ශ්‍රී ලංකා යුද හමුදාව සංවිධානය කරන ‘ආරක්ෂක සමුළුව -2015‘ සැප්තැම්බර් 1 හා 2 දිනයන්හි විදේශීය නියෝජිතයන් හා රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු ආරාධිතයන් 350කගේ සහභාගීත්වයෙන් කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්වීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා අද (26) කොළඹ ඉංජිනේරු බළකා මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.
ඇෆ්ගනිස්ථාන හිටපු ජනපති හමීඩ් කර්සායි, ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී.බස්නායක සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා යන මහත්වරු සමාරම්භක දේශන පවත්වයි.
මෙවර සමුළුවේ සංවිධානය කටයුතු යුද හමුදා පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලය සිදුකරන අතර යුද හමුදා වෙබ් අඩවි ඔස්සේ සමුළුව සජීවීව විකාශය කිරීමටද කටයුතු යොදා ඇති බවත් යුද හමුදාපති පැවසීය.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සන්හිදියාව ගැනත් කතා කරමුද ? (ම)
යුද්ධ නැති නිසා සමුලුවලවත් වියදම් කරමු නේද.ඔය මුදල් හමුදා සෙබළුන් වෙනුවෙන් වියදම් කරන්න (හේ)