අක්කර 48ක රජයේ ඉඩමක් හොර ඔප්පුවකින් රුපියල් කෝටි පහකට බෙල්ජියම් ජාතිකයකුට විකිණීයැයි සැකපිට අත්අඩංගුවට ගත් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාපති ජගත් සමන්ත පෙරේරා ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය විසින් ලබන 29 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ගනුදෙනුව කොළඹ දී සිදුවී ඇති නිසා රහස් පොලිසිය ඔහු ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කළේය.
ඡායාරූප විශ්ව ගැමුණු ප්‍රියංකර
.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ තියෙන වටිනා කියන හැම තැනම විකුණාගෙන කන්නේ චීනයට යටත් විජිතයක් වෙලා ද ? (ස)
කුඩු අල්ලපු පොලිස් නිලධාරියා මරා දානවා. එස්.ටී.එෆ්. අය 150ක් මාරු කරනවා. මේක ද ප්‍රතිඵලය (ස)
වැරැද්ද කවුරු කළත් වැරැද්දමයි. ඊට දඩුවම් ලැබිය යුතුයි (නි)
පෙබරවාරි හතරවෙනිදා ලඟම එනවා, සුළු වැරදිවලට පොදු සමාව මේ පලා බබාට ලැබේවි, ජනාධිපති සමාව හැමෝටම ලැබෙන්නේ නැහැනේ! (අ)
නීති තිබුනට දඬුවම් ඇත්තේම නැත. (නදී)
මල්ලි ඔහොම යන්. හිරෙන් ආවට පස්සේ බැරි යැයි රටත් විකුනන්න.(නදී)
මේ කට්ටිය ඉතින් වැඩිපුරම ඉන්නේ හිරෙනේ. (නදී)
රටකට ගිය කලක්..! (නි)
සල්ලි ටිකක් විසි කරලා බේරෙයිද දන්නේ නැහැ.(නදී)
ලියපු කෙනා මොකද නොදන්නේ. සේරම දැනගෙනයි ලියන්නේ. උගත් මහත්වරුනේ ලියන්න. කෝටි පහකට ලැබෙන කොමිස් එක කීයක්ද කියලා හිතන්නකෝ.(නදී)
ලගදී එතනෝල්,මත් කුඩු,කොන්ටෙනර් ගණන් ගෙන්වූ ව්‍යාපාරිකයන්ගෙන් හෝ මෑතදී කුඩු කිලෝ අටක් සමග හසු වී පහසුවෙන් නිදහස් වූවන්ගෙන් වහාම උපදෙස් ගන්න.ලබන සතියේ දේශප්‍රේමී නම්බු නාමය සහිතව නිදහස් වීමට පුළුවන. (දී )
අද තමන් දේශප්‍රේමීන් යයි කියාගන්න බහුතරයක් දේශපාලන පක්ෂ සහ සංවිධාන හොර රහසේ කරන්නෙම දේශය විනාශ කිරීමයි.මේ දේශප්‍රේමීන්ගේ සබැ නිරුවත බුද්ධිමත්ව අවලෝකනය කලයුතුය.
