(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් රුපියල් කෝටි තිහකට වැඩි බදු ආදායමක් අහිමිවී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මේ අතර නිත්‍යානුකූල නොවන ආකාරයට මෙරටට ආනයනය කරන ලද හෝ මෙරට එකලස් කරන ලද වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වංචනික ලෙස ලියාපදිංචි කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවට අය කර ගත හැකිව තිබූ රුපියල් කෝටි 12කට වැඩි වටිනා ආදායමක්ද වංචනිකව අවභාවිත කර ඇතැයි නිරීක්ෂණය වන බව එම වාර්තාවේ දැක්වේ.
මෝටර් රථ සජ්ජිත කරන මුවාවෙන් නීති විරෝධීව ආනයනය කෙරුණු වාහන 27 ක් ලියාපදිංචි කිරීමේ සිද්ධියක් පිළිබඳවද තොරතුරු අනාවරණයවී යැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
පෙට්‍රල් මෝටර් රථයක් ඩීසල් මෝටර් රථයක් බවට පරිවර්තනය කිරීමේදී මෝටර් රථ ලියාපදිංචි අංකය පද්ධතියෙන් ඉවත් කළයුතු වුවත් අවස්ථා 130කදී පරිවර්තිත වාහනවල ලියාපදිංචි අංක දත්ත පද්ධතියෙන් ඉවත් කර නොතිබූ බව පවසන එම කාර්යාලය එන්ජින් අංකය සහ චැසි අංක යන දෙකම එකම අංකය ලෙස පරිගණක පද්ධතියට ඇතුළත් කර වාහන තුනක් අනීතිකව ලියාපදිංචි කර තිබූ බවද සඳහන් කළේය.
තවද දීර්ඝ කාලයක් තිස්සේ ආදායම් බලපත්‍ර නිකුත් කර ඇති ලියාපදිංචි යතුරුපැදි 99 ක චැසි අංක සහ එන්ජින් අංක වෙනස් කර වංචනිකව ආනයනය කරන ලද යතුරු පැදිවල එන්ජින් අංක සහ චැසි අංක ඇතුළත් කර පැරණි දන්ත දත්ත පද්ධතියෙන් මකා දැමීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් කටයුතු කර තිබූ බව විගණන වාර්තාවේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරාතිරම නොබලා සීඝ්‍රගාමී විමර්ෂණයකින් හා අධිකරණ ක්‍රියාවලියකින් පසු මෙවැනි ක්‍රියාවන්ට සම්බන්ධ නිලධාරීන්ට චන්චල, නිශ්චල දේපළ රාජසන්තක කොට සිර දඬුවම් පැමිණවීමෙන් පමණක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට වඩා වැඩි ප්‍රතිඵල ලබාගත හැකිවේවි...
වැඩක් නෑ මේ ඔක්කොම වැඩ බැරි ටාසන්ලා මෙචිචර කාලෙකට කියවනව විතරයි කෙරුවාවක් නෑ
ඔතන කා.ක.ස පටන් ගැහැණු, පිරිමි වෙනසක් නැතුව සමහර ඉහළ නිලධාරීන් දක්වාම ඉන්නේ දූෂිතයෝ මෝටර් රථ පරීක්ෂකවරු ගැණත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
අපේ ගමේ මේසන් බාස් කෙනෙකුත් පදිනවා ඔය කියන හොර වාහන, මිනිහා ඒක ගත්තේ දවසේ පඩි එකතු කරලා, අනේ ඉතිං සාමාන්‍ය මිනිස්සුන්ගේ වැඩනේ ඕවා, ඕකේ වැඩකරන අයගේ වත්කම් හොයලා බැලුවානම් හොරු අල්ලගන්න තිබුණා. නමුත් සේරම හොරු කොට එහෙම වෙන්නේ නැහැ...