IMG-LOGO

’’ආර්.එම්.වී’’ කෝටි 30 ක් වතුරේ යවලා

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් රුපියල් කෝටි තිහකට වැඩි බදු  ආදායමක් අහිමිවී ගොස් ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මේ අතර නිත්‍යානුකූල නොවන ආකාරයට මෙරටට ආනයනය කරන ලද හෝ මෙරට එකලස් කරන ලද වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වංචනික ලෙස ලියාපදිංචි කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවට අය කර ගත හැකිව තිබූ රුපියල් කෝටි 12කට වැඩි වටිනා ආදායමක්ද  වංචනිකව අවභාවිත කර ඇතැයි නිරීක්ෂණය වන බව එම වාර්තාවේ දැක්වේ.
මෝටර් රථ සජ්ජිත කරන මුවාවෙන්  නීති විරෝධීව ආනයනය කෙරුණු වාහන 27 ක් ලියාපදිංචි කිරීමේ සිද්ධියක් පිළිබඳවද තොරතුරු  අනාවරණයවී යැයි  ජාතික විගණන කාර්යාලය පවසයි.

පෙට්‍රල් මෝටර් රථයක් ඩීසල් මෝටර් රථයක් බවට පරිවර්තනය කිරීමේදී මෝටර් රථ ලියාපදිංචි අංකය පද්ධතියෙන් ඉවත් කළයුතු වුවත් අවස්ථා 130කදී පරිවර්තිත වාහනවල ලියාපදිංචි අංක දත්ත පද්ධතියෙන් ඉවත් කර නොතිබූ බව පවසන එම කාර්යාලය එන්ජින් අංකය සහ චැසි අංක යන දෙකම එකම අංකය ලෙස පරිගණක පද්ධතියට ඇතුළත්  කර වාහන තුනක් අනීතිකව ලියාපදිංචි කර තිබූ බවද සඳහන් කළේය.

තවද දීර්ඝ කාලයක් තිස්සේ ආදායම් බලපත්‍ර නිකුත් කර ඇති ලියාපදිංචි යතුරුපැදි  99 ක චැසි අංක සහ එන්ජින් අංක වෙනස් කර වංචනිකව ආනයනය කරන ලද යතුරු පැදිවල එන්ජින් අංක සහ චැසි අංක ඇතුළත් කර පැරණි දන්ත දත්ත පද්ධතියෙන් මකා දැමීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම්  නිලධාරීන් කටයුතු කර තිබූ බව  විගණන වාර්තාවේ දැක්වේ.

 

 



අදහස් (4)

’’ආර්.එම්.වී’’ කෝටි 30 ක් වතුරේ යවලා

ravin Monday, 11 September 2023 09:57 AM

තරාතිරම නොබලා සීඝ්‍රගාමී විමර්ෂණයකින් හා අධිකරණ ක්‍රියාවලියකින් පසු මෙවැනි ක්‍රියාවන්ට සම්බන්ධ නිලධාරීන්ට චන්චල, නිශ්චල දේපළ රාජසන්තක කොට සිර දඬුවම් පැමිණවීමෙන් පමණක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට වඩා වැඩි ප්‍රතිඵල ලබාගත හැකිවේවි...

:       0       8

පැරකුම් Monday, 11 September 2023 10:50 AM

වැඩක් නෑ මේ ඔක්කොම වැඩ බැරි ටාසන්ලා මෙචිචර කාලෙකට කියවනව විතරයි කෙරුවාවක් නෑ

:       0       7

විපරමා Monday, 11 September 2023 02:06 PM

ඔතන කා.ක.ස පටන් ගැහැණු, පිරිමි වෙනසක් නැතුව සමහර ඉහළ නිලධාරීන් දක්වාම ඉන්නේ දූෂිතයෝ මෝටර් රථ පරීක්ෂකවරු ගැණත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       0       4

සෙනෙවිරත්න Monday, 11 September 2023 06:34 PM

අපේ ගමේ මේසන් බාස් කෙනෙකුත් පදිනවා ඔය කියන හොර වාහන, මිනිහා ඒක ගත්තේ දවසේ පඩි එකතු කරලා, අනේ ඉතිං සාමාන්‍ය මිනිස්සුන්⁣ගේ වැඩනේ ඕවා, ඕකේ වැඩකරන අයගේ වත්කම් හොයලා බැලුවානම් හොරු අල්ලගන්න තිබුණා. නමුත් සේරම හොරු කොට එහෙම වෙන්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 80 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 785 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site