මෙය සත්‍යය නම් රට ගැන ප්‍රවේශම් වියයුතුයි (නි)
අද රට පාලනය කරන සියයක් ගතහොත් අනුනමයක්ම ඉන්නේ හොරු (නි)
ඉස්සර කාලේ වගේ නොවෙයි, මේ කාලේ අපට ආඩම්බර වෙන්න පුළුවන් රට ගැන හිතන,මාතෘ භුමිය පිළිබදව නිතරම මතුරන,මේ මාතෘ භුමියේ එක බිම් අගලක්වත් විදේශිකයන්ට පාවා නොදෙන ,ජාතිහිතෛෂී,දේශමාමක,දේශප්‍රේමී දේශපාලන බලවතුන් කණ්ඩායමක් බිහිවී සිටින නිසා.පෙර මෙන් නොව ඔවුන් රටේ ගහ කොළ පමණක් නොව එක වැලි ඇටයක් හෝ විනාශ නොකර පරිසරය ආරක්ෂා කරනවා. (නි)
තව අවුරුද්දක් දෙකක් දිගින් දිගටම මෙලෙස සිදුවුවහොත් ලංකාව දකින්න ලැබෙන්නේ අලියා ගිලින ලද දිවුල් ගෙඩිය වගේයි.මතුපිට කටුව එලෙසම පවතී.ඇතුළත සියල්ල මංකොල්ල කා,විකුණා ,සුරා කා ,විනාශකර අවසන්ය.ප්‍රමාදය විනාශයට මුලයි. (නි)
ප්‍රාදේශීය සභා අයවැය පරදිනවා, සභාපතිවරු හිරේ යනවා, එල්ලුම් ගස් යනවා... එනපොට හොද නැහැ වගේ. (නි)
මේ දේශප්‍රේමින් එක්වෙලා ,රොක්වෙලා ඉන්නේ මොහුගේ නිදහස උදෙසාද? (නි)
අපරාධකාරයින් කුමන අයුරින් හෝ කොටු කරගත යුතුයි (නි)
අනේ මොහුගේ මුහුණ දිහා බැලුවිට මට නම් වැරදිකරුවෙක් වගේ පෙනෙන්නේ නැහැ. (නි)
මේ වගේ දක්ෂ මොළ රටේ දියුණුව පැත්තට යොමුවෙනවා නම් අනේ අපේ රට කොච්චර වාසනාවන්තද? (නි)
එයා විකුණලා තියෙන්නේ තමන්ගේම ඉඩමක් නෙමෙයිද එතකොට? (නි)
මේ වගේ එලියට නොඑන අපි නොදන්නා ඒවා කොපමණ මේ අය කරනවා ඇද්ද? (නදී)
ජගත් හරිම ජගතෙක් වගෙයි.ප්‍රාදේශීය සභාවේ ඉඳල කෝටි 5 හෙව්වා නම් පාර්ලිමේන්තු ගියානම් කෝටි කීයද? කොහොමද ටිකිරි මොලේ.අර නීතිඥ මහත්වරු තම දස්කම් පෙන්නා මෙයාව ඉක්මනින් නිදහස් කරගනු ඇත. පුදුමෙකුත් නැත. අනේ මෙහෙම මිනිස්සු (අ)
රටේ නීතිය තවමත් හොදින් ක්‍රියාත්මක බවට තවත් හොදම නිදසුනක් මේක. වැරදි කර හසුවුණු චෝදනා ඔප්පු උණු සියල්ලට අදිකරණය මගින් දඩුවම් ලබා දීල තියෙනවා. දඩුවම් ලැබෙමින් පවතිනවා. මුදල් මත සියල්ල තීරණය වන මුදල් මත දේශපාලන පැවැත්ම තීරණය වන 77 න් පසු ආපු මේ දේශපාලන රටාවේ ප්‍රාදේශීය දේශපාලනයේත් ජාතික දේශපාලනයේත් බල්ලන් මරා හෝ මුදල් සොයන දේශපාලුවන් බිහිවීම වලක්වන්න සක්කරයා ආවත් බැහැ. පක්ෂ විපක්ෂ ඔක්කොටම මේක එකයි. දේශපාලන බේදයක් එතන නැහැ. සුදු රෙදි ඇදගෙන සිල් ගන්න ඔතනට ගියත් මේ දේශපාලන දාරාවේ රැදිලා ඉන්න මුදල් ලබාගන්න කට්ටියට යම් ක්‍රමවේද අනුගමනය කරන්න වෙනවා. දේශපාලනය කියන්නේ තව දුරටත් මහජන සේවාවක් නෙමෙයි. 