගෙන ගිය ඩිල්මා සන්නාමය සිය සමාගම හරහා සිදු කරනු ලබන දේශීය අපනයන තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ කුරුඳු කර්මාන්තයට ද ප්‍රවිශ්ට වෙමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු කුරුඳු නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොලට ඩිල්මා සන්නාමය යටතේ හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක සූපවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රවීන සූපවේදී තෝමස් ගුග්ලර් මහතා විසින් සංකේතාත්මකව ඩිල්මා කුරුඳු නිෂ්පාදන එළි දැක්වීම සිදු කෙරිණි.



අදහස් (3)

ආර්ථිකය ගොඩගන්න කෘෂිකර්මයේ උදව් ගන්නවා

Akila Tuesday, 30 April 2024 06:23 AM

ඇයි දැන් ගංජා වැඩේ ඇත ඇරලද ? මෙයාගේ අය වැයෙත් ලොකුවට කතාකරේ ත්‍රයිලෝකපත්‍ර ගැන විතරනේ

:       1       4

lgpj Tuesday, 30 April 2024 06:28 AM

ගරු ජනාධිපති/කවදාද

:       1       3

ගමේ එකාලා Tuesday, 30 April 2024 11:29 AM

ආර්ථිකය වට්ටන්ඩ දායක වෙච්චි අය කියන කතා වලට දෙකොනින්ම හිනා යනවා .

:       1       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි බිල අඩු කිරීම ජුලි
2024 මැයි මස 16 113 0

විදුලිය බිල අඩු කිරීමේ ප්‍රතිශතය ලබන ජුලි මාසයේදී ප්‍රකාශ කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.


‘රෆා’ නගරයේ මානුෂීය ඛේදවාචකයක් ඇත්තේ නෑ
2024 මැයි මස 16 173 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම චෝදනා කළත්, ගාසා තීරයේ දකුණු දෙසින් පිහිටි රෆා නගරය කේන්ද්‍රකොට ගනිමින් කිසිදු ආකාරයක මානුෂීය ඛේදවාචකයක් න


කෝටි 240ක බෙහෙත් විසිකරලා
2024 මැයි මස 16 89 0

තත්ත්වයෙන් අසමත් රුපියල් කෝටි 240 කට වැඩි වටිනා ඖෂධ ශල්‍ය සහ රසායනාගාර ද්‍රව්‍ය පසුගිය වසරේදී භාවිතයෙන් ඉවත් කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වා


ස්ලොවේකියා අගමැතිගේ තත්ත්වය බරපතල නෑ
2024 මැයි මස 16 148 0

වෙඩි ප්‍රහාරයකට ලක්වුණු ස්ලොවේකියා අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝගේ තත්ත්වය බරපතල නොවන බවත්, වෙඩි ප්‍රහාරයට ලක්වුණු සැණින් රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයට ඇතු


රාජාංගනය-අංගමුව වාන් දොරටු විවෘත කරයි
2024 මැයි මස 16 93 0

පසුගිය දින කිහිපයේ රජරට ප්‍රදේශයට ඇද හැලුණ අධික වැස්සෙන් රාජාංගණය ජලාශයේ වාන් දොරටු හතරක් සහ අංගමුව ජලාශයේ ගේට්ටු දෙකක් අද(16) විවෘත කළ බව වාරිමාර්ග දෙප


මේ වසර අවසන් වන තෙක් වැටුප් වැඩිවීම් නෑ
2024 මැයි මස 16 226 0

මෙම වර්ෂයේ ඉදිරි කාලයේ රජයේ සේවකයින් සඳහා නැවත කිසිදු වැටුප් වැඩිවීමක් දීමට හැකියාවක් රජයට නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 725 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2254 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1934 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site