ජාතික ආණ්ඩුවේ ඇමැතිවරු 42ක් මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරියේ අද දිවුරුම් දුන්හ.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු - අගමැති රනිල් වික්‍රමසිංහ
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියාන ආගමික කටයුතු - ජෝන් අමරතුංග
තිරසාර සංවර්ධන සහ වනජීවී ඇමැති - ගාමිණී ගාමිණී ජයවික්‍රම
ප්‍රවාහන ඇමැති - නිමල් සිරිපාල ද සිල්වා
සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන - එස් බී දිසානායක
කම්කරු හා වෘත්තීය සමිති සබඳතා - ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න
විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග - ලක්ෂ්මන් කිරිඇල්ල
ආපදා කලමනාකරණ - අනුර ප්‍රියදර්ශන යාපා
තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා - සුසිල් ප්‍රේමජයන්ත
නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ - තිලක් මාරපන
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය - රාජිත සේනාරත්න
මුදල් - රවී කරුණානායක
නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු - මහින්ද සමරසිංහ
ස්වදේශ කටයුතු - වජිර අබේවර්ධන
අභ්‍යාන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘත - එස් බී නාවින්න
මහා නගර හා බස්නාහිර සංවර්ධන - පාඨලී චම්පික රණවක
ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය - මහින්ද අමරවීර
වැවිලි කාර්මාන්ත - නවීන් දිසානායක
විදුලිබල හා පුණර්ජනනීය බලශක්ති - රංජිත් සියඹලාපිටිය
කෘෂිකර්ම - දුමින්ද දිසානායක
අධිකරණ කටයුතු හා බුද්ධ ශාසන ඇමැති - විජයදාස රාජපක්ෂ
ග්‍රාමීය ආර්ථික - පී හැරිසන්
රාජ්‍ය පරිපාලන හා කලමනාකරණ - රංජිත් මද්දුමබණ්ඩාර
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය - ගයන්ත කරුණාතිලක
නිවාස හා ඉදිකිරීම් - සජිත් ප්‍රේමදාස
වරාය හා නාවික කටයුතු - අර්ජුන රණතුංග
ඉඩම් - එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන
කඳුරට, නව ගම්මාන , යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන - යූ බී දිගම්බරන්
කාන්තා හා ළමා කටයුතු - චන්ද්‍රානි බණ්ඩාර
විදේශ රැකියා - තලතා අතුකෝරාල
අධ්‍යාපන - අකිල විරාජ් කාරියවසම්
පුනරුත්ථාපන , නැවත පදිංචිකිරීම් හා හින්දු ආගමික - ඩී එම් ස්වාමිනාදන්
ඛණිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු - චන්දිම වීරක්කොඩි
ක්‍රීඩා - දයාසිරි ජයසේකර
දක්ෂිණ සංවර්ධන - සාගල ගජේන්ද්‍ර රත්නායක