77න් පස්සේ ඒක බිස්නස් එකක් බවට පත් වෙලා තියෙන්නේ. විමුක්ති මහත්තයෝ ඔබ තුමා ඔතනට ගියත් මම ගියත් මොනවා හරි මාර්ග වලින් සල්ලි ටිකක් හොයාගන්න වෙනවා පාරම්පරික දණයක් නැත්නම්.බාගෙන කන්න පුළුවන් තැන් ඉහගෙන කන්න ගියාම තමයි මේ ප්‍රස්න ඇතිවෙන්නේ. විමුක්ති මහත්තයට ලබන අවුරුද්දේදි මේ දුෂිත ආණ්ඩුව එලවලා ඔයාගේ ඔය සීලවන්ත යෝ ටිකට බලය බාර දෙන්න පුළුවන්. හැබයි අනිත් මිනිස්සුත් කැමති නම් අරාබි වසන්ත ගේන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා. මොකද බල්ලෝ බළල්ලු වගේ පාරක් පාරක් ගානෙ මැරුම් කාපු විමුක්තිලව අපි දැක්ක වගේම ජීවිත ඉල්ලලා නගපු අදෝනාවත් අපි අහල තියෙන නිසා ආදරේට කියන්නේ.(නදී)
වැරදිකරුට නිසි දඩුවම් දියයුතුයි (නි)
එතකොට මේ ඔප්පුව ලියූ කෙනා දන්නේ නැද්ද මෙය හොර වැඩක් බව? (නි)
මම ඔර්ජිනල් බන්දුල. දැන් නම් මටත් පේනවා අපේ මිනිස්සු මේ සිංහ කොඩිය ඉඹ ,ඉඹ මුළු රටම විනාශ කරන හැටි. මෑත දී මහා පරිමාණ ,අපරාධ කරුවෝ කී දෙනෙක් නම් නිදහස් උනාද?ඒ විතරක් ද මිනී මරුවෝ කී දෙනෙක් නිදහස්ද?මෙහෙම ගියොත් අපේ ළමයෙකුට පස් ටිකක් වත් මේ දේශප්‍රේමියෝ ඉතුරු කරන්නැති වෙයි. බැකෝ වලින් වැලි ගොඩ දානවා, රජයේ ඉඩම් වල මැණික් හාරනවා ,වන රක්ෂිත බැකෝ වලින් එලි පෙහෙළි කර විකුණා ගන්නවා. ඒ රක්ෂිත වන සතුන්ට ඔවුන්ගේ වාස භුමි අහිමි වීමෙන් ඔවුන් ගම් වලට කඩා වැදී මිනිසුන් මරනවා. නිදන් ටික කොල්ල කනවා. මේ ඔක්කොම කරලා අපි රටට ආදරෙයි කියනවා. (නදී)
අනේ මොනවද මේ රටට වෙන්නේ? (නි)
සැලෙන්න එපා ඊ ළඟ මහා මැතිවරණෙට නාම යෝජනා බාරදෙන්න. දිනනවා ඒකාන්තයි. කැබිනට් ඇමති කමකුත් හම්බවෙනවා සිකුරුයි. ජයවේවා!(නදී)
සමාවෙන්න මගේ අදහස් වලට මම මේ අපරාධකරුවන්ට සුදු හුණු ගෑවේ මගේ පැවැත්ම වෙනුවෙන් විනා කරුණු හරි හැටි නොතේරෙන කමට නොවේ. මේ අපරාධ සාධාරණීය කරණය කරන්න ගොස් මේ ලගදී මගේ බිරිදගේ කොසු පාරකට ද මම ලක් වුනා. එය ප්‍රකාශ කරන්න මට ලජ්ජා නැහැ. මමත් පිලිගන්නවා රටේ අපරාධ දිනෙන් දින වර්ධනය වෙනවා කියා. නමුත් රට ගැන හිතන්න කලින් මම මගේ පැවැත්ම ගැන හිතන්න ඕනැනේ.(නදී)
