මංගල අයවැය කියා මනෝරංජන අයවැයක් ඉදිරිපත් කිරීමේ හැකියාව එක්සත් ජාතික පෙරමුණු රජයට තිබුණත් රටේ ආර්ථීකයේ තිත්ත ඇත්ත නොබියව රටට ඉදිරිපත් කළා යැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ණය බර වැඩිවීමෙ, ලෝක වෙළඳපොළ තුළ අපනයනයන් පහත වැටීම, පසුගිය කාලයේ ඉදිකළ මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘතීන් ආර්ථීකයට සම්බන්ධ කරගැනීම පිළිබ`ද ගැටෙළු පැවතීම ආදිය නිසා වර්තමානයේ දී රටේ ආර්ථීකය ගැටළුකාරී තත්ත්වයට පත්ව ඇතැයි ද අමාත්‍යවරයා ස`දහන් කළේය.
රටේ ආර්ථීකයට ලෙඩ ගොඩක් වැළදී ඇතැයි කී අමාත්‍යවරයා ඒවා එක්වර සුවකිරීම අපහසු බවද කියා සිටියේය.
මෙය සංවර්ධනාත්මක සමබර අයවැයක් බවද කී ඇමතිවරයා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ මතය අනුව සුදුසු ලෙස සංශෝධනය කර එය ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් යැයි ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙට කලින් නම් කිව්වේ කන බොන දේ වලට තිබෙන සියළු බදු ඉවත්කරනවා කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? (නි)
පහුගිය ආණ්ඩුව කළ අදුරදර්ශි ක්‍රියා වලට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ දැන් තිබෙන ආණ්ඩුවට (නි)
මහජනතාවට සහන සැළසෙන්න ටිකක් කල්ගියාට කමක් නැහැ,රට ඉදිරියට යනවා නම්. ඔය කියන ලෙඩ ඔක්කොම සුවකරලා රටට සහ එහි ජනතාවට නිදහසේ සැහැල්ලුවෙන් ජීවත්වෙන්න තිබුනොත් ඇති. (නි)
මම නම් හිතන්නේ මේකේ සංශෝධනය කරන්න දෙයක් ඇත්තෙම නැහැ. (නි)
මේක තමයි ඉතිහාසයේ අපි නම් දුටු පුදුමාකාරම අයවැය (නි)