(අංජුල මහික වීරරත්න)
කඩා වැටී ඇති ශ්‍රී ලංකා ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයකට ගෙන ඒම සඳහා ඩොලර් මිලියන 250 ක් හෝ 300 ක් අවශ්‍ය වන බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
බංගලාදේශයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු මුදල නැවත පොලියත් සමග ගෙවන්නට වන බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා චීන රජයෙන් යුවාන්වලින් ලංකාවට ලැබුණු ණය නැවත ගෙවන්නට වන්නේ ඩොලර් වලින් බවත් කීය.
මෙලෙස ලැබුණු මුදල් ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදවලින් ගොඩ එන්නට ප්‍රමාණවත් නැති බව කී රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිය තවත් අමාරු වනු ඇතැයි ද සඳහන් කළේය .
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක දී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
හරියටම ගාන කිව්වේ කොහොමද මන්දා..? මහා පුදුම ඥාණයක්නේ අපේ ඇම්ඩන්ට තිබෙන්නේ... නිකන් නෙවෙයිනේ ආසියාවේ "සෘණතම" උගතා කියලා... හැබැයි ඒ දණ්ඩක් දැක්ක ගමන් බයිලා ගහන. කලිසන් කටු ගලෝගෙන ඇලේ බැහැලා එගොඩ මෙගොඩ වෙනවා.. හරිම ෂෝක්..!!! මහදැන මුත්තෙක්නේ මේ අපේ සූත්තර පුංචා...
සිංගප්පූරුවේ ඉන්න යාළුවට කියන්න ... හොරකම් කළ මුදල් වහාම එවන්න කියලා.
ඔබ මහ බැංකුව හොරකම් නොකළා නම් ඔය මිලියන 300 ඉතුරු කරගන්න තිබුණා.
ඔබ තමයි මේ පවට වග කියන්න ඕනෑ... බලය දුන්නාම හොර තක්කඩියත් එක්ක ගේම් ගහලා කුලල් කාගත්තා. අන්තිමට අල්ලපු හොරෙකුත් නැහැ හරියට ආණ්ඩුව ගෙනිච්චෙත් නැහැ. බැඳුම්කරෙන් UNPය නැත්තට නැති කරලා මොකද වුනේ? නැවත හොර රැල බලය ගත්තා. දැන් එනවා මෙතන බොරු බේගල් කියලා අායෙමත් මිනිස්සු රවට්ටන්න. ලැජ්ජාවක් තියෙනවා නම් නැවත දේශපාලනයට එන්න එපා...
ඔයා ගහපුවගෙන් දෙන්න...
දුන්නු වෙලාවේ කළ හැටි අපි දැක්කනේ.. දැන් ඉතින් අනුන්ගේ සීනි කිරනවා.
මගේ යාලුවෙක් ඉන්නවා සිංගප්පුරුවේ .මගුල් ගෙයකට ගිහිල්ලා ,එයාගෙන් ඉල්ලලා දෙන්න පුළුවන්
තමුන් ඇතුළු රට විනාශ කරපු හැමෝටම වෙන දේ ළඟදීම බලාගන්න පුළුවන්..
අනේද කියනනෙ
ඔබ පිටුපසින් කා වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් ද යන්න පලකරන අදහස් පරිශීලනය කළවිට මොනවට පැහැදිලි වෙමින් පවතී. ආණ්ඩුව බලය වෙනුවෙන්ම ඡන්ද බලාගෙනම තීරණ ගනිමින්, රට වෙනුවෙන් නිවැරදිම තීරණ නොගැනීමේ විපාක අද අපි භුක්ති විඳිමින් සිටිමු.. ප්‍රාන්ත ආණ්ඩු නොමැති කුඩාම රටක මෙවැනි අවස්ථාවක දේශපාලනමය නොවන කරුණක් පාලනය කරගැනීමටවත් නොහැකි පාලකයන් සිටීමෙන් සහ ඔවුන් කරන හරි වැරදි සියල්ලම අනුමත කරන රැල්ලක් සිටීමෙන්, දැනටමත් ආර්ථික හා සමාජමය වශයෙන් අන්තයටම පිරිහී තිබෙන අපේ රටේ අනාගතය, ගොඩ ගත නොහැකි තැනකට තල්ලු වීම කණගාටුවට කරුණකි. රටේ මහජන මුදල් අවභාවිතා කර සත්‍ය අසත්‍ය කර පෙන්විය හැකි දියුණු රහසිගත තාක්ෂණික මාධ්‍ය ක්‍රම යොදා ගනිමින් අසත්‍යයම සත්‍යය ලෙස පෙන්වමින් ලෝකයාටම ණය වෙමින් සමස්ථ රටවැසීයාම රවටමින් කරන මේ උප්පරවැට්ටි ආණ්ඩු ක්‍රමයේ කෙළවරින් කළු සල්ලි ප්‍රකෝටිපතියන් අතලොස්සක් සහ දුකින් පෙළෙන පීඩිත පන්තියක් සහිත රටක් මතුවීම නොවැළැක්විය හැකියි. එය රටේ සහ අපේ අවාසනාවකි. ඔබ ද එම තත්වයට වගකිව යුතු අයෙකි...