වැඩේ ඇත්ත නම් මේ වගේ අයගේ තනතුරු නැති කරන්න පක්ෂයේ ලොක්කට පුළුවන් වෙන්න ඕනේ.(නදී)
"වැඩේ ඇත්ත නම් මේ වගේ අයගේ තනතුරු නැති කරන්න පක්ෂයේ ලොක්කට පුළුවන් වෙන්න ඕනේ." කලින් සිද්දි වලදී කී දෙනෙකුට තනතුරු නැතිවෙලා තිබෙනවද මේ සිරි ලංකාවේ. (නදී)
මේ කියන එක ඇත්ත. ඕනෙම ළදරුවෙකුට උනත් තේරෙනවා රට ගමන් කරන දිසාව. සිංහ කොඩිය ඉඹ,ඉඹ තමා මුළු රටම ඇස් ඉදිරිපිට විනාශ කරන්නේ. බැකෝ වලින් වන රක්ෂිත එලි කර වටිනා දව ටික විකුණා එම ඉඩම් ද අත්කරගැනීමෙන් අලින් ගම වලට කඩ වැදී ගැමියන්ගේ පැල්පත් ,භව භෝග විනාශ කර ජීවිත හානි ද සිදුකරනවා.බැකෝ වලින් වැලි ගොඩ දම ගංගා හාරා දැමීමෙන් දිය උල්පත් විනාශ කිරීම,ගැන වතුර උවදුරු ඇති වීම බහුල වෙලා. රටේ ඉපැරණි උරුමයන් විනාශ කර බැකෝ වලින් නිදහසේ නිධන් කොල්ල කෑමෙන් සංස්කෘතික උරුමය විනාශ කරනවා. මේ ඔක්කොම කර සිංහ කොඩිය ඉඹිමින් අපි රටට ආදරෙයි කියනවා. රටට ආදරෙයි කියන්නේ ඇත්තටම රටේ වස්තුව කොල්ල කා ඉක්මනින් පහසුවෙන් පොහොසත් වීමට බව නම් පැහැදිලියි. අපේ දරුවන්ට සුභ අනාගතයක්ම තමා. (නදී)
කළු සාරියක් ඇදන් ඉන්න කෙනා එයාගේ නෝනද? (නදී)
අද නියම කතාවක් කියල තියෙන්නේ අපේ අගමැතිතුමා දිවයින ත්තරේට, අර පොලිස් මහතුරු ටික (කොලඹ 7 බුරුපොල අල්ලපු) හරියට සේවය කලේ නැති නිසලු මාරු කලේ කියලා. (නදී)
වටේ ඉන්නේ කවුද? ඔය සම්බන්ධව මේ රටවල පසුගිය දිනවල කතා කලා. ඔය පලවෙනි එකත් අන්තිම එකත් නොවේ (නදී)
මේවා සහ ගහන අපරාද මහත්තයෝ ...වැහි නැති හෙන ඔලුවට පහත් වේවි ......(නදී)
දැන් හොරුන්ට හොරු හොරු කියන එක නවත්වල සභාපති කියල කියන්න කාලේ හරි ...හොරු කියනවට වඩා සභාපති කියන එක හොඳයි කියලයි මට හිතෙන්නේ ..(නදී)
