
(අංජුල මහික වීරරත්න)
ආයුර්වේද පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආයුර්වේද, සිද්ධ, යුනානි, දේශීය චිකිත්සා යන වෛද්ය ක්රමවලින් සමන්විත ශ්රී ලංකාවේ දේශීය වෛද්ය ක්ෂේත්රය නියාමනය, සංවර්ධනය හා පාලනය, 1961 අංක 31 දරන ආයුර්වේද පනතේ විධිවිධාන අනුව සිදු කෙරේ. අදාළ පනත සඳහා අවශ්යතාව අනුව වරින්වර සංශෝධන සිදු කර ඇති නමුත්, දේශීය වෛද්ය ක්ෂේත්රයේ සියලු කාර්යයන් ඵලදායී ආකාරයෙන් කාර්යක්ෂමව පවත්වා ගෙන යාම, එම ක්ෂේත්රයේ නියාමන කාර්යය වඩාත් විධිමත් කිරීම, දේශීය ඖෂධ වර්ග අපනයනයට අදාළ බලපත්ර ලබා දීමට කටයුතු කිරීම, දේශීය වෛද්ය ක්ෂේත්රයේ ප්රගතිය හා තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකි වන පරිදි කාලීන වශයෙන් යෝග්ය සංශෝධන හඳුන්වා දෙමින් ආයුර්වේද පනත තවදුරටත් සංශෝධනය කිරීමේ අවශ්යතාව මේ වන විට හඳුනා ගනු ලැබ තිබේ.
එකී කරුණු මත පදනම්ව, 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd