රත්මලාන කඳවල වෘත්තීය තාක්ෂණ පුහුණු විශ්ව විද්‍යාලයයේ ආරක්ෂක අංශයේ ස්ථානාධිපතිගේ පවුම් තුනක මාලයක් හා පෙන්ඩනයක් සොරකම් කළැයි එහි ආරක්ෂක අංශයේ දෙදෙනක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
දියණියට පරිගණකයක් මිලට ගැනීම සඳහා මෙම රන් බඩු උකස් කිරීමට ගෙනවුත් තිබියදී ඔහුගේ බෑගයෙන් සොරකම් කර ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂක ලොක්කා කියනකොට මාව හිරිවැටිලා ගියා. බැලින්නම් මේ පොඩ්ඩෙක්නේ. (ස)
අනික් ආරක්ෂක අංශවල වගේමයිනේ වැඩ සිද්ද වෙන්නේ. (නදී)
එකතරා දුක්බර කතාවක්. අහිංසක ආරක්ෂක නිලධාරියෙක්. කවුරු වුණත් ඔහුගේ රන් බඩු සොරකම් කිරීම ඉතාම නරකය. පවුලක් රැකීමට දුවගේ අවශ්‍ය දේවල් ගැනීමට ඔහු දරනා උත්සාහය අපට පෙනේ (නි)
ආරක්ෂක අංශයටත් වෙනම විශේෂ ආරක්ෂක පිරිසක් ඕන වෙලා වගේ (අ)
දුක හිතෙන කතාවක්. බලනකොට ලොක්කත් පොඩ්ඩත් දෙන්නම එකම ජීවන ගමනේ.මෙවැනි අරගල මහා බැංකුවේ වාර්තා වලට අහු වෙන්නේ නැහැ වගේ. ලොක්කෝ වගේ හිටියට අපි සමාජ තත්වය රකිනවා විතරයි.ගෙදරට මරගාතේ. (ස)
පිට වැඩකට බහින්න කලින් තමුන්ගේම බොස්ගෙන් වැඩ පටන්ගෙන වගෙ (දී)
ඇයි ධම්ම කලබලවුනේ?බ යවෙන්න එපා, අර ලොකු එක්කෙනාගේ බඩු එහෙම නැතිවෙන්නේ නැහැ. එහෙම වුනොත් නම් මරණීය දඩුවම තමයි. (නදී)
රුක් දෙවියෙකුට එළුවෙක් බිලිදෙන්න ගෙනාපු මහලු බමුණෙක්ව රවට්ටලා හොරෙක් ඒ එළුවාව රැගෙන ගිහිල්ලා මරාගෙන කාපු නිසා ඒ බමුණා ඇහුවලු " බොල දෙයියනේ, උඹට පූජා කරන්න ගෙනාපු එළුවාව රැක ගන්න උඹට බැරි වුනා නම් උඹ කොහොමද මාව රකින්නේ කියා (නි)
ධම්ම,මාවත් හීතල වෙලා ගියා ආරක්ෂක ලොක්කා කිව්වම (නි)
බොස්ටම වැඩක් දීලා!!අම්බානට ගහන්න තියෙන්නේ. (ස)
ආරක්ෂක ලොක්කට ඔහුගේ බඩු රැක ගැනිමට වෙනම ආරක්ෂක මණ්ඩලයක් තිය ගන්න වෙනවා . මොකද ඔහු ළඟ වැඩ කරන ආරක්ෂක නිලදාරීන් හොරු නිසා .මොවුන් ආරක්ෂක නිලධාරීන් කියා කියන්නත් ලජ්ජයි . අනික උගස් කරන්න ගෙනාපු බඩු . ආරක්ෂක ලොක්ක ගෙන් දුක හිතෙනවා . ඔහුගේ දියණිය වෙනුවෙන් කරන උදව් වලට (අ)
ලංකාවේ මිනිසුන්ගේ ජීවන අරගලය සහ සමාජ පරිහානිය පෙන්නුම් කරන උදාහරණයක්.(නදී)