මේ කියන එක ඇත්ත. ඕනෙම ළදරුවෙකුට උනත් තේරෙනවා රට ගමන් කරන දිසාව. සිංහ කොඩිය ඉඹ,ඉඹ තමා මුළු රටම ඇස් ඉදිරිපිට විනාශ කරන්නේ. බැකෝ වලින් වන රක්ෂිත එලි කර වටිනා දැව ටික විකුණා එම ඉඩම් ද අත්කරගැනීමෙන් අලින් ගම වලට කඩ වැදී ගැමියන්ගේ පැල්පත් ,භව භෝග විනාශ කර ජීවිත හානි ද සිදුකරනවා.බැකෝ වලින් වැලි ගොඩ දම ගංගා හාරා දැමීමෙන් දිය උල්පත් විනාශ කිරීම,ගැන වතුර උවදුරු ඇති වීම බහුල වෙලා. රටේ ඉපැරණි උරුමයන් විනාශ කර බැකෝ වලින් නිදහසේ නිධන් කොල්ල කෑමෙන් සංස්කෘතික උරුමය විනාශ කරනවා. මේ ඔක්කොම කර සිංහ කොඩිය ඉඹිමින් අපි රටට ආදරෙයි කියනවා. රටට ආදරෙයි කියන්නේ ඇත්තටම රටේ වස්තුව කොල්ල කා ඉක්මනින් පහසුවෙන් පොහොසත් වීමට බව නම් පැහැදිලියි. අපේ දරුවන්ට සුභ අනාගතයක්ම තමා.(නදී)
අපේ දරුවන්ට රටක් නම් ඉතිරි කරලා දෙන පිටක් නැහැ වගේ. ජෙනරාල් සරත් ෆොන්සේකාගේ වටිනාකම දිනෙන් දින ඉහල යනවා. ඉස්සර ජෙනරාල්ට බැන බැන හිටපු මගේ භාර්යාවත් සරත් ෆොන්සේකාගේ රැස්වීම් හොයනවා බලන්න යන්න. අපි කිව්වට වැඩක් නැහැ. එයාලහේ මොලේටම පැහැදිලි වෙන්න ඕනේ රට යන්නේ කොහෙටද කියලා?(නදී)
පළමුවත් රට,දෙවනුවත් රට, තෙවනුවත් රට කියල පපුවට තඩි බා ගත්තු නායකයෝ නේද රට පාලනය කරන්නේ?(නදී)
රටට,රටේ ගහ කොළට සතා සිව්පාවාට මේ තරම් විනාශයක් ගෙන දුන්නු කාල පරිච්ඡේදයක් මම මගේ අම්ම අප්පාගේ කාලෙදිවත් අහල දැකල නම් නැහැ.(නදී)
අර උපදෙස් ලබා ගන්න ඉල්ලීමක් කරලා නැද්ද තවම? (නි)
අර ගුරුවරිය දන ගස්වපු ප්‍රාදේශී්‍ය සභාපති නඩුවට ඇවිත් තේජාන්විතව ප්‍රාඩෝ එකෙන් බහින ෆොටෝ එකක් ලංකාවේ පුවත් පතක පල වෙලා තිබුනා . කියන්න තියෙන්නේ උන්ටම ගිය රටක් කියලා. බල්ලොන්ටම ගිය රටක් කියලා විතරයි. රටට වෙන විනාසය ගැනනම් හරිම දුකයි.(නදී)
තමන්ගේ රටේ වටිනාකම නොදන්නා අයි. (නදී)
ප්‍රාදේශීය සභාවේ සභපති අද ඔයදේ කරා නම් හෙට මෙයාට රට බාර දුන්නොත් රටත් විකුණලා තමයි පස්ස බලන්නේ.(නදී)
ඉඩම ලියපු නෝතරිස් මහතා කොහෙද ?ලංකාවේද (අ)
දෙස පාලකයා සතු සබැ යුතුකම නම් පාපකාරී ලෝකයක යුක්ති ගරුක බව පිටුවා ලිමයි (අ)
තිලක් ඩුබයි මහත්තය රෙදි නැතුව සුපර්මාකට් යන ගමන් අහිංසකව කඩේ යන අපිට බනිනවා....කෝකටත් ගැණු මනුස්සය පරිස්සම් කර ගන්න..එක වේලට 1500ක් වියදම් කරනවා කියන්නේ තෙල් කෑම වැඩියෙන් කැවෙනවා කියන එකනේ..(අ)
පිට රට රැකියා කරන අපට නිවාඩුවකට එන්න වෙලා තියෙන්නේ පිටරටකට ද ? (අ)