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් - හරීන් ප්‍රනාන්දු
ජාතික සංවාද - මනෝ ගනේෂන්
ප්‍රාථමික කර්මාන්ත - දයා ගමගේ
නගර සංවර්ධන හා ජල සැපයුම් - රාවුෆ් හකීම්
කර්මාන්ත හා වාණිජ - රිෂාඩ් බදුර්දීන්
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන - කබීර් හෂීම්
තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු - එම් එච් අබ්දුල් හලීම්





























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතවාදීව එක්වීම වැදගත් (නි)
අනිත් පාර ඡන්දයක් ඕනෑ නැහැ.පරණ හොරු ටික ආයෙත් කොහොමහරි ඇතුළට දාගත්තා.ජනතා මතයට ගරු කිරීමක් නැහැ. මනාප වැඩිපුර ගත් අය පේන්නවත් නැහැ. පැරදුන අයට ඇමතිකම්. (නි)
හර්ෂ ,සුජීව ,අජිත්,එරන්,රන්ජන්,....නිසා ලොකු උදව්වක් වුණ එක අමතක වුණා නම් බලාපොරොත්තුව සියයට 19.5ක් වත් නැහැ.උගත් තරුණ රටරට ඕනෑ අය තෝරන්න තේරෙන්නේ නැහැ කියන එක වටහාගත්තා අපි. රටේ වගකීම මේකද? මේ අයත් කරන්නේ පරණ යුතුකම් කරන එක නේද? රටේ බරපතල අමාත්‍ය ධූර ගැන මීට වඩා හිතලා බලමු. (නි)
ආණ්ඩුව පරදන්න කටයුතු කළ අනෙක් පැත්තෙන් ඡන්දෙ ඉල්ලපු අය, එහෙම ඡන්දෙ ඉල්ලලත් පැරදුනු අය අද ඇමතිලා. හර්ෂ ,සුජීව ,අජිත්,එරන්,රන්ජන් අසළකවත් නැහැ. ගඟෙන් දිය බිලා මුහුදට ආවඩනවා කියන්නේ මේවට තමයි. (නි)
හැටපැනපු අය, මෙලෝ උගත්කමක් නැති අය, ඡන්දෙන් පැරදුන අය සේරම ඇමතිලා.ඡන්ද ලක්ෂ ගණන් පක්ෂෙට අරන් දීපු, තමනුත් ලක්ෂ ගණන් මනාප ගත්, පක්ෂ මාරු නොකළ පිරිසිදු දේශපාලනය කළ උගතුන් අසළකවත් නැහැ. මේකටද අපි ඡන්දෙ දුන්නේ? (නි)
මගේ රටට දළදා හිමි සරණයි. වෙන මොනවා කියන්නද (අ)
නියමයිනේ! (නි)
මනාප වැඩිපුර ගත් අය පේන්නවත් නැහැ. පැරදුන අයට ඇමතිකම්. (නි)
අනේ අපේ ජනමතය! (නි)
පැරදුන අපේක්ෂකයන්ට මන්ත්‍රීකම් ඇමතිකම් දීම ජනතාවට කරන ද්‍රෝහිකමක් (නි)
රට කන ඇමතිවරු ගැන මට ඇත්තේ පුදුම තරහක් (නි)
චම්පික රණවකට විදුලි බල අමාත්‍ය දුරය තමා ගැලපෙන්නේ (අ)
ජයවේවා! (නි)
ඇමති මණ්ඩලය හොන්දයි කියමුකෝ. අපි හොඳ වැඩ කොටසක් බලාපොරොත්තු වෙනවා. (අ)
හර්ෂ ද සිල්වා කෝ .. (අ)
සනීපයි (අ)
වාරිමාර්ග ඇමති කවුද ? (අ)
අජිත් .ජී. පෙරේරා කෝ (අ)
සුජීව සේනසිංහට මොකද වුනේ (අ)
තිලක් ඩුබායි, ඔබගේ අදහසත් එක්ක මම එකඟයි (නි)
බලා ඉන්න හදනතුරු. අවුරුදු 20 කට හම්බ කරගන්න බැරිවුණ අය ඉන්නවා. අනේ! එයාලට හම්බ කරගන්න අවස්ථාව මේක. (නි)
මේ ඇමති මණ්ඩලය, කලින් පැවැති ඇමති මණ්ඩලය හා සැසඳීමේදී ලොකුම ජයග්‍රාහකයා වන්නේ දයාසිරි ජයසේකර මහතාය.ලොකුම පරාජිතයා වන්නේ නවින් දිසානායක මහතාය. (නි)
හරිම ලස්සයි ඇත රෙපොරු දැන්. (අ)
ලංකාවේ වෙන මිනිස්සු නැත්ද? (අ)
මෙගාපොලිස් යනු ඉතා විශාල, ජනාකීර්ණ නගරය හෝ නාගරික සංකීර්ණය (නි)
නුවන්සර මල්ලි, මාත් ඒකමයි හිතුවෙ.මම බලාගෙන හිටියෙ එතුමට හොරා පොලිස් වගේ අමාත්‍යංශයක් දෙයි කියලා.නමුත් ඒක දීල තියෙන්නෙ චම්පික ඇමති තුමාට.මෙගා ඩීල් අල්ලන පොලිසිය. (අ)
මැදපෙරදිග වහල් සේවයට රටේ ගැහැණු මිනිස්සු පටවන විදෙස සේවා එකට මොකෙක්වත් පත් කරලා නැද්ද? (අ)
සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන - එස් බී දිසානායක සහ නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු - මහින්ද සමරසිංහ ට මන්ත්‍රීකම් දීල ඉන් එහාටත් ගිහින් "ඇමතිකම්" දෙන්න ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද?පැරදුනු මිනිස්සුන්ට ඇමතිකම් දෙන්න ඡන්දයක් මොකට තිබ්බද? (අ)
මම වගකීමෙන් කියන්නේ පැරදුනු අයට ඇමතිකම් දෙනවා දෙනවාමයි. (අ)
මම හිතන් හිටියේ දැන්වත් දෙවියනේ කියල ලංකාවට ඇවිත් දරු පවුලත් එක්ක ජිවත් වෙන්නයි. මේ ටික රටේ දනස්කන්දය ගසා කන්න පටන් ගත්තම රටට දෙවියන්ගේම පිහිටයි.(අ)
අර රෙදි ගලවල පාරේ එක්කගෙන යනවා කියපු පැරදුන එකාටත් ඇමතිකම් දෙන්න ලැජ්ජාවක් කියල දෙයක් ඇත්තෙම නැද්ද? (අ)
මම කාවවත් පත් කරලා නැද්ද ? කියල කියන්නේ මේ අය ගැන තිබෙන අප්‍රසන්න කමටයි.පැරදුන අවුන්ට ඇමතිකම් දෙන්න නම් මහජන මුදලින් කොටි ගානක් වියදම් කරලා ඡන්දයක් තියන්න ඕනෙද?ලැජ්ජයි මහත්තයෝ. (අ)
ඇමැතිවරු 42 කෙන් නතර වෙන්නේ නැහැ.ඉදිරියට ඉන්න ඔක්කොම අයට ඇමතිකම් දීලයි පස්ස බලන්නේ. (අ)
තව මාස 6 යක් යනකොට මෛත්‍රී කියන නම ඇහෙනකොටත් රටේ මිනිස්සු මොනවා කරයිද (අ)
ෆීල්ඩ් මාෂෙල් සරත් ෆොන්සේකා මහතාට අපේ රටේ ජනාධිපති වෙන්න බැරිවුණේ රටේ මිනිසුන්ගේ අවාසනාවට.එතුමාට තැනක් දුන්නා නම් ඔය කම්බ හොරුන්ට පාර්ලිමේන්තුවේ පස් පාගන්න දෙන එකක් නැහැ.එතුමාට හොඳ පිට කොන්දක් තිබුනා. (නි)
මේ යන ක්‍රමයට තව මාස 6 යක් යනකොට දරුවන්ට කන්න අදින්න නැතිව ගගේ මුහුදේ පැනල මැරෙන අයගෙන්නම් අඩුවක් වෙන්නේ නැහැ.(අ)
ලංකාව වගේ 21 ගුණයක් විශාල ඉන්දියාවේ ඉන්නෙත් ඇමතිවරු 20 ගානයි. ලෝකයේ දියුණු අනිකුත් රටවලත් 30 කට වැඩි නැහැ.ඒකට අපේ දුප්පත් රටේ?මේ අය ඇමතිකම් නැතිව සන්තෝස කරන්නම බැරිද?(අ)
හුස්ම ගන්නවට බදු ගැහුවත් මම නම් පුදුම වෙන්නේ නැහැ. අපිත් ඉපදුනානේ මේ වගේ රටක..... (නි)
ත්‍රස්තවාදියෙක්/මිනීමරුවෙක් වුණත් මැරුන ප්‍රභාකරන්ට ප්‍රතිපත්තියක් කියලා දෙයක් තිබුනා.අපේ සමහරුන්ට එහෙම දෙයක්වත් නැහැ. (නි)
යහපාලන නමැති පහන දල්වන්නට තෙල් දැම්මේ හර්ෂ, අජිත් සුජීව, රන්ජන් වැනි අයයි. මේ පෙනෙන්නේ කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ ජනතාවට වහකදුරු තිත්ත වුණ හවුලක් (නි)
මට නම් මේ ඡන්දෙන් පැරදුන අය දෙකට නැමිලා පත්වීම් ගන්නවා බලනකොට යකා නඟිනවා විතරක් නොවෙයි ඔලුව ගහගන්න හිතෙනවා කළු ගලක (නි)
කෝ මාතර වැඩිම මනාප ගත් බුද්ධික පතිරණ මැතිතුමා? (නි)
තිලක්-ඩුබායි, ඕනෑවට වැඩිය හිතන්න එපා. (නි)
මේ අැමතිවරුන්ගේ රාජකාරිය මොකක්ද? තිරසාර සංවර්ධනය, සමාජ සවිබල ගැන්වීම්, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ, ජාතික සංවාද.. (නි)
විශ්ව විද්‍යාල ළමයින්ට දැන් බයවෙන්න දෙයක් නැහැ (නි)
තිලක්, දැනටමත් අප්‍රසන්න වෙලා ඉවරයි. මාස හයක් ඕනෑ නැහැ. (නි)
පුදුම අඩෝවැඩියාවක්නේ ..... ඡන්දෙට කලින් මහින්දව පතුරු ගැහුවා. දැන් තමන් පත්කරගත්ත ආණ්ඩුවෙන්වත් සෑහීමට පත්වෙන්න බැහැ.සමහර මිනිස්සු අඬන්නේ හරියට අපි කියලා බලහත්කාරයෙන් එයාලව රට ඇරියා වගෙයි. (නි)
මොකක්ද මේ වෙනස? (නි)
ලංකා මෑණියන් බේරාගැනීමට ජීවිත පූජාවෙන් ක්‍රියාකළ රණවිරුවන්ගේ කැපවීම ගඟේ ගියා. කරන්න දෙයක් නැහැ දැන්. (නි)
නිර්මාල් හරියට හරි. අජිත් පෙරේරා, සුජීව සේනසිංහ, රාමනායක වැන්නවුන්ට තැන දෙන්න ඕනෑ කලින්ම. ඔය කිසිම උගත්කමක් නැති කටමැත දොඩවන, ඇඳුම් නැතුව පාරේ දුවවනවා කියන අයට ඇමතිකම් නොදී. (නි)
තිලක් ඩුබායි, ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයිනේ. ඡන්දෙ පැරදිලත් හොර රැල දිනුම්. අනේ අපේ මිනිසුන්ගේ මහන්සිය! (නි)
තිලක් ඩුබායිට පිස්සුද? (නි)
ඒ යුගයත් මෛත්‍රී යුගයත් අතර කිසිම වෙනසක් නැහැ දැන්නම්.පැරදුන අයත් ඇමතිලා කරලා.තව කුමට කතාද? (නි)
දැන්නම් අපිට පාරට බහින්නත් ලැජ්ජයි (නි)
නියමයි. සුබ පැතුම්! (නි)
දැන් ඉතින් තවත් මොනවද අපිට ඉතුරුවෙලා තියෙන්නේ බලාපොරොත්තු විදිහට? (නි)
සමහර පත්කිරීම් ගැන නම් මගේ කිසිම පැහැදීමක් නැහැ (නි)
අර අප්පච්චි මැරුනා කෙනාට නැද්ද අවස්ථාවක්? (නි)
මට නම් කිසිම අදහසක් දක්වන්න හිතෙන්නේ නැහැ (නි)
අපි නම් දැන් ඉන්නේ හොඳටම කළකිරිලා (නි)
කියන දේ කරන,කරන දේ කියන හොඳ පිටකොන්දක් තිබෙන ජාතික වීරයෙක් වන ජෙනේරල් ෆොන්සේකාව ගියවර ජනාධිපති කරවා ගන්න නොලැබීම අපේ සහ අනාගත දරුවන්ගේ අවාසනාව කියලයි මට නම් හිතෙන්නේ. (නි)
හර්ෂ, රන්ජන්, අජිත්, එරන්, සුජීව එජාපය සතු ශක්තිමත් දෙවන පෙළය. ඔවුන්ව ඉදිරි පෙළ නියෝජනයට ගෙනෙන්න ඕනෑ වෙලාවට රනිල් මැතිතුමා ගෙනේවි.මං හිතන්නේ නියෝජ්‍ය ඇමතිකම් දී මනා පුහුණුවක් දුන්නා නම් රටට අවශ්‍යම කාලේදී ඔවුන් ඒ වගකීම් ඉටුකරාවි (නි)
සුබ පැතුම්! (නි)
මම නම් කියන්නේ චම්පිකට විදුලිබල ඇමතිකම දෙන්නයි තිබුණේ (නි)
"හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ" ඇමති මණ්ඩලය දකිනවිට මේ වටිනා කියමන සිහිපත් වේ. දේශපාලකයින් සතුටු කිරීමට ඇමති තනතුරු ප්‍රධානය කිරීමේ හාස්‍යජනක සහ රටට අහිතකර වූ වැරදි ප්‍රවණතාවයෙන් මිදෙන්න මේ රජයටත් නොහැකිවිය. මෙය ජනතා විශ්වාසය පලුදුවීමේ ආරම්භයයි. (නි)
රනිල් මහතාට ජයවේවා! (නි)
පැරදුන අපේක්ෂකයන්ට මන්ත්‍රීකම් ඇමතිකම් දීම ජනතාවට කරන ද්‍රෝහිකමක්. (නි)
තේ එකක් හදන්න එක් කෙනෙකුට පුළුවන්. මේ ඇමති මණ්ඩලයේ පයිප්පෙන් වතුර ගන්න එක්කෙනයි, වතුර උණුකරන්න එක්කෙනයි, තේකොල වතුරට දාන්න එක්කෙනයි, පෙරෙනය අල්ලන්න එක්කෙනයි, කෝප්පය ගෙනෙන්න එක්කෙනයි,තේවතුර කෝප්පයට වක්කරන්න එක්කෙනයි, සීනි ගෙන්න එක්කෙනයි, සීනි දාන්න එක්කෙනයි, සීනි තේ එකේ දියකරන්න එක්කෙනයි.... අන්තිමට එක්කෙනෙකුට කරන්න පුළුවන් දේ 12ස් දෙනෙක් දාලා කරනවා වගේ වැඩක්. (නි)
චම්පික රණවක විදුලි ඉංජිනේරුවෙක්. ඒ මහතාගෙන් රටට වැඩක් ගන්න නම් විදුලිබල අමාත්‍ය ධූරය දෙන්න තිබුනේ. (නි)
අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ, රන්ජන් රාමනායක කෝ? කටේ ලේ රහ වෙනතුරු කතාකරලා මිනිසුන්ගේ ඡන්ද අරන් දුන් අයට මොකුත් නැහැ. ලක්ෂ ගණන් එජාපයට ඡන්ද වැටෙන්න මේ 3 දෙනාගේ සෑහෙන දායකත්වයක් තිබෙනවා. අනික හොරු නෙමෙයි. (නි)
එරාන් විකුම්තිලක කෝ? දැනුමක් ඇති රටට වැඩක් කළ හැකි අය එජාපයට එපාද? පැරදිලා මිනිස්සු ප්‍රතිකිෂේප කළ අය ඇමතිලා. දර දිය ඇදපු උගත්, හොරකම් නොකරන මිනිස්සු එළියේ? මේකද යහපාලනය? මට නම් ඇත්තටම හරි කළකිරීමක් තියෙන්නේ (නි)
අනේ මහත්තයෝ,මෛත්‍රී පාලනයක් ආවහම ඇමති මණ්ඩලේ 20 ට අඩු කරනවා කියා කියා කැන්වසින් ගිය අපිට දැන් ගෙදරින් එළියට බහින්න බැහැ. ගමේ මිනිස්සු 20 යි 20 කිය කියා හු කියනවා . (නි)
මෛත්‍රී පාලනයට පොරොන්දු පත්‍රයේ උඩින්ම තිබුන පොරොන්දුවක්නේ ඇමති මණ්ඩලය 20 ට අඩුකිරීම. අපි ඡන්දේ දුන්නෙත් ඒකම නිසා. ඇමති මණ්ඩලය අඩුවෙලා බදු ඉවත්වෙලා බඩු මිල පහත වැටෙයි කියන බලාපොරොත්තුවෙන් (නි)
බුද්ධාගමට අනුව බොරු කියන්න හොඳ නැහැ නේද? කැබිනට් එක 20 ට අඩුකරනවා කිව්වා නේද? (නි)
මොනවා වුණත් දිමු නැති එක ගැන අපිට සතුටුයි (නි)
ඇමති මණ්ඩලය නම් වැඩියි.ඒත් මේ අය තබාගන්න ඇමතිකම් දෙන්න වෙනවා. මේ මැතිවරණ ක්‍රමය වෙස්කළ යුතුය. (නි)
මේකේ අදහස් පළකරන සමහර අයගේ දැනුම ගැන දුක හිතෙනවා. එක්කෙනෙක් කියනවා මෙගාපොලිස් කියන්නේ මෙගා ඩීල් අල්ලන පොලිසිය කියලා. අපිත් හරිම කැමතියි කලින් හිටපු හොරුන්ට මොකවත්ම නොදී ඉන්නවා නම් (නි)
අජිත් .ජී. පෙරේරා කෝ ? සුජීව සේනසිංහ කෝ? දැනඋගත් හොරකම් නොකරන රටට වැඩක් කළහැකි හා කරන්න උවමනාව තිබෙන මිනිස්සු නේද? අපි ලක්ෂ ගණන් ඡන්දෙ දුන්නෙ මේ අය පත්කරගන්න (නි)
මෙවන් ඇමති මණ්ඩලයකට විෂයයන් බෙදීම අමාරු දෙයක්.ඒ බව හොඳින් පෙනෙන්නේ, එකට ඇඳුනු විෂයයන් වලට පවා වෙන් වෙන් වශයෙන් කැබිනට් ඇමතිවරුන් ලෙස පත්වී තිබෙන නිසයි. (අ)
සතුටුවෙන්න පුලුවන් අපිට (නි)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ගත් සහ එජාපය වෙනුවෙන් සක්‍රියව දේශපාලනය කල රන්ජන් රාමනායක මහතාට කැබිනට් ඇමතිකමක් ලැබුණානම් අගනා බවයි මට හිතෙන්නේ. (අ)
රෝහණ , කැබිනට් එක 20 ට අඩු කරන්න තවත් මේ වගේ හොඳ අවස්ථාවක් කවදාවත් ලැබෙන්නේ නැහැ. සබාග ආණ්ඩුවක් නිසා කාටවත් පනින්න තැනක් නැහැ. තියාගන්න මහන්සි වෙන්න ඕනෑත් නැහැ (නි)
හර්ෂ ද සිල්වා මහතා ආර්ථික කටයුතු පිළිබඳව විශේෂිත අයෙකු බව පෙනේ.ඔහුට ද ප්‍රධාන ආර්ථිකය හැසිරීමේ කැබිනට් අමාත්‍ය තනතුරක් ලැබී තිබුණා නම් වඩාත් අගනේය. (අ)
චම්පික රණවක මහතා වැනි දක්ෂ, උගත් සහ බුද්ධිමත් අයෙකුට දියයුතුව තිබු සුදුසුම අමාත්‍යාංශය විදුලිබල හා බලශක්තියයි. අපි එතුමාට මනාප දුන්නේද ලොකු බලාපොරොත්තුවක් ඇතුවය. අපේ මනාපද හෑල්ලුවට ලක්කර ඇතිබවක් පෙනේ (නි)
රනිල් මහත්තයාට ජයෙන් ජයම වේවා! (නි)
සමහරු හිතාගෙන ඉන්නේ එයාලා ඇඳගෙන ඉන්නේ සීතාම්බර පට සළු කියලා. අපිට නම් පේනවා එයාලගේ නිරුවත හොඳට (නි)
ඛණිජ තෙල් ,විදුලිබල ඇමතිකමට නියම සුදුස්සා චම්පික රණවක ලෙස මම සිතමි. (නි)
එස්. බී. දිසානායක සහ මහින්ද සමරසිංහට ඇමතිකම් දුන්නේ ඇයි? මොන පදනමකින්ද? (නි)
නුවන්, සුජීව සේනසිංහ ගැන මමත් දැනගත්තේ පසුවයි. (නි)
හෙට සිනමා නිළියනුත් ඇමතිනියන් කරාවිද දන්නේ නැහැ? (නි)
මර්වින්වත් ගන්න තිබුනනේ (නි)
සරත් ෆොන්සේකා මහතාගේ වටිනාකම තව පස්සට තේරේවි (නි)
සමස්තයක් ලෙස වැඩි ජනතා කැමැත්තෙන් නව දේශපාලන ජරාජීර්ණ වකවානුවකට යටත් වෙන්න ලක්මාතාවට සිදුවීම නිසා සිංහලයා වට කිහිපයකින් ආගාධයට යන්න වෙන බවට පෙරනිමිති රට සැකසෙන රටාවෙන්ම මොනවාට ඔප්පුවෙයි. ඉල්ලන් කනවා නම්, බෙදාගෙනම කාපල්ලා ඇති තරම් කියනු හැර මගේ කට කුමටද? (නි)
දැන්නම් අපිට අපි ගැනම තරහයි. ඒත් මොනවා කරන්නද? (නි)
ඇමතිකම් ටිකයි දීපු අයයි බැලුවහම පේනවා රට කොහාට යයිද කියලා. අවුරුදු 2ක් දුවයිද? බලමු... (නි)
වසන්ත, අනේ ඇත්තටම මෙගාපොලිස් කියන්නේ මොකක්ද? (නි)
අපි බලමුකෝ එයාලට කරන්න ටිකකලක් දීලා